නිව් ඇන්තනීස් ෆාම්ස්, FSSC 22000 සහතිකය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මාංශ ආහාර නිෂ්පාදන සමාගම බවට පත්වෙයි

1- NAF (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි.

 


 

පාරිභෝගිකයින් වෙත සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර සහතිකය මගින් පිළිබිඹු කෙරේ.

FSSC 22000 සහතිකය හරහා මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතබව සහ තිරසරභාවය පිළිබඳ නව කර්මාන්ත මිනුම් ලකුණක් හඳුන්වාදීමට සමාගමට හැකිවූ අතර, සෙසු මාංශ ආහාර නිෂ්පාදන සමාගම්වලට ද සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකරමින්, සමස්ත සැපයුම් දාමය තුළ විශ්වාසනීයත්වය සහ ශක්තිමත්බව තුළින් FSSC 22000 සහතිකය හිමිකරගැනීමට එමගින් පිටුබලයක් ලබාදෙයි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් සිය කණ්ඩායමට, හවුල්කරුවන්ට සහ පාරිභෝගිකයින්ට තම කෘතවේදීත්වය පළකරන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා, ඉදිරියටත් මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයට නව මිනුම් ලකුණු ගෙනඑමින් ඉහළම ප්‍රමිතියෙන් යුතු මාංශ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කැපවී ක්‍රියාකරන බව පැවසුවේය. මෙම සහතිකය දිනාගැනීමේ ක්‍රියාවලියේදී SGS Lanka සමාගම වෙතින් ද දැවැන්ත සහායක් හිමිවිය.

මේ සමඟ ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිතබව පිළිබඳ ඉහළ විශ්වාසයකින් යුතුව නිව් ඇන්තනීස් නිෂ්පාදනවල මිලදීගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදාවේ. FSSC 22000 සහතිකය හිමිකරගැනීම තුළින් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ සන්නාමය දේශීය වෙළෙඳපොළ තුළ පමණක් නොව විදේශීය වෙළෙඳපොළවල් තුළ ද වර්ධනය වීමත් සමඟ වැඩි අපනයන අවස්ථා ප්‍රමාණයක් ද හිමිකරගත හැකිවනු ඇත.

නිව් ඇන්තනීස් සමූහය දීර්ඝ කාලයක පටන් ආචාරධාර්මික සහ තිරසර ව්‍යාපාර භාවිතාවන්හි යෙදෙන අතර ඉකුත් වසරේදී තම ඇසුරුම්වලට ‘Sustainable U.S. Soy’ ලාංඡනය එක්කිරීමේ අවස්ථාව ද හිමිකරගැනීමට සමත්විය. තිරසර අමුද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් ඇති පුළුල් කැපවීම පෙන්නුම් කරන මෙම ලාංඡනය හිමිකරගත් දකුණු ආසියාතික සහ උප සහරා අප්‍රිකානු කලාපීය පළමු සමාගම ද නිව් ඇන්තනීස් වීම විශේෂත්වයකි.

ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූලව Control Union වෙතින් හරිතාගාර වායු (GHG) සත්‍යාපන ප්‍රකාශය සහිත දිවයිනේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමූහය යි. 2019 වසරේ සිට කුකුල් මස් නිෂ්පාදන සඳහා ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් භාවිතා කිරීමට සමාගම පෙරමුණ ගෙන ඇත.

සැකසූ මාංශ ආහාර ද ඇතුළුව, තම සමස්ත සැපයුම් දාමය තුළ නිව් ඇන්තනීස් සමූහය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතී. නිව් ඇන්තනීස් සමූහය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිතීන් අනුගමනය කරන අතර GMP, HACCP, ISO 22000 මෙන්ම දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද හිමිකරගෙන සිටියි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව