දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ එම පුහුණු වැඩසටහනට 30දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර, සියලු පුහුණුකරුවන්ට පුහුණු සැසිය අවසානයේදී සහතිකපත් පිරිනමනු ලැබීය.
ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විධායක ඇන්ඩි මොහොමඩ් සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ සංවර්ධන නිලධාරී නිකිල් චන්ද්‍ර ඩාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සහතික පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තාක්ෂණික කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු, බැඩ්මින්ටන් ආයතනයේ ලේකම් අජිත් විජේසිංහ, බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා, බැඩ්මින්ටන් ආයතනයේ භාණ්ඩාගාරික සහ පුහුණු සහ සංවර්ධන කමිටුවේ ලේකම් මංගල ගමගේ, ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අධ්‍යාපනවේදී පවිත්‍ර අබේසිරි ගුණවර්ධන සහ පුහුණු හා සංවර්ධන කමිටුවේ බිමල් කොතලාවල මහත්වරු ද සහභාගි වූහ.