ඌව මහා රන් සටන මේ මස 23-24 සූරියවැව දී

Bandarawela St.Joseph's College (LBN)

 



 

 

බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා  විද්‍යාලය අතර 18 වැනි ‘ඌව මහා රන් සටන‘ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය මේ මස 23 සහ 24 දෙදින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර 1967දී පළමුවරට ආරම්භ වූ ‘ඌව මහා රන් සටන‘ ක්‍රිකට් තරගය දෙවිදුහලේ ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දස්කම් පෙන්නුම් කිරිමේ කදිම තෝතැන්නක් බවට පත් වී තිබේ.

සාන්ත ජෝශප් විදුහලේ ආදි සිසු සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙවර තරගයේදී සාන්ත ජෝශප් විදුහල් පිලේ නායකත්වයට පසුගිය වසරේ තරගයේ දක්ෂතම පිතිකරු වූ යසිරු රුවන්ත පත් කර ඇති අතර, උපනායකයා ලෙස සිතිජ චමිඳු     කටයුතු කරයි.

බණ්ඩාවෙල මධ්‍ය මහා විද්‍යාලයීය පිලේ නායකයා ලෙස යෂිත හේෂාන් වීරසිංහ කටයුතු කරන අතර, විරාජ් බුද්ධික උපනායකයා ලෙස පත් කර තිබේ.

සාන්ත ජෝශප් විදුහල් පිල අවස්ථා තුනකදී ඌව මහා රන් සටන‘ ජයගැනීමට සමත් වී ඇති අතර, බණ්ඩාවෙල මධ්‍ය මහා විද්‍යාලය අවස්ථා දෙකක දී ජයග්‍රහණ අත්කරගෙන ඇත.

බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල් පිල

ඉදිරිපෙළ (වමේ සිට) යසිරු රුවන්ත (නායක), චන්දන බණ්ඩාර මහතා (පුහුණුකරු), කපිල වීරසේකර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආර්.එම්.ලක්සිරි ජයන්ත රණසිංහ මහතා (විදුහල්පති), ආර්.බී.ඩී.ඒ.සුමතිපාල මහතා (ක්‍රීඩාභාර ආචාර්ය), සිතිජ චමිඳු (උපනායක)

පසුපෙළ (වමේ සිට) මල්ෂ ගිම්හාන්, හේසර දුලාජ්, තේමිය ශෙහෙරන්, සචින් දිලංක, තරිඳු ක්‍රිෂාන්, චමිඳු ජිනේන්ද්‍ර, සහන් හංසක, අකිල සෞම්‍ය, දසුන් උදයංග, තරූෂ නිර්මාල්, සරිත් මලින්ද, විභූති රුවන්, ඕෂද දේවින්ද, පමෝද් මධුභාෂිත, නිෂාන් ප්‍රමෝද්

බණ්ඩාවෙල මධ්‍ය මහා විදුහල් පිල

පළමුපෙළ (වමේ සිට) යෂිත හේෂාන් වීරසිංහ (නායක), වයි.එම්.අමිත් චතුරංග යාපා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජී.ඩී.සරත් බන්දු ගුණසේකර මහතා (විදුහල්පති), ආර්.එම්.ශාන්ත බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඉනූෂ ද සිල්වා මහතා (පුහුණුකරු), විරාජ් බුද්ධික (උපනායක)

පසුපෙළ (වමේ සිට) උදිත ආකල්ප විජේසුන්දර, ලසඳු නිම්සිත්, පද්මික කැලුම් අබේසිංහ, හරිත සිහිලැල් නිම්සර, සෙනෙර දිලිප්, ගිම්හාන කේසර වීරසිංහ, විහඟ දිල්මින්, උසාර මන්තිසු අත්නායක, ටී.සජීවනාත්, චතුම් ලක්ප්‍රිය විජේසුන්දර, සහන් චාමිකර, පබසර මලිඳු බණ්ඩාර, සචින්ත විරාජ්, චනුල් චිරතම ගුණසේකර රූසර තම්මිට.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව