‘JAT පින්තාරු අභිමන්’ වැඩමුළු මාලාව දිවයින පුරා සිටින දැව පින්තාරු ශිල්පීන් සවිබල ගන්වයි

editorial (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව  පින්තාරු ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දියත් කරනු ලැබූ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන සාර්ථක අදියරකට පැමිණ ඇත. දේශීය දැව පින්තාරුකරණයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන JAT සමාගම ස්වකීය සමාජ වගකීමක් ලෙස සලකනු ලබයි.

දේශීය පින්තාරු ශිල්පීන්ට සහ වඩු කාර්මිකයින්ට වෘත්තීමය පිළිගැනීම, මුල්‍ය ස්ථාවරත්වය සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ අරමුණින් 2021 වසරේ සිට ක්‍රියාත්මක ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන ඔස්සේ ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වූ (NAITA) වෙතින් පිරිනමන ජාතික වෘත්තීය සුදුසුකම (NVQ සහතිකය) ලබා ගැනීමට අවශ්‍ය මාවත විවර කරයි.

ජාත්‍යන්තර නව තාක්ෂණයන්, පින්තාරු ශිල්පී ක්‍රමවේද මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් නිරන්තරයෙන් හඳුන්වා දෙන මෙම වැඩසහටහනේ දී දේශීය පින්තාරු කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමත් සහ පින්තාරු කර්මාන්තයට පවතින වෘත්තීමය ආකර්ෂණය වැඩි කර ගැනීමත් අපේක්ෂා කරන අතර, ඒ තුළින් රටේ සේවා නියුක්තිය ඉහළ නැංවීමට අරමුණු කර ගැනීම සුවිශේෂී මෙහෙවරක් ලෙස කැපී පෙනේ.

මේ වසරේදී JAT සමාගම MBC මාධ්‍ය ජාලය සමඟ අත්වැල් බැඳ ගනිමින් දීපව්‍යාප්තව සිදු කරගෙන යන පින්තාරු අභිමන් වැඩසටහන යටතේ මේ වනවිට 600කට අධික පිරිසක් වෙත පුහුණුවීම් ලබා දී ඇති අතර, ඊට අමතරව 300කට අධික පිරිසක් සඳහා ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික පත්‍ර හිමිකර දී තිබේ. මෙම නවතම අදියර යටතේ දිවයින පුරා විසිරී සිටින පින්තාරු ශිල්පීන් 1000ක් වෙත සාර්ථක වෘත්තිය පුහුණුවක් ලබාදීමට ද JAT සමාගම අරමුණ කර ගනියි. MBC මාධ්‍ය ජාලයේ හවුල්කාරීත්වයත් සමඟ මෙම වැඩසටහන සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් මෙන්ම සාර්ථක ප්‍රචාරණයක් හිමි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා විසිරී සිටින පින්තාරු ශිල්පීන් මෙම වැඩමුළුවලට සහභාගී වීමේ ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

මෙම NVQ සහතිකය ලබා ගැනීමේ පොදු ක්‍රමවේදය අනුව දිර්ඝ කාලයක් හා පියවර ගණනාවක් වැය වන නමුත්, JAT සමාගම (NAITA) සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය නිසා දැව පින්තාරු ශිල්පීන් හට පියවර 3ක් යටතේ දින තුනක පුහුණු තක්සේරුවක් සමඟ වෘත්තීමය ක්‍රමවේදයන් හා නිපුණතා මට්ටම් සාක්ෂාත් කර ගනිමින් මෙම සුදුසුකම ලබා ගැනීමට අගනා අවස්ථාවක් හිමි කර දී තිබේ. ඒ අනුව දෛනික ආදායම් ලබන පින්තාරු ශිල්පීන්ගේ ජීවනෝපායට බලපෑමක් සිදු නොවන පරිදි මෙම පුහුණුව සාර්ථකව අවසන් කර ගැනීමට අවශ්‍ය සියලු පිරිවැය දරමින් JAT සමාගම ඔවුනට විශාල අත්වැලක් සපයමින් සිටියි.

වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් JAT Holdings PLC හි අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා පැවසුවේ,JAT පින්තාරු අභිමන් වැඩසටහන කියන්නේ හුදෙක්ම දැව පින්තාරු ශිල්පීන්ගේ කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් පමණක් නොව, වඩුකාර්මික හා පින්තාරුකරණ කර්මාන්තයේ පැහැදිලි අභිවෘද්ධියක් අපේක්ෂාවන් ක්‍රියාවට නංවන ලද ජාතික වැදගත්කමකින් යුතු වැඩසටහනක්. මෙම වැඩසටහන මගින් දැව ආලේපන කර්මාන්තයේ නියැළී සිටින පුද්ගලයින්ගේ සැඟවුණු කුසලතාවන් එළිදැක්වීමට මනා තෝතැන්නක් සකසනවා වගේම ඒ තුළින් ඔවුනගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට JAT Holdings ආයතනය නොනවතින මෙහෙයුමක නිරත වෙමින් සිටිනවා.’’

මෙම JAT පින්තාරු අභිමන් වැඩසටහන යටතේ මේ වනවිට මාතර, කුරුණෑගල, රත්නපුර, යාපනය, අනුරාධපුරය සහ අලුත්ගම යන ප්‍රදේශයන් ආවරණය කරමින් පින්තාරු ශිල්පීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථක වැඩමුළු රැසක් නිමාවට පත් කර ඇති අතර, ඉදිරියේ දී මීගමුව සහ මොරටුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පුහුණු වැඩසටහන් රැසක් ද සංවිධානය කිරීමට JAT සමාගම සැලසුම් කර ඇත.

මෙහිදී JAT Holdings PLC හි අධ්‍යක්ෂ – විකුණුම් හා තාක්ෂණික වසන්ත ගුණරත්න මහතා පැවසුවේ ‘’ දැව පින්තාරුකරණයේ පුරෝගාමියා වශයෙන් සමාජ වගකීම් හොඳින් හඳුනාගත් අප පින්තාරු ශිල්පීන්ගේ වෘත්තීමය නිපුණත්වය වැඩි දියුණු කිරීමට පටන් ගත්තේ 1998 වසරේ සිටයි. තාක්ෂණික පුහුණු වැඩසටහන් ලෙසින් ක්‍රියාත්මක කරනු ලැබූ එම වැඩසටහන් වලින් මේ දක්වා දෙස් විදෙස් පින්තාරු ශිල්පීන් 170,000කට පමණ වෘත්තීමය පිළි ගැනීමක් අත්පත් කර දීමට අප කටයුතු කර තිබෙනවා. ලාංකීය දැව පින්තාරු ශිල්පීන්ගේ වෘත්තීමය ගරුත්වය ඉහළ නංවන ගමන් ඔවුනගේ සමාජ පසුබිම උසස් තලයකට රැගෙන ඒමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයක්. දැව පින්තාරු ශිල්පීන් හට NVQ සහතික පත්‍ර ලබා දීමට සමගාමීව බැංකු ණය පහසුකම් සැලසීම මෙන්ම ව්‍යවසායකයෙකු ලෙස තනිව ගොඩ නැඟීමට අප ශක්තිමත් පදනමක් සකස් කර තිබෙනවා ’’

ජාත්‍යන්තර තලයේ නව නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමින් දේශීය දැව ආලේපන කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සුවිශේෂී කාර්යභාර්යක නිරත JAT Holdings ආයතනය, සිය ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් සිදු කරනු ලබන මෙම ජාතික කර්තව්‍ය මුළුමහත් සමාජයේ වර්ධනය උදෙසා මෙම ආයතනයේ කැපවීම පෙන්නුම් කරන්නකි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව