IFC, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ්හි රුපියල් මිලියන 3,270ක් දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි

Pic 01 (LBN)

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය.

දිනෙන් දින ඉහළ පවතින මෙරට සෟඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් සන්ෂයින්හි කැපවීම තව තවත් දිරි ගන්වන මෙම ආයෝජනය රට පුරා සෞඛ්‍ය සේවාවන් බෙදා හැරීම ඉහළ නැංවීම සඳහා සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ආයෝජන ව්‍යාපෘති වලටද සුවිසල් ශක්තියක් වනු ඇත. එහි එක් පියවරක් ලෙස සන්ෂයින් ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing හි වාර්ෂික නිෂ්පාදනය Metered-Dose Inhalers (MDIs) 750,000 සිට ඒකක මිලියන 3ක් දක්වා වැඩි කිරීමට මෙන්ම DPI කරල් (Capsule) නිෂ්පාදන ඉහළ නැංවීමටද නියමිතව ඇත.

 



 

මෙහිදී රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය උපාංග අංශය තුළ මෙන්ම කේන්ද්‍රීය සැපයුම් පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඖෂධ බෙදා හැරීමේ අංශය තුළද ආයෝජනය කරනු ඇත. Healthguard Pharmacy ආයෝජනය කිරීමට කටයුතු කරනු ඇත්තේ සිල්ලර හා ඔන්ලයින් වෙළෙඳපොල නඟා සිටුවීම වෙනුවෙනි. මේ තුළින් සන්ෂයින් හෝල්ඩිංග්ස්හි වර්ධනය මෙන්ම ් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතීන් ශක්තිමත් කිරීම කිරීම IFC හි අපේක්ෂාවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී එල් සී ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා “ශ්‍රී ලාංකිකයින් වෙත හොඳම දේ ලබා දීමේ අපගේ අරමුණ සමඟ මනාව ගැළපෙන සහයෝගීතාවක් වෙනුවෙන් IFC සමඟ ගිවිසුමකට එළඹීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. සන්ෂයින් හෝල්ඩිංග්ස් සතු හැකියාවන් පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට මෙම ආයෝජනය තුළින් හැකියාව උදා වනවා. එසේම ශ්‍රී ලංකාව පුරා ජනතාවට සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සලසා ගැනීම හා නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම සඳහා වන අපගේ ප්‍රයත්නයන් තව දුරටත් ශක්තිමත් කිරීමටද මේ තුළින් හැකියාව උදා වන බව සඳහන් කළ හැකියි. IFC සහයෝගය සමඟින් Lina Manufacturing නිෂ්පාදනයන්හි සිට රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නැංවීම දක්වා මෙන්ම බෙදාහැරීමේ ජාලය හා අලෙවිසැල් වර්ධනය වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩිංග්ස්හි මෙහෙයුම් සැලකිය යුතු ආකාරයෙන් ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

IFC හි ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා මෙහිදී සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව පුරා තිරසාර සැපයුම්දාමයන් ශක්තිමත් කිරීම හා තිරසාර බෙදා හැරීම් ජාලයක් නිර්මාණය කිරීම සඳහා සන්ෂයින් හෙල්ත්කෙයාර්හි ආයෝජනය කිරීමට IFC කටයුතු කරනවා. සෞඛ්‍ය ආරක්ෂණයට හේතු වන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගුණාත්මක, නව්‍ය විසඳුම් සපුරා ගැනීමේ අවස්ථාව සළසා දීම තුළින් එම අංශයේ මනා සංවර්ධනයක් වෙනුවෙන් පදනමක් නිර්මාණය කළ හැකි යැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආයෝජන උපදේශක ලෙස Asia Securities කටයුතු කරන අතර එහි නීති උපදේශක ලෙස කටයුතු කරනුයේ DLF De Saram විසිනි. උපාය මාර්ග ප්‍රධානී හිරාන් සමරසිංහ, සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී අරුණ දීප්ති කුමාර සහ සමූහ නීති උපදේශිකා රොෂානි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් විසින්  අභ්‍යන්තර කණ්ඩායම මෙහෙයවන ලදී.

පර්යේෂණ හා සංවර්ධන සහ ඖෂධ නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා වෙත සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන අලෙවිය සිදු කරන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ශ්‍රී ලංකාව පුරා සියලු සෞඛ්‍ය සේවා නිෂ්පාදන බෙදා හැරීම ඇතුළු සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සමාගමයි. ඊට Sunshine Pharmaceuticals, Sunshine Medical Devices, හෙල්ත්ගාර්ඩ් ෆාමසි, ලීනා මැනුෆැක්චරින් සහ Healthguard Distribution යන ආයතන අයත් වේ. 1967 වසරේදී ආරම්භ කරන ලද සමාගම ජාත්‍යන්තර සුව සේවා නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදන ශ්‍රී ලාංකේය රෝගීන් වෙත ලබා දීම සඳහා තෝරාගත් හවුල්කරුවකු ලෙස කටයුතු කරයි. අද වන විට MDI සහ DPI යන අංශ දෙකෙහිම ශ්‍රී ලංකා රජය වෙත මූලික සැපයුම් සිදු කරන සැපයුම්කරුවන සන්ෂයින් හෙල්ත්කෙයාර් ශ්වසන ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම සඳහා ද අවධානය යොමු කර ඇත.

ලෝක බැංකුවේ සාමාජිකයකු වන IFC යනු දියුණු වෙමින් පවතින වෙළෙඳපොල තුළ පුද්ගලික අංශය වෙත වැඩි අවධානයක් යොමු කරන විශාලතම ගෝලීය සංවර්ධන ආයතනයයි. මේ වන විට රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයක සිය මෙහෙයුම් දියත් කර ඇති IFC සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොල සහ අවස්ථාවන් ගොඩනැගීම සඳහා සිය ප්‍රාග්ධන, විශේෂඥතා මෙන්ම බලපෑම් හැකියාවන් භාවිත කරනු ලබයි. 2023 මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 43.7ක වාර්තාගත මුදලක් සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික සමාගම් හා මූල්‍ය ආයතන වෙත ලබා දීමට කටයුතු කර ඇති ඔවුන් ගෝලීය අර්බුදයන් හා ආර්ථික බලපෑම්වලින් පීඩාවට පත්ව ඇති රටවල පුද්ගලික ආයතනයන් සමඟ එක් වෙමින් එම ආයතන දිරි ගැන්වීමට කටයුතු කරනු ලබයි. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා www.ifc.org  වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව