
American Premium Water Systems යනු දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය සපයමින්, මෙරට බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. එම සමාගම මෙවර ලෝක ජල දිනය නිමිත්තෙන් අර්ථවත් ප්‍රජා සත්කාරයක් උදෙසා OrphanCare සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හවුල්කාරීත්වය යටතේ American Premium සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම ලීටර් 19 ජල බෝතලයකම වටිනාකමින් කොටසක් OrphanCare භාරය වෙත බැර වේ.
වෙනස් කොට වෙනම සැලකීම පිටුදකිමින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය තුළින් පන්නරය ලද OrphanCare ස්වාධීන භාරය, 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සිය වයස අවුරුදු 18 සම්පූර්ණ වී තමන් හැදී වැඩුන ළමා නිවාසවල රැකවරණයෙන් නික්ම ගොස් වැඩිහිටියන් ලෙස සමාජගත වන අවස්ථාවේදී ඔවුන්ට සවිමත් අත්වැලක් ලබාදීම අරමුණු කරගෙනය.
“American Water යනු හුදෙක් නැවුම් හා පිරිසිදු ජලය සැපයීමෙන් නොනැවතී, සමාජයේ සෑම විටකම වෙනසක් ඇති කිරීමට කැපවුණු සමාගමකි. ඒ අනුව OrphanCare භාරය සමග මෙලෙස අප අත්වැල් බැඳගැනීම මගින් අප උත්සාහ කරන්නේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසුව දෙවැනි වරටත් සමාජයෙන් අත්හැර දමනු ලැබීමේ අවදානම අවම කිරීමටයි. එම නිසා American Water නිෂ්පාදන තෝරාගැනීම යනු රටේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා දායක වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. එය පිටතට සරල නමුත් සමාජය තුළ විශාල බලපෑමක් ඇතිකළ හැකි සත්කාරයකි. අප විසින් බෙදා හරින සෑම ජල බිඳුවක් පාසා සමාජය තුළ සුභදායී වෙනසක ඇරඹුමක් සිදු වනු ඇති බව අපට නොඅනුමානයි. ”American Premium Water Systems හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. එච්. එම්. ෆසාල් මහතා පැවසී ය.
“OrphanCare හි මෙහෙවර වන්නේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය වඩා යහපත් අතට හැරවීම සඳහා අවශ්‍ය සහය හා සම්පත් ඔවුන් වෙත ලගාකර දීමයි. එකී මෙහෙවර උදෙසා හවුල්කරුවෙකු වශයෙන් අප සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව අප American Premium Water Systems සමාගමට ස්තූතිවන්ත වනවා. මෙමගින් අපගේ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, රැකවරණය අහිමි සෑම දරුවෙකුටම තම අනාගත අරමුණු කරා ළගා වීමට අවශ්‍ය පිටුබලය ලබාදීමට අපට හැකි වේවි.” OrphanCare ප්‍රධානී අසාඩ් සහීඩ් මහතා පැවසී ය.
අමානා බැංකුව නිර්මාතෘ-අනුග්‍රාහකයෙකු වශයෙන් කටයුතු කරමින් ආරම්භ කරන ලද OrphanCare භාරයෙහි ඉලක්කය වන්නේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සමාජයේදී නැවත වරක් අසරණ වීමේ ඉඩකඩ අවම කරමින්, ඔවුන්ට සාර්ථක පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. මෙම භාරයෙහි සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් අමානා බැංකුව මගින් දරනු ලබන නිසා, පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම මුදල් අදාළ ප්‍රතිලාභීන් වෙත හිමි වේ.
OrphanCare පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ OrphanCare සමග අත්වැල් බැඳගත හැකි ආකාරය පිළිබඳව දැනගැනීමට www.orphancare.org වෙත පිවිසෙන්න. නැතිනම් 011 775 6 775 අමතන්න.
සමාජ සේවාවන් සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් හා පළපුරුද්දක් සහිත ප්‍රවීණයෝ පිරිසක් OrphanCare හි පරිපාලනය භාරව කටයුතු කරති. එම ප්‍රවීණයන් වන්නේ සභාපති රුස්ලි හුසේන් (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), ඔස්මාන් කාසිම් (අමානා බැංකුවේ නිර්මාතෘ සහ හිටපු සභාපති), ආර්. රවීන්ද්‍රන් (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), ජැස්රි මැග්ඩන් ඉස්මායිල් (AAT හි හිටපු සභාපති), ශරද් අමලියන් (MAS හෝල්ඩින්ග්ස් සමාගමේ නිර්මාතෘ), තයිබ් අක්බරලි (Akbar Brothers හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ), හර්ෂ අමරසේකර (ජනාධිපති නීතීඥ), දේශබන්දු තිලක් ද සොයිසා (Helpage Sri Lanka සභාපති) සහ මොහොමඩ් අස්මීර් (අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්වරුන් ය. ‘OrphanCare’ වැඩසටහනේ විශ්වාසනීයත්වය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා එහි භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක් ස්ථාපිත කර තිබේ.