Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි

Shine Dental Care (LBN)

 


 

 

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන උළෙල පැවැත්විණි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා වන සේනානායක මහතා ප්‍රසිද්ධ වී ඇත්තේ Dr Shine යන අන්වර්ථ නාමයෙනි. දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු අංශ පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය උපාධිධාරියෙකි. නවීන තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් විශිෂ්ටම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සැපයීමට ඔහු වසර ගණනාවක් පුරා කැප වී සිටී.

කෑගල්ල (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ල (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) යන නගරවල සිය දන්ත වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යන ඔහු දහස් ගණනකට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයයි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ඇති ඔහු අවස්ථා රැසකදී දෙස් විදෙස් ඇගයීමට පාත්‍ර වී ඇත. සාමාන්‍ය දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවාවලට අමතරව රෝගියාගේ අවශ්‍යතා අනුව විශේෂිත ප්‍රතිකාර සහ සේවා සැපයීම ඔහු සතු විශේෂත්වයකි. නවීන තාක්ෂණික ක්‍රමවේදවලින් උපරිම ඵල නෙලා ගනිමින් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය නව මානයකට රැගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන වෛද්‍ය අසංක සේනානායක මහතා Invisalign Bracers, Digital Smile Designing, Dental Implants, Laser Dentistry, Teeth Whitening, Crown/Bridge සහ Endo-Motor Root Canal වැනි සියලු ආකාරයේ දන්ත වෛද්‍ය සේවා සපයයි. Shine Dental Care නිල වෙබ් අඩවිය වන www.shinedentalcare.lk සහ 0772345295 යන වට්ස් ඇප් අංකය ඔස්සේ සේනානායක මහතා සම්බන්ධ කර ගත හැකිය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව