Enchanteur වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට එන දරුවන්ට රැදී සිටීමට ගොඩනැගිල්ලක්

Enchanteur-LRH (LBN)

 



 

 

ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට දෛනිකව රෝහලට පැමිණෙන දරුවන් අදාළ ප්‍රතිකාර ගන්නා තෙක් ඔවුන් කැටුව පැමිණෙන දෙමාපියන්ට රැඳී සිටීමට  රෝහල් පරිශ්‍රයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල පහසුකම් සළසා දෙයි. මෙය පසුගිය කාලය පුරා Enchanteur දියත් කළ ආයතනික සමාජ වගකීම හා බැඳුනු ව්‍යාපෘති ගණනාවක් අතරින් එකකි.

ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් වෛද්‍ය විජේසූරිය මහතා සඳහන් කළේ Enchanteur වෙතින් රෝහලට ලැබුණු ගොඩනැගිල්ල හුදු භෞතික ඉදි කිරීමක් නොවන බවත්, එය ජනතාවගේ යහ පැවැත්ම තහවුරු කිරීම සඳහා Enchanteur සමාගමේ සමාජ මහෙවර පිළිබිඹු කරන ව්‍යාපෘතියක් බවත්ය. ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur හි පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන මෙරට තුළ අලෙවි කරනු ලබන්නේ සහ බෙදාහරිනු ලබන්නේ UTN Trading පෙෳද්ගලික සමාගම විසිනි. එම සමාගම තවත් එවැනි නිෂ්පාදන ගණනාවක මෙරට නියෝජිත ආයතනය ලෙසද කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව