HNB Finance “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවේ” තවත් අදියර දෙකක් අම්බලන්තොට සහ තිස්සමහාරාමයේදී

HNBF financial literacy

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් සනිටුහන් කරමින් මෙම වසරේ පැවති පළමු වැඩසටහන් ද්විත්වය පසුගියදා අම්බලන්තොට  සහ  තිස්සමහාරාමයේදී  පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන මගින් පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම දිවයිනේ විවිධ පළාත්වල සංවිධානය කරන ලද වැඩසටහන් මගින් දහසකට අධික ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවාලීමට සමාගමට හැකි විය.

 



 

HNB Finance හි නිපුණතා සංවර්ධන අංශ ප්‍රධානී අනුර උඩවත්ත මහතා විසින් මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව මෙහෙයවන ලද අතර මෙහිදී ව්‍යාපාරයන්හි ගිණුම් පවත්වාගෙන යෑම, ණය කළමනාකරණය, ලාභයෙන් කොටසක් ප්‍රතිආයෝජනය කිරීම, ව්‍යාපාරයේ පිරිවැය කළමනාකරණය හා නව ව්‍යාපාරික අවස්ථා සොයා යාම ආදී අංශයන් පිළිබඳව ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් දැනුවත් කරන අතර පසුගියදා පැවති වැඩසටහන් ද්විත්වය සඳහා ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ ව්‍යවසායකයින් අතුරින් වඩාත්ම නිර්මාණාත්මක අදහස් 10 තෝරා ගනිමින් එම අදහස් සඳහා ත්‍යාග හිමිකර දීමට ද HNB Finance සමාගම කටයුතු කරන ලදි. මෙයට අමතරව සමාගම විසින් නිර්මාණය කළ“දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතා” අත්‍පොත මෙහි පැමිණි සියලු ව්‍යවසායකයින්ට ලබා දීම සිදු කෙරිණ.

HNB Finance PLC විසින් දිගුකාලීනව සිදු කරනු ලබන මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන පිළිබඳව HNB Finance හි කළමනාකර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “මූල්‍ය සාක්ෂරතාව ඕනෑම ව්‍යාපාරයක මූලික විනයයි. මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිව ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්නට නොහැකියි. මේ තත්වය තේරුම් ගනිමින් විශේෂයෙන්ම ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම වැඩි දායකත්වයක් දක්වා තිබෙන අතර මෙම වැඩසටහනේ පළමු අදියරෙහි සිට මේ දක්වා ඉතාම ක්‍රමානුකූලව ව්‍යාවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබා දීමට අපට හැකි වී තිබෙනවා” යනුවෙන් පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව