ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට සයිබර් ආක්‍රමණ එල්ලවීමේ අවදානම පිළිබඳව Microsoft Cyber Signals වාර්තාව එළිදකී

microsoft

 



 

 

මේ වනවිට, විශේෂයෙන්ම ආසියානු කලාපයේ, මහා පරිමාණ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් පැවැත්වීම මෙන්ම, ඒවා සඳහා විද්‍යුත් ක්‍රමයට ටිකට්පත් නිකුත් කිරීම, LED දර්ශන තිර භාවිතා කිරීම සහ පොදු Wi-Fi පහසුකම් ලබාදීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් බහුලව සිදු වේ. මෙවැනි පසුබිමක් තුළ සංවේදී දත්ත සහ තොරතුරුවලට තර්ජනයක් ඇතිවන ආකාරයේ සයිබර් ආක්‍රමණ සිදුවීමේ අවදානම ඉහළ යමින් පවතී.

මෙම සයිබර් ආක්‍රමණිකයන් ඉහළ තලයේ ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථාන හඳුනාගෙන ඒවායෙහි දත්ත සහ තොරතුරු සොරාගන්නා ආකාරය පැහැදිලි කරමින් Microsoft සමාගම ‘Microsoft Cyber Signals’ වාර්තාවේ 5 වැනි කලාපය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය එවැනි මහා පරිමාණ ක්‍රීඩා ඉසව්වලට බලපාන සයිබර් තර්ජන පිළිබඳව විස්තරකරන බුද්ධිමය තොරතුරු වාර්තාවක් ලෙස හැඳින්විය හැක. මෙම සංස්කරණය ඉහළ පෙළේ හෝ මහා පරිමාණ ක්‍රීඩා සහ විනෝදාස්වාද ඉසව් කෙරෙහි අවධානය යොමුකර ඇති අතර, විශේෂයෙන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හා සම්බන්ධවන ඉසව්වල සංවිධායකයින්ට, කලාපීය සත්කාරක පහසුකම් සපයන්නන්ට සහ එම ඉසව්වලට සහභාගිවන්නන්ට මුහුණ දීමට සිදු විය හැකි සයිබර් අවදානම් මෙහි සවිස්තරව දක්වා ඇත.

ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට මුහුණ දීමට සිදුවන සයිබර් තර්ජන විවිධාකාර හා සංකීර්ණ වේ. ඒවා වැළැක්වීමට සහ පාලනය කිරීමට නිරන්තර අවධානය මෙන්ම, ඒවායෙහි පාර්ශ්වකරුවන් අතර සහයෝගය අත්‍යවශ්‍ය ය. ගෝලීය ක්‍රීඩා වෙළඳපොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 600 ඉක්මවා ඇති හෙයින්, මෙය වහාම අවධානය යොමුකළ යුතු කරුණකි. ක්‍රීඩා කණ්ඩායම්, ප්‍රධාන ලීග හා ගෝලීය ක්‍රීඩා සංගම් සහ විනෝදාස්වාද ස්ථාන ආදිය සතුව සයිබර් අපරාධකරුවන්ට අවශ්‍ය වටිනා තොරතුරු රාශියක් පවතී.

මෙම ස්ථානවල ඇති සම්බන්ධිත උපාංග සහ අන්තර් සම්බන්ධිත ජාල ආදිය හේතුවෙන් ක්‍රීඩා කාර්යසාධනය හා තරගකාරීත්ව  වාසිය ආදිය සම්බන්ධ තොරතුරු සහ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු විශේෂයෙන්ම අවදානමට ලක්විය හැක. බොහෝවිට මෙම අවදානම කණ්ඩායම්, ආයතනික අනුග්‍රාහකයින්, නාගරික අධිකාරීන් සහ බාහිර කොන්ත්‍රාත්කරුවන් ඇතුළු බොහෝ පාර්ශ්ව වෙත විහිදේ. කණ්ඩායම්, පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ රසික රසිකාවියන්, දත්ත අස්ථානගත වීම් සහ කප්පම් ඉල්ලීම් ආදියටද ගොදුරු විය හැක.

මහා පරිමාණ ක්‍රීඩා ඉසව් සහ ස්ථාන සම්බන්ධයෙන් අවදානම් ඇතිවන ප්‍රධාන අංශ 4 ක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒවා නම්;

  1. අන්තර්ජාලයට සම්බන්ධවන වීඩියෝ පුවරු සහ ඩිජිටල් සංඥා පුවරු,
  2. Wi-Fi hotspots, ජංගම යෙදුම් සහ QR කේත,
  3. Point of Sale (POS) සහ වෙනත් වාණිජ සේවා පද්ධති,
  4. ක්‍රීඩාංගණ පිවිසුම් සහ යටිතල පහසුකම් උපාංග.

ක්‍රීඩා ඉසව් හා සම්බන්ධ, සයිබර් තර්ජනවලට ලක්විය හැකි පද්ධති වන්නේ කණ්ඩායමේ හෝ අදාළ ස්ථානයේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු, ලියාපදිංචිය හෝ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන ක්‍රමවේද, ක්‍රීඩාවන්හි වේලා සහ ලකුණු සටහන් කිරීමේ පද්ධති, කාර්ය සම්පාදනය, වෛද්‍ය කළමනාකරණය සහ රෝගීන් සම්බන්ධ පසුවිපරම් තොරතුරු, ඉසව් සම්බන්ධ පසුවිපරම් තොරතුරු, මහා පරිමාණ දැනුම්දීම් පද්ධති සහ විද්‍යුත් සංඥා පුවරු යනාදියයි. තවද ක්‍රීඩා උත්සව නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක ජනතාව සහ කාර්ය මණ්ඩලය සතු ඩිජිටල් උපාංගවලද දත්ත සහ තොරතුරු ඇතුළත්වන නිසා, ආක්‍රමණයේ පරාසය පුළුල් වේ.

Microsoft Cyber Signals වාර්තාව, මහා පරිමාණ ඉසව් සංවිධානය කරන්නන් සහ ඒවාට සහභාගී වන්නන් අනුගමනය කළ යුතු විශිෂ්ටතම ක්‍රමවේද මොනවාද යන්න පෙන්වා දෙයි. හැකි ඉක්මනින් තර්ජන හඳුනාගෙන ඒවා දැනුම් දීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මකවන අමතර නිරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීම, අදාළ උත්සවයට මෙන්ම එය පැවැත්වෙන ස්ථානයට සහ රටට විශේෂයෙන් අවදානමක් ඇතිකළ හැකි තර්ජන හඳුනාගැනීමට පියවර ගැනීම, පද්ධති සහ සේවා අත්‍යවශ්‍යවන පුද්ගලයන්ට පමණක් ඒවා භාවිතා කිරීමට අවසර ලබා දීම සහ ප්‍රවේශ තල අවබෝධ කරගැනීම සඳහා කාර්ය මණ්ඩලයට නිසි පුහුණුවක් ලබාදීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

තවද මෙම වාර්තාව, මෙවැනි ක්‍රීඩා උත්සවවලට සහභාගී වන්නන් සඳහාද නිර්දේශ ඉදිරිපත්කර ඇත. උත්සවයට පැමිණීමට පෙර තම උපාංග සහ යෙදුම් ඒවාට අදාළ නවතම යාවත්කාලීන කිරීම් සහ patches භාවිතා කරමින් සුරක්ෂිත කිරීම, පොදු Wi-Fi සේවා භාවිතා කරමින් සංවේදී තොරතුරුවලට පිවිසීමෙන් වැළකීම, නිල නොවන මූලාශ්‍රවලින් ලැබෙන links, attachments සහ QR codes ආදිය භාවිතා කිරීමෙන් වැළකීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව