නුවරඑළිය Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලිය 22 දා සිට 30 දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී

327159894_710400704024433_6885769386111599676_n (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය නුවරඑළිය වසන්ත සමයට සමගාමීව සංවිධාන කරනු ලබන Summer Season  විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඕනෑම වයස් කාණ්ඩයකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබෙන පරිදි කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත, ඒකල, යුගල සහ මිශ්‍ර යුගල යන තරග පැවැත්වීමට මෙවර නුවරඑළිය Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලිය කටයුතු යොදා තිබේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන 22 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, සමාප්ති උත්සවය 30 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා අයැදුම්පත් 1000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර,  මෙම ශූරතාවලිය සඳහා සමස්ථ තරඟ 900කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වී සිටිති.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව