බස්නාහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

Capture 3

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි මස 15 වැනිදා සිට 21 දක්වා ලුම්බිණි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.

 



 

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග,  විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ තරග අංශයට බාලක බාලිකා ඒකල සහ  යුගල තරග ඇතුළත් වන අතර, ජ්‍යෙෂ්ඨ තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල  සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වේ. කාන්තා හා පිරිමි යුගල හා මිශ්‍ර යුගල තරග අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩයට ඇතුළත්ය. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත තරග අංශයට ඇතුළත් වන අතර, පළඟ තරග අංශයට ඒකල තරග ඇතුළත්ය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් බෙදා දෙන සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වේ.

සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කිරීම https://app.srilankabadminton.lk/#/public/home වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකි අතර, ඒ සම්බන්ධව සියලු විමසීම් +94 74 012 1846 දුරකතන අංකයෙන් (හිමාෂ) හෝ  +94 77 185 1839 දුරකතන අංකයෙන් (අකිල) දැනගත හැකි බව  සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව