ඉන්ටෙක්ස් – දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය මේ මස 9 – 11 දක්වා ශ්‍රී ලංකවේදී

KHP_0306_resized_20230726_033945040 (LBN)

 



 

 

  • ඉන්දියාව, ශ්‍රීලංකාව, පාකිස්තනය,බංග්ලාදේශය, වියට්නාමය, චීනය, කොරියාව,
  • ඉන්දුනීසියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් 11කට වැඩි ජාත්‍යන්තර ප්‍රදර්ශකයින්

 

  • සමස්ත රෙදිපිළි ක්‍රියාවලිය නියෝජනය කරන සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන්
  • අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය – WGSN, Cotton USA සහ තවත් සමාගම් රැසක් ගෝලීය දැනුම බෙදාහදා ගන්නා වේදිකාවක්

ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය ලබන මේ මස 9 සිට 11 වැනිද දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වසර 2015 සිට මෙරට ව්‍යාපාරික සහයෝගිතාවට පහසුකම් සැලසීම, නවෝත්පාදන වර්ධනය කිරීම සහ වෙළෙඳ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සිදු කරන ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා මේ වසරේදී නූල්, රෙදි වර්ග, උපාංග, ඩෙනිම්, ඩයි වර්ග සහ වෙනත් අමුද්‍රව්‍ය සහ මෝස්තර සැලසුම්, විසඳුම් වැනි බොහෝ දෑ ඇතුළත්ව සමස්ත රෙදිපිළි ක්‍රියාදාමය පුරා විහිදුණු ප්‍රදර්ශන පෙළක් ඉදිරිපත් කිරීමට නියමිතය.

වසර 2022 දී අමෙරිකානු ඩොලර් බිලියන 5.93ක ශ්‍රී ලාංකික රෙදිපිළි අපනයනය සමඟ කර්මාන්ත සහ වෙළෙඳ සන්නාම ඉස්මතු කිරීම, ජාත්‍යන්තර වශයෙන් වත්මන් අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට සහයෝගය ලබාදීම සහ කලාපීය හා ගෝලීය සැපයුම් ජාලයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අවස්ථාවන් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන රෙදිපිළි ක්ෂේත්‍රයට සවිමත් සහයෝගයක් ලබාදීම ඉන්ටෙක්ස් බලාපොරොත්තු වෙයි.

‘ඒකාබද්ධ ඇඟලුම් සංසදය නැවත වරක් ඉන්ටෙක්ස් සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන ආඩම්බරයට පත් වන අතර, මේ ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවීම ගැන සතුටට පත්වෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්ටෙක්ස් නිවැරැදි අවස්ථාවක මේ ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා. ශ්‍රී ලාංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය සම්පූර්ණ ධාරිතාව තුලින් විස්මයජනක ලෙස යළි ප්‍රකෘතිමත් වී තිබෙනවා.‘ ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේය.

වසර 2022දී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 146.47ක නූල් සහ ඩොලර් මිලියන 311.78ක ගොතනු ලැබූ රෙදිපිළි ආනයනය කර ඇති අතර, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 278.38ක වියනු ලැබූ රෙදිපිළි අපනයනය කර ඇත. කපු රෙදි අපනයන ප්‍රවර්ධන කවුන්සිලයේ (TEXPROCIL) සාමාජිකයන් ඇතුළුව ඉන්දියාවෙන් සමාගම් 70කට අධික සංඛ්‍යාවක් මෙරටට කැඳවාගෙන එන ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා මෙරට ඇඟලුම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරයි.

වසර 2015 සිට ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා හි සංවිධායකවරිය ලෙස කටයුතු කරන වර්ල්ඩෙක්ස් ඉන්ඩියා හි විධායක අධ්‍යක්ෂිකා ආර්ති බගාට් මහත්මිය සඳහන් කරන්නේ ගුණාත්මකභාවය, ශිල්පීය නිපුණත්වය හා ආචාරධර්මයට අනුව නිෂ්පාදන භාවිතයන් සිදු කිරීම ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රය ශක්තිමත් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වී ඇති බවය. තවදුරටත් එහි නිෂ්පාදන ගුණාත්මකභාවය හා විවිධත්වය ඉහළ දැමීම සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා තරගකාරීත්වයට උපකාර කිරීම ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා අරමුණ බව ද ඇය සඳහන් කළේය.

මෙම ප්‍රදර්ශනයට අමතරව අන්තර්ක්‍රියා ව්‍යාපාරික සංසදය (IBF) WGSN, Cotton USA සහ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ප්‍රබල ආයතන කිහිපයක් ඇතුළත්ව සම්මන්ත්‍රණ මාලාවක් ද බුද්ධිමය අංගයක් ලෙස මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ. එමගින් වෙළෙඳපොළ ප්‍රවණතා, තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සැපයුම්දාම කළමනාකරණය, නව සොයාගැනීම් සහ තවත් බොහෝ දේවල් ඇතුළු මාතෘකා රැසකින් යුතුව පැවැත්වෙන එම සම්මන්ත්‍රණ මාලාව වටිනා අවබෝධයක් සහ දැනුමක් ලබා දෙනු ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB),  ඒකාබද්ධ ඇඟලුම් සංසදය (JAAF), ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA),  ශ්‍රී ලංකා ඇඟලුම් අමුද්‍රව්‍ය සංගමය (SLASA), ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (SLABA), ශ්‍රී ලංකා රෙදිපිළි අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයන්ගේ සංගමය (FAAMA), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA), කපු රෙදිපිළි අපනයන ප්‍රවර්ධන සභාව (TEXPROCIL), කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, කොළඹ KOTRA, කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ඇතුළු තවත් සංගම් හා ආයතන රැසක් වසර ගණනාවක් පුරා  ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා අනුමත කර සහයෝගිතාව ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ අනාගතය ශක්තිමත් කිරීමට අඩිතාලම සකස් කෙරෙන මෙම ප්‍රදර්ශනය ඔබේ සහභාගිත්වය අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇත.

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://sl.intexsouthasia.com

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව