HEINEKEN හි ආසියා පැසිෆික් කලාපයේ පළමු screen-printed සහ ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් එළි දැක්වීම වෙනුවෙන් PGP ග්ලාස් සිලෝන්, HEINEKEN Lanka සමඟ එක් වෙයි

PR image (LBN)

 



 

 

2023, ජූනි 23, කොළඹ – ආහාර හා පාන වර්ග සඳහා වීදුරු බෝතල් නිෂ්පාදනය කරන එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදකයා වන PGP Glass Ceylon PLC සමාගම සහ HEINEKEN N.Vහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HEINEKEN Lanka ලිමිටඩ් එක්ව මි.ලී 625ක නැවත භාවිත කළ හැකි screen printing තාක්ෂණයෙන් යුත් වීදුරු බෝතලයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන හා තිරසාරත්ව සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach මහත්මිය ඉදිරියේ දියත් කරන ලද මෙම නවතම නිෂ්පාදනය අති නවීන screen printing තාක්ෂණය යොදා ගනිමින් PGP Glass Ceylon PLC  සමාගම විසින් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කොට ඇත. ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සමාගමක් එවන් බෝතලයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව වන මේ තුළින් ප්ලාස්ටික් හා කඩදාසි මත පදනම් වූ ලේබල් භාවිතය විශාල ලෙස අවම කිරීමට හැකි වන අතර ආපසු ලබා දිය හැකි බෝතලයක් වීම හේතුවෙන් අපද්‍රව්‍ය අවම කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින් දිරි ගැන්වීමටද අවකාශ උදා වේ.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වෙමින PGP Glass Ceylon PLC හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Sanjay Jain මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව තුළ නම්‍යශීලීත්වයේ හා තිරසාරත්වයේ සුවිසල් වෙනසක් ඇති කළ හැකි නව්‍ය නිෂ්පාදනයක් එළිදැක්වීමේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙරට තුළ වගකීම් සහගත පරිභෝජනයක් වෙනුවෙන් දායක වීමේ වැදගත්කම අප හොඳින් හඳුනාගෙන ඇති අතර ඊට දිගුකාලීන අවශ්‍යතාවයක් වන නව්‍ය හා තිරසාර ඇසුරුම් ලබා දීම සඳහා වන අපගේ කැපවීම මේ සබඳතාවය තුළින් මනාව ප්‍රදර්ශනය වනවා. වීදුරු බෝතල් මත screen printing සිදු කිරීම පහසු කරුණක් නොවූවද  ඉන් පරිසරයට එල්ලවන ධනාත්මක බලපෑම ඉතා විශාලයි. විශේෂයෙන් සමාජ තිරසාරත්වය කෙරෙහි දැඩි අවධානයකින් පසුවන සමාගමක් ලෙස එහි තිරසාර ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවර සමඟ එක් වෙමින් අපගේ කාර්ය භාරය ඉටු කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ HEINEKEN Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel මහත්මිය “ගෝලීය වශයෙන් රටවල් 190 කට අධික නව්‍යකරණයේ ප්‍රමුඛ සමාගමක් වන අප 2030 වන විට Brew a Better World  යන අපගේ තේමා පාඨය ඔස්සේ සියලු ලෝකවාසීන්ට ඉහළ මිනුම් සලකුණු සකසන අතර, සාධාරණ හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක සතුටින් ජීවත් වීමේ අයිතිය උදාකර දීමට කටයුතු කර තිබෙනවා. අපගේ සමබර උපාය මාර්ගය වන EverGreen, අප සිදු කරන සෑම දෙයකම තිරසාරත්වයේ සහ වගකීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා. එම දැක්ම අනුව යමින් අප දැනටමත් අපගේ කර්මාන්තශාලා පරිශ්‍රයේ ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කර තිබෙන අතර කාබන් විමෝචනයක් සහතික කිරීම සඳහා ජෛව ස්කන්ධ ශක්තිය හරහා මෙහෙයුම් සිදු කරනවා. අපගේ ප්‍රමුඛ සන්නාමය සඳහා නවතම වැඩසටහන වන නැවත භාවිත කළ හැකි මි.ලී 625ක screen printed බෝතලයක් දියත් කිරීම වෙනුවෙන් PGP Glass Ceylon PLC ලබා දුන් විශ්වසනීය හවුල්කාරීත්වය පිළිබඳව මෙහිදී ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපතිනි Bonnie Horbach මහත්මියටත් මාගේ ගෞරවණීය ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කොට ගැනීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම එළි දැක්වීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපතිනි Bonnie Horbach මහත්මිය මෙහිදී සඳහන් කර සිටියේ “තිරසාරත්වයේ නවෝත්පාදනය යනු සෑම විටම අපව දිරිමත් කරන්නක් වන අතර ඊට හොඳම කාලය දැන් උදා වී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බැවින් ඊට තිරසාත්වය හා නම්‍යශීලී බව තුළ ව්‍යාපාරික විශිෂ්ටත්වය ළඟා කර ගැනීමද ඉතා වැදගත් වනවා. යුරෝපා සංගමයේ කොටසක් ලෙස වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම (RBC) ප්‍රවර්ධනය කිරීම අපි අඛණ්ඩව සිදු කරනවා. අනාගතයේදී ගෝලීය තිරසාර ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය සාධකයක් වනවා. එහිදී තිරසාර වටිනාකම් තුළින් තරඟකාරී වාසි උත්පාදනය කරනු ඇති අතර මෙම ක්ෂේත්‍රයට කලින් ප්‍රවේශ වීම, තරඟකාරීත්වය අභිබවා යාමට  සහ ව්‍යාපාරික වශයෙන් ඉදිරියෙන් සිටීමට නිෂ්පාදකයින් හට කළ හැකි වැදගත්ම දේ විය හැකියි. PGP Glass Ceylon PLC සහ HEINEKEN Lanka සමාගම එක්ව ඒ සඳහා ගෙන ඇති පියවර මා අගය කර සිටින අතර තිරසාරභාවය හා නම්‍යශීලීත්වය සම්බන්ධයෙන් තව දුරටත් නව්‍යකරණ නිෂ්පාදන හා සේවාවන් ඔවුන් සිදු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා”  යනුවෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව