මාර්තු මාසයේ වෝග් ජුවලර්ස් ගෙනෙන සුවිශේෂී දීමනා අත්විඳින්න: ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටුකරන්න.

84
  • Old Gold ප්‍රවර්ධන වැඩසටහනට නැවතත්
  • දියමන්ති සහ මැණික් සඳහා වැඩ කුලිය නොමිලේ

වෝග් ජුවලර්ස් සුපුරුදු පරිදි සිය පාරිභෝගිකයන්ට වසර පුරාම සුවිශේෂී ත්‍යාග සහ දීමනා පිරිනැමීමට සූදානමින් සිටී. ඒ සඳහා දියත් කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලට අමතරව, තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (Women’s Development Centre) සමග අත්වැල් බැඳගැනීමටද වෝග් ජුවලර්ස් පසුගියදා පියවර ගත්තේ ය. අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ට අයත් සහ ආබාධ සහිත කාන්තාවන්ට සමාජයීය හා මූල්‍යමය වශයෙන් වඩාත් ස්වාධීන ලෙස කටයුතු කිරීම සඳහා අත්වැලක් වීම මෙහි අරමුණයි.

මෙම මාසයේ ක්‍රියාවට නැංවෙන ප්‍රවර්ධන වැඩසටහන් යටතේ, මාර්තු 04 දින සිට මාර්තු 10 දින දක්වා දියමන්ති සහ මැණික් වෙනුවෙන් වැඩ කුලිය අය නොකිරීමට වෝග් ජුවලර්ස් තීරණය කර තිබේ. මෙය පාරිභෝගිකයන්ට සැලකිය යුතු ඉතිරියක් හිමි වන දීමනාවකි. එමෙන්ම Old Gold (OG)  ප්‍රවර්ධන වැඩසටහනද නැවත ආරම්භ කර ඇති අතර, එය මාර්තු 18 දින සිට මාර්තු 30 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත. මෙම දීමනාව යටතේ පාරිභෝගිකයන්ට තම පැරණි රන් භාණ්ඩ භාර දී විශේෂ මිලගණන් යටතේ නව රන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

 



 

මීට අමතරව, මාර්තු මාසයේදී වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරවලදී සිදුකරනු ලබන සෑම මිලදීගැනීමකින්ම කිසියම් ප්‍රතිශතයක් කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය වෙත බැර කෙරෙනු ඇත. ඒ අනුව, වෝග් ජුවලර්ස් පාරිභෝගිකයන් සිදුකරන සෑම මිලදීගැනීමක්ම, ගැහැනු දරුවන් හා කාන්තාවන් සවිබල ගැන්වීමේ මෙහෙවරට දායක වීමක් බවට පත් වේ. මෙම මුදල් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම,  අඩු ආදායම්ලාභී කාන්තාවන්ට සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබාදීම සහ මහන මැෂින්, ඉටිපන්දම් අච්චු සහ පාවහන් තැනීමේ මෙවලම් පරිත්‍යාග කිරීම යනාදිය සඳහා භාවිතා කිරීමට නියමිත ය. කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ මෙහෙවර පිළිබඳ වැඩිදුර තොරතුරු www.womendev.org වෙබ් අඩවියෙහි දක්වා තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව