සෙලින්කෝ ලයිෆ් නායකත්ව පෙළගැස්ම ශක්තිමත් කිරීමට ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු සහ නියෝජ්‍ය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත් කරයි

Ceylinco Life's COO Mr Ranga Abeynayake (left) and Deputy COO Mr Samitha Hemachandra (LBN)

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළගැස්ම සහතික කිරීම සඳහා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත් කර ඇති බව නිවේදනය කර ඇත.

පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා වේ. සමිත හේමචන්ද්‍ර මහතා වසර 23ක් සෙලින්කෝ ලයිෆ් හි සේවය කර ඇති අතර ඔහු සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ තනතුර දරයි.

”මෙම පත්වීම් නායකත්ව ව්‍යුහයට තවත් ගැඹුරක් සහ ශක්තියක් එක් කරයි. ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ අපගේ නායකත්ව අවශ්‍යතා සපුරාලීමටද ඔවුන් ස්ථානගත වී සිටිනවා,” යැයි සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ”විනිවිදභාවය සහ දිගුකාලීන නායකත්ව අනුප‍්‍රාප්තිය සැලසුම් කිරීම මුල්‍ය සේවා අංශයේ ඉතා වැදගත් වේ. මෙමගින් සියලූ පාර්ශ්වයන් සඳහා අඛණ්ඩ පැවැත්මක් සහතික කෙරේ.”

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා මෙසේ පැවසුවේය, ”2004 වසරේ සෙලින්කෝ ලයිෆ් සමාගම වෙළඳපොළ ප‍්‍රමුඛත්වය ලබා ගන්නා විට රංග අබේනායක සහ සමිත හේමචන්ද්‍ර කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. මෙම වෙළෙඳපොළ නායකත්වය අද දක්වා වසර 19ක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. මොවුන් සමාගමේ ප‍්‍රධාන වටිනාකම්, දැක්ම සහ මෙහෙවර පිළිබිඹු කරයි. වැදගත් නායකත්ව තනතුරු වලට සූදානම් වන ඔවුන් දෙදෙනාට අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්ව කමිටුව පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත.”

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පූර්ණ කාලීන සාමාජිකයෙකු වන රංග අබේනායක මහතා මූල්‍ය, අවදානම් කළමනාකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ වැඩසටහන් සැලසුම් කිරීම යන ක්ෂේත‍්‍රවල ප‍්‍රධාන කළමනාකරණ තනතුරුවල වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) පූර්ණ කාලීන සාමාජිකයෙකු මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) පූර්ණ කාලීන සාමාජිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවි කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් යන ක්ෂේත‍්‍රවල වසර 20කට වැඩි පළපුරුද්දක් ඇත්තෙකි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව