අමානා බැංකුව LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler’ සම්මානයෙන් පිදුම් ලබයි

Technovation Awrad (LBN)

අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

 



 

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “නවෝත්පාදන සහ නවීන තාක්ෂණය ඔස්සේ මූල්‍ය අන්තර්කරණය තහවුරු කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දරන ලද ප්‍රයත්නයන් වෙනුවෙන් නැවත වරක් මෙලෙස LankaPay Technnovation සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. මේ වනවිට අප රට පුරා ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 29 ක් ස්ථාපිත කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන මගින් විශේෂයෙන්ම ඈත පළාත්වල ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අපට හැකි වුණා. ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුව අපගේ සේවාවන් වැඩිදියුණු කරමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා යන ගමනේ පෙරමුණ ගැනීමට අප කැප වී සිටිනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව