Sun Siyam Pasikudah මව්පිය සෙනෙහස අහිමි අලි පැටවෙකුගේ රැකවරණය වෙනුවෙන් CarePhant නමින් නව ව්‍යාපෘතියක් අරඹයි

1- Sun Siyam team (LBN)

Sun Siyam Resorts සමූහයට අයත් Sun Siyam Pasikudah හෝටලය විසින්  උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින කාලෝ නමැති අලි පැටවා රැකබලාගැනීම සඳහා CarePhant නමින් නව ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී.

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් Sun Siyam Pasikudah හෝටලය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වීම සහ වගකීම් සහගත සංචාරක කර්මාන්තය භාවිතාවන් අනුගමනය කිරීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව වනාන්තර ආසන්න ප්‍රදේශයක පිහිටි අත්හැර දමන ලද ළිඳකට වැටී සිටියදී මුදාගන්නා ලද කාලෝ අලි පැටවාට අවශ්‍ය සියලු රැකවරණ පහසුකම් සැලසීමට මෙම ව්‍යාපෘතිය යටතේ Sun Siyam Pasikudah කටයුතු කරයි.

 



 

ඉකුත් මාර්තු 23 වැනිදා උඩවලව ඇත් අතුරු සෙවණට එක්වුණූ එවකට මාස අටක් පමණ වයසැති කාලෝ එතැන් පටන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ හැදී වැඩේ.

ඉකුත් මැයි අට වැනිදා සිට Sun Siyam Pasikudah හෝටලය කාලෝ අලි පැටවාගේ රැකවරණය වෙනුවෙන් සම්පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ අතර, කාලෝ නැවත ආරක්ෂිතව වනාන්තරගත වන තුරු එම අනුග්‍රහය හිමිවනු ඇත. ව්‍යාපෘතිය යටතේ අලි පැටවාගේ රැකවරණය වෙනුවෙන් මාසිකව රුපියල් 65,000ක (අමෙරිකානු ඩොලර් 200) මුදලක් වැයවන අතර ඒ සඳහා  Sun Siyam Care අරමුදල දායකත්වය සපයයි. CarePhant ව්‍යාපෘතිය යටතේ කාලෝ අලි පැටවාගේ මුදාගැනීමේ ක්‍රියාවලියේ සිට ඇත් අතුරු සෙවණට ගෙනඒම දක්වා විවිධ අවස්ථා මෙන්ම, වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ඇත් අතුරු සෙවණ සිදුකරන විශිෂ්ට කාර්යභාරය එහි පැමිණෙන මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද  පියවර ගෙන ති‍බේ.

″CarePhant ව්‍යාපෘතිය දියත් කරමින් කාලෝගේ සුබසිද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. වනජීවී සංරක්ෂණය සහ ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයක් ආරක්ෂා කිරීමට අප සතු කැපවීම සහ වගවීම මෙම ව්‍යාපෘතිය මගින් පිළිබිඹු වෙනවා″, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

″මෙම CarePhant ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ඉලක්ක අංක 15 වන ගොඩබිම සිටින ජීවීන්ගේ ආරක්ෂාව සමඟ හොඳින් සමපාත වෙනවා. ඒ අනුව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට Sun Siyam Pasikudah හෝටලයේ කැපවීමත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරයට දක්වන සහායත් ඉන් පෙන්නුම් කෙරෙනවා. මේ හරහා වනජීවී සංරක්ෂණයේ වැදගත්කම සහ අපගේ ස්වභාවික උරුමයන් රැකගැනීම වෙනුවෙන් අපි සියලු දෙනා සතු කාර්යභාරය පිළිබඳව අපගේ පාරිභෝගිකයින් වගේම පොදු ජනතාවත් දැනුවත් කිරීම අපේ අරමුණයි″, යනුවෙන් Sun Siyam Resorts හි තිරසර ව්‍යාපෘති කළමනාකරු උපුල් කුමාර මහතා විස්තර කළේය.
CarePhant ව්‍යාපෘතිය යනු Sun Siyam Cares වැඩසටහන යටතේ සමූහය දියත් කරන පුළුල් තිරසර ව්‍යාපෘතිවල පිළිබිඹුවකි. Sun Siyam Cares ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි Sun Siyam හෝටල් පරිශ්‍ර ආශ්‍රිත පාරිසරික බලපෑම් අවම කිරීම, ප්‍රජා සංවර්ධනය සහ දේශීය උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටියි.

Sun Siyam Cares වැඩසටහන සහ එහි තිරසර ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.sunsiyam.com/sun-siyam-cares/ වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව