වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ලෝචන සහ වාරංගනා ශූරතා දිනති

20230226192357_KI9A3247 (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙය වූ වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර, කාන්තා ඒකල ශුරතාව  වාරංගනා ජයවර්ධන දිනා ගත්තාය.

විජයබාහු රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගය ලකුණු 15-21ක්, 21-17ක් සහ 21-14ක් ලෙස ලෝචන ජයගත් අතර, කාන්තා අවසන් මහා තරගයේදී වාරංගනා වෙතින් ලකුණු 12-21ක්, 21-7ක් සහ 21-14ක් ලෙස පරාජයට පත් වූයේ රශ්මි භාග්‍යා මුදලිගේ ය.

වසරේ පළමු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය ලෙස පැවැති වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව – හසිත චානක සහ  රොෂාන් පද්මකුමාර දිනාගත් අතර, විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගනු ලැබුවේ නටාෂා ගුණසේකර සහ රෂ්මි භාග්‍යා මුදලිගේ විසිනි. විවෘත මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීමට ලෝචන ඔෂාන් ද සිල්වා සහ නදීෂා ගයාත්‍රි සමත් වූහ.

අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව අචින්ත්‍ය ඉමේෂක් දිනාගත් අතර, බාලිකා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ රශ්මි භාග්‍යා මුදලිගේ විසිනි. අවුරුදු 11න් පහළ සිට අවුරුදු 65න් ඉහළ දක්වා වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්විණි.

 

තරග ප්‍රතිඵල මෙසේය.

19න් පහළ බාලක යුගල

ශූරතාව – අචින්ත්‍ය ඉමේෂක් / පසිඳු මිහිරංග පීරිස්

අනුශූරතාව – හිරුක හංසන / උදිත් ඉඳුවර

19න් පහළ බාලක ඒකල

ශූරතාව – අශින්ස හේරත් / අනුශූරතාව – ශෙනුක් සමරරත්න

19න් පහළ බාලිකා යුගල

ශූරතාව – නටාෂා ගුණසේකර / රෂ්මි භාග්‍යා මුදලිගේ

අනුශූරතාව – ඉරූෂි අමන්දි හේවා ගාල්ලගේ/ ප්‍රවීනා තේෂාණී විජේසුන්දර

19න් පහළ බාලිකා ඒකල

ශූරතාව – රෂ්මි භාග්‍යා මුදලිගේ/ අනුශූරතාව – වාරංගනා ජයවර්ධන

17න් පහළ බාලක යුගල

ශුරතාව – පමිත් බණ්ඩාර අත්තනායක / තිඩස ඉරුෂික වේරගොඩ

අනුශූරතාව – රිතිර සෙන්දිල් අබේගුණවර්ධන / තෙනුල් රන්සජ ගනේවත්ත

17න් පහළ බාලක ඒකල

ශූරතාව – තිදස ඉරුෂික වේරගොඩ/ අනුශූරතාව – රෙෂාන් හරිත් දිඹුක්කුවලගේ

17න් පහළ බාලිකා යුගල

ශූරතාව – තිසේජා දම්නදී හේරත් / රනුමි සුහස්නි මානගේ

අනුශූරතාව -දිනදි නෙසංගා මල්ලියාවඩු / සේනාදි ටියංගා මල්ලියාවඩු

17න් පහළ බාලිකා ඒකල

ශූරතාව – රනුමි සුහස්නි මානගේ/ අනුශූරතාව – සඳිති දෙව්මිණි හේවාගාල්ලගේ

15න් පහළ බාලක යුගල

ශුරතාව – කෙනෙත් අරුග්ගොඩ /  සෙනුත් සෙත්මිත පෙරේරා

අනුශූරතාව – නිම්ෂාන් කුරේ / බුද්ධි ශෙනාල්

15න් පහළ බාලක ඒකල

ශූරතාව – සෙනුත් සෙත්මිත පෙරේරා/ අනුශූරතාව – කෙනෙත් අරුග්ගොඩ

 15න් පහළ බාලිකා යුගල

ශූරතාව – ඉසුරි භාග්‍යා අත්තනායක / සිතුමි මිනාරා ද සිල්වා

අනුශූරතාව – සඳරුවි මිහින්දී ජයලත් / රලින්දි දිහංසා උමගිලිය

15න් පහළ බාලිකා ඒකල

ශූරතාව – නෙත්මි අමායා රත්නායක/ අනුශූරතාව -සිතුලි සත්නදී රණසිංහ

13න් පහළ බාලක යුගල

ශුරතාව – තමිඳු රන්දුල ප්‍රනාන්දු / සෙනුද නෙතිල රාජපක්ෂ

අනුශූරතාව – රිසිනු ලක්මිත / ළිහිණි සෙනාල් විමලරත්න

13න් පහළ බාලක ඒකල

ශූරතාව – තමිඳු රන්දුල ප්‍රනාන්දු/ අනුශූරතාව – රනිතු දම්සන

13න් පහළ බාලිකා යුගල

ශූරතාව – සසන්දි ගුරුගේ / හේවා වරාවිටගේ මනුලි මෙතාරා

අනුශූරතාව – සයුනි සිතුනිමා කුලසූරිය / ලිමන්දි ගජලි පද්ම බණ්ඩාර

13න් පහළ බාලිකා ඒකල

ශූරතාව – ලිමන්දි ගජලි පද්ම බණ්ඩාර/ අනුශූරතාව -සයුමි නිහන්සා ද සිල්වා

11න් පහළ බාලක යුගල

ශුරතාව – කවීෂ්වර හිරුෂාන් ජයවර්ධන / නවිතු කුමාරප්පෙරුම

අනුශූරතාව – දුනෙත් හිරුදික වන්නිනායක / ප්‍රවිස්ට ප්‍රසාද් වීරසිංහ

11න් පහළ බාලක ඒකල

ශූරතාව – හංසක රෂ්මින්ද/ අනුශූරතාව – ඉනුක රවිනිඳු කවිසේකර

11න් පහළ බාලිකා යුගල

ශූරතාව – රෂ්මි දිනන්න්‍යා හේරත් / සනුමි මෙත්නරා

අනුශූරතාව – රසිඳි අකිත්‍යා / ඉෂ්මා ඉෂාක්

11න් පහළ බාලිකා ඒකල

ශූරතාව – සනුමි මෙත්නරා/ අනුශූරතාව – රෂ්මි දිනන්න්‍යා හේරත්

65න් පහළ පිරිමි ඒකල

ශූරතාව – ගාමිණී ජයවර්ධන/ අනුශූරතාව – රජිත් කුමාරසිංහ

60න් පහළ පිරිමි යුගල

ශුරතාව – රොහාන් ද සිල්වා / රොහාන් ප්‍රනාන්දු

අනුශූරතාව – රුවන් චන්ද්‍රතිලක / රජිත් කුමාරරත්න

55න් පහළ පිරිමි ඒකල

ශූරතාව – ලක්ෂ්මන් මුතුකුඩ/ අනුශූරතාව – රොහාන් ප්‍රනාන්දු

50න් පහළ පිරිමි ඒකල

ශූරතාව – ජගත් සිසිර කුමාර පෙරේරා/ අනුශූරතාව – මංජුල දිසානායක

50න් පහළ පිරිමි යුගල

ශුරතාව – කිංග්ස්ලි ද සිල්වා / ජෝර්ජ් කරුණානායක

අනුශූරතාව – මනුරු මොෂාන්ත් නාඔටුන්න / ජගත් සිසිර කුමාර පෙරේරා

45න් පහළ පිරිමි යුගල

ශුරතාව – උපේන්ද්‍ර ජයවර්ධන / සහන් ප්‍රදීප්

අනු ශූරතාව – ටී.ජී.එස්.ඒ. කුමාර / සී.ඒ.ඩී. සමන්ත

ශුරතාව – සඳමාලි සේනානායක/ අනුශූරතාව – සුයි අයියදොරේ

45න් පහළ පිරිමි ඒකල

ශූරතාව – අසංක ද සිල්වා/ අනුශූරතාව – පීටර් එල්චෙව්

40න් පහළ පිරිමි යුගල

ශූරතාව – රන්දික පීරිස් / ඉරන්ද දිනේෂ් සමරනායක

අනුශුරතාව – අරවින්ද ජයලත් / අසංක ද සිල්වා

40න් පහළ කාන්තා ඒකල

40න් පහළ පිරිමි ඒකල

ශූරතාව – ශිමාල් රන්දේශ් අපෝන්සු/ අනුශූරතාව – ටීඑන්ඒ. රත්නායක

35න් පහළ පිරිමි ඒකල

ශූරතාව – රොහාන් පද්මකුමාර/ අනුශූරතාව – ලසන්ත තිලකවර්ධන

35න් පහළ පිරිමි යුගල

ශූරතාව – හසිත චානක / අමිල පෙරේරා

අනුශූරතාව – සුමුදු අකලංක කුමාරසිංහ / සචිත්‍ර විදානගමගේ

30න් පහළ පිරිමි යුගල

ශූරතාව – සුපුන් ලක්රංග පියරත්න / ප්‍රසන්න උදයකුමාර

අනුශූරතාව – ලක්ෂාන් කළුආරච්චි / යොහාන් බණ්ඩාර වීරසූරිය

30න් පහළ පිරිමි ඒකල

ශූරතාව – හසිත චානක/ අනුශූරතාව – දුලන ගජබා කළුආරච්චි

30න් පහළ මිශ්‍ර යුගල

ශූරතාව – සහන් ප්‍රදීප් / නදීෂා ගයාත්‍රි

අනුශූරතාව – උපේන්ද්‍ර ජයවර්ධන / චතුරානි උත්පලා

විවෘත පිරිමි යුගල

ශූරතාව – හසිත චානක / රොෂාන් පද්මකුමාර

අනුශූරතාව – මධූක  දුලාංජන / ආර්.එස්. කසුන්

විවෘත කාන්තා යුගල

ශූරතාව – නටාෂා ගුණසේකර / රෂ්මි භාග්‍යා මුදලිගේ

අනුශූරතාව – තිසේජා දම්නදී හේරත් / රනුමි සුහස්නි මානගේ

විවෘත පිරිමි ඒකල (පළඟ)

ශූරතාව – ආර්.පී.එස්.රත්නායක/ අනුශුරතාව – එම්.අයි. අහමඩ්

විවෘත කාන්තා ඒකල (පළඟ)

ශූරතාව – සෙනොමි තිනෝද්‍යා බණ්ඩාර/ අනුශූරතාව – ඉපුලි අත්මජා ජයංග

විවෘත පිරිමි ඒකල

ශූරතාව – ලෝචන ඔෂාන් ද සිල්වා/ අනුශූරතාව – ආශින්ස හේරත්

විවෘත කාන්තා ඒකල

ශූරතාව – වාරංගනා ජයවර්ධන/ අනුශූරතාව – රෂ්මි භාග්‍යා මුදලිගේ

විවෘත මිශ්‍ර යුගල

ශූරතාව – ලෝචන ඔෂාන් ද සිල්වා / නදීෂා ගයාත්‍රි

අනුශූරතාව – ආශින්ස හේරත් / වරංගනා ජයවර්ධන

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව