Coca-Cola Beverages Sri Lanka සහ Pizza Hut එක්ව සූපශාස්ත‍්‍ර අත්දැකීම් ඉහළ නැංවීමට සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

PH (LBN)

 



 

 

Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ කිරීමට අරමුණු කරයි. මෙයින් අදහස් කරන්නේ පාරිභෝගිකයින්ට ශ‍්‍රී ලංකාවේ  ඕනෑම Pizza Hut මධ්‍යස්ථානයකින් ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ ප‍්‍රියතම Coca-Cola පානය ද භුක්ති විඳිය හැකි බවයි.

මෙම සහයෝගීතාවය තුළින් Pizza Hut හි රසවත් ආහාර සමඟ Coca-Cola හි ප‍්‍රබෝධමත් රසය ද එක් කරයි. එය හවුල්කාරිත්වයක් පමණක් නොවේ; එය හවුල් වටිනාකම් සැමරීමක් වන අතර පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමට ගත් උත්සහයකි.

Pizza Hut සමඟ ඇති හවුල්කාරිත්වය ගැන කතා කරමින් CCBSL හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් පාණ්ඬේ මහතා පැවසුවේ, ”ශ‍්‍රී ලංකාව තුළ අපගේ දිගුකාලීන සබඳතාව පෙන්නුම් කරමින් Pizza Hut සමඟ අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව කරගෙන යාමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අපි, අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමට කටයුතු කරනවා.” යනුවෙනි.

Gamma Pizzakraft Lanka (Pvt) Ltd. හි ප‍්‍රධාන විධායක නිලධාරි යසා නඩරාජා මහතා ද පල කරන්නේ එවැනිම අදහසකි. ”මෙම හවුල්කාරිත්වය හරහා, අපගේ Pizza Hut ආහාර සමඟ Coca-Cola ඒකාබද්ධ කිරීමට ලැබීම ගැන සතුටු වනවා වගේම පරිපූර්ණ පීසා අත්දැකීමක් වෙනුවෙන් Coca-Cola පානය අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අපි පාරිභෝගිකයින්ට අමතක නොවන භෝජන අත්දැකීමක් තිළිණ කරනවා.”

මෙම හවුල්කාරීත්වය දීර්ඝ කිරීම තුළින් Coca-Cola Beverages Sri Lanka සහ Pizza Hut පාරිභෝගික තෘප්තියට ප‍්‍රමුඛත්වය දෙන ආකාරය ඉස්මතු කරයි. ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමේදී පාරිභෝගික ප‍්‍රතිචාරවල ඇති වැදගත්කම මෙම සමාගම් දෙකම මැනවින් හඳුනා ගනී. මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගික අත්දැකීමේ සෑම අංශයක්ම පාරිභෝගිකයින් අපේක්ෂා කරන ප‍්‍රමාණයෙන් ඔබ්බට යන බවට සහතික වෙමින් ඉතා වටිනා පාරිභෝගික අදහස් සහ ප‍්‍රතිචාර එක්රැස් කර ඒකාබද්ධ කරනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව