නොමිළේ ලැබෙන හිරු එළියෙන් පාරිභෝගිකයන් හට සහනයක් ගෙන දීමට අමානා බැංකුව සිංගර් (ශ්‍රී ලංකා) සමූහය සමග අත්වැල් බැඳගනී

Singer PR Image

 



 

 

අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සහ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් පසුගියදා මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. එම අවස්ථාවට අමානා බැංකුව වෙනුවෙන් එහි උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර් යන මහත්වරුන්ද, සිංගර් පීඑල්සී වෙනුවෙන් එහි විකුණුම් අධ්‍යක්ෂ වජිර තෙන්නකෝන්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ කපිල පෙරේරා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වරුණ වික්‍රමසිංහ, අලෙවි කළමනාකරු පියුම් ජයතිලක සහ සහකාර මෙහෙයුම් කළමනාකරු මනෝජ් රූපසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා මෙසේ  තම අදහස් දැක්වී ය. “සිංගර් යනු ශ්‍රී ලංකාවේ සැම දෙනාගේම  විශ්වාසය දිනූ සන්නාමයක් බැවින්  සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන්නට සමගාමීව, සැම දෙනාටම තිරසාර බලශක්ති විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට තම බලශක්ති පරිභෝජනය සඳහා වැය වන වියදම් අවම කරගනිමින්, වඩාත් තිරසාර ලෝකයක් බිහිකිරීම සඳහා දායක වීමට අවස්ථාව ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්.”

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “පරිසර හිතකාමී බලශක්ති විසඳුම් වෙත යොමුවෙමින් තම වියදම් කළමනාකරණය කරගැනීමට පාරිභෝගිකයන්ට අත්වැලක් වීම සඳහා මේ ආකාරයට අමානා බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳපොළ තුළ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් දිනාගත් ජනතා විශ්වාසය තුළින් පන්නරය ලබමින්, අමානා බැංකුවේ පොලිය පදනම් කර නොගත් සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය යටතේ පිරිනමන මූල්‍ය පහසුකම් සමගින් අපගේ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව