බවර් සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි

2 (LBN)

 



 

 

විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අදහසින්,  මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්‍ය  සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය.

මේ සඳහාවන ගිවිසුම අත්සන් කිරීම, 2022 දෙසැම්බර් 8 වැනිදා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා සහ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ආචාර්ය ඩී. ෆර්ග්ලර් මහතා සමඟ අදාළ ගිවිසුම හුවමාරු කරගත්හ.

කොවිඩ් වසංගතයේ උච්චතම අවදියේදී, තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (SSG) මුලපිරීම ඇරඹුණු අතර, බවර් සහ SDC යන දෙඅංශයෙන්ම ඊට විශාල සහභාගීත්වයක් හිමිවිය. ශ්‍රමිකයින් සංක්‍රමණය වීමත් සමඟ ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවකට පත්ව ඇති අවස්ථාවක, රොල්ෆ් බ්ලාසර් මහතා මෙම ස්විට්සර්ලන්තය පදනම් කරගත් RIESCO වැඩසටහන මෙරටට හඳුන්වා දීම ද විශේෂත්වයකි. දිනෙන් දින පුළුල්වන කුසලතා හිඟය විසඳීමට එය ප්‍රායෝගික සහ ක්ෂණික විසඳුමක් බව ඉක්මනින් අවබෝධ විය.

පසුගිය වසර අවසානයේදී, බවර් නිලධාරීහු ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවී, අධ්‍යාපනික දෘෂ්ටි කෝණයකින් SHMA සහ විවිධ විසඳුම් හඳුන්වා දෙන ලදී. මෙම වසර මුලදී එම සාකච්ඡා තවදුරටත් පැවැත්වුණු අතර, RIESCO වැඩසටහන දේශීයකරණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට SDC සමඟ සහයෝගීතා අවස්ථාවක් පිළිබඳව එහිදී බවර් සමාගම වෙතින් යෝජනාවක් ඉදිරිපත් විය.

සත්කාරක අධ්‍යාපනයේ ලොව ඉහළම ප්‍රමිතියක් ස්විට්සර්ලන්තය සතු අතර, එවැනි කීර්තිමත් අධ්‍යාපන ප්‍රමිතීන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තුළින් විවිධ අභියෝග තත්ත්ව තුළ පවා ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවකගේ ජීවනෝපාය රැකදෙන මෙරට සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයට කාලෝචිත සහ කදිම විසඳුමකි. ඒ හරහා මෙරට ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් සපයන අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල තරුණයින් අතර දක්ෂ හා රැකියා කළ හැකි වෘත්තීයවේදීන්ගේ ගුණාත්මක සංචිතයක් නිර්මාණය කිරීම සහතික කරයි. මෙමගින් කර්මාන්තයේ නිපුණතා පරතරය අවම කර, රජය සතු බර ඉවත් කර, සමස්තයක් ලෙස රටම නඟා සිටුවීමට කටයුතු කරනු ඇත.

Hotel & Gastro Formation විසින් නිර්මාණය කරන ලද RIESCO වැඩසටහන මගින් රාජ්‍ය සුබසාධන පද්ධතිය මත දැඩි ලෙස රඳා පවතින ස්විට්සර්ලන්තයට ඇතුළු වන සංක්‍රමණිකයන් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ. වැඩසටහන් ක්‍රමවේදය සහ අන්තර්ගතය මඟින් කෙටිම කාලයක් තුළ වැඩසටහන සම්පූර්ණ කිරීමට සහ ඉහළ රැකියා කළ හැකි අවශ්‍ය කුසලතා ලබා ගැනීමට පහසුකම් සලසන අතර එමගින් ඔවුන් සත්කාරක අංශයේ සහ ආර්ථිකයේ ක්‍රියාකාරී සහභාගිවන්නන් බවට පරිවර්තනය කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශය සමඟම වැඩ කරමින් උසස් ඩිජිටල්කරණ වේදිකාවක් හරහා මෙම වැඩසටහන පවත්වා ගැනීමට SHMA සැලසුම් කරයි. SSG වැඩසටහන යටතේ හඳුන්වාදෙනු ලබන, මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝ හා සාම්ප්‍රදායික ආගන්තුක සත්කාර අධ්‍යාපන වැඩසටහන්වලට වඩා වෙනස්ව, අධ්‍යාපනය ලබන්නන්ට සහ සමස්තයක් වශයෙන් රටට ඉමහත් ප්‍රතිලාභ ගෙන එනු ඇත.

ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන (VSD) විෂය මාලාවක් පෙළගස්වා ක්‍රියාත්මක කිරීම හරහා, SHMA විසින් දිවයින පුරා පිහිටි බොහෝ ඉගෙනුම් මධ්‍යස්ථාන පුරා පවතින දේශීය විෂයමාලා ද වැඩිදියුණු කරනු ඇත. වෙසෙසින්ම එහි පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩසටහන් හරහා, SHMA හි ප්‍රබල ඉගැන්වීම් ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

SSG වැඩසටහන මඟින් වසර තුනක් ඇතුළත දක්ෂ තරුණ තරුණියන් 2,240ක් නිර්මාණය කිරීමට අරමුණු කර ඇති අතර, පළමු ශිෂ්‍ය බඳවාගැනීම යටතේ, 240ක් 2023 ජූලි මාසයේදී බඳවාගැනීමට නියමිත අතර, 2024දී සිසුන් 800ක් සහ 2025දී ශිෂ්‍යයින් 1,200ක් පුහුණු කිරීමට අපේක්ෂා කරයි. තව ද, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට ද  (වර්තමානයේ 10% ට අඩු එම නියෝජනය 40% දක්වා වැඩි කිරීමට) අපේක්ෂා කෙරේ. මෙහිදී,  මූලික ආගන්තුක සත්කාර මෙහෙයුම් සහ ආගන්තුක සත්කාර සඳහා අවශ්‍ය ඉංග්‍රීසි, ආචාර විධි, සහ මූලික තොරතුරු තාක්ෂණ කුසලතා ඇතුළු මෘදු කුසලතා සංවර්ධනය ආවරණය කරනු ඇත.

යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, කුරුණෑගල, මහනුවර, බදුල්ල, නුවරඑළිය, මොණරාගල, රත්නපුර, මඩකලපුව, අනුරාධපුරය, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක තුළ විභව ඉගෙනුම් මධ්‍යස්ථාන හඳුනාගැනීමේ මෙහෙයුමක් ද සිදු කෙරේ.

සහතික පත්‍ර වැඩසටහන මාස 9ක් පුරා ක්‍රියාත්මක වන අතර, පළමු මාස ​​හය තුළ ප්‍රායෝගික පන්තිකාමර ඉගෙනීම 70%ක් සහ න්‍යායික දැනුම 30%කින් සමන්විත වන අතර ඉන් අනතුරුව මාස 6ක් දක්වා දීර්ඝ කළ හැකි මාස 3ක සීමාවාසික පුහුණුවක් හිමිවේ. බවර් සමාගම දැනටමත් මෙම සීමාවාසික පුහුණුව සඳහා බොහෝ හෝටල් සමඟ සම්බන්ධ වී ඇති අතර, තවත් බොහෝ හෝටල් ඊට එක්වෙමින් සිටියි. මෙම වැඩසටහන දෙමුහුන් ඉගැන්වීමේ ආකෘතියක් අනුගමනය කරනු ඇති අතර, ක්‍රියාත්මක කිරීමෙන් පසු මාස ​​6ක් සඳහා සෑම ඉගෙනුම් මධ්‍යස්ථානයකම SHMA පීඨ සාමාජිකයෙකු ස්ථානගත කරනු ඇත. එමගින් පාඨමාලාව හොඳින් අවශෝෂණය කර ගැනීම සහ ඉගෙනුම් විෂය මාලාවේ ප්‍රමිතීන් සහ රාමුවල අනුකූල බව සහතික කරනු ඇත.

කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, දක්ෂ කුසලතා සංචිතයක් බිහිකිරීම, ගෝලීය ප්‍රවණතාවලට සමගාමී තත්ත්ව ප්‍රමිතීන් ඇති කිරීම සහ ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්ත අතරට පත් කිරීම තුළින් නිපුණතා පරතරය අවම කිරීම සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා SSG වැඩසටහන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. සමාන රැකියා අවස්ථා වැඩි කිරීම සහ නිවැරදි සහ ආරක්ෂිත රැකියා මාර්ග හා සංක්‍රමණ මාර්ග සහතික කිරීම වෙනුවෙන් කාන්තා නියෝජනය සහ ආපසු පැමිණෙන ශ්‍රමිකයන් ඇතුළත්කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වේ.

SSG සත්කාරක සහතිකය මගින් SHMA විසින් පහසුකම් සපයනු ලබන සහ ලොව අංක එකේ හෝටල් කළමනාකරණ පාසල වන École hôtelière de Lausanne EHL හි වෘත්තීය ඩිප්ලෝමා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමේ සුදුසුකමක් සැපිරීම ද විශේෂත්වයකි. SHMA සිය VET හරහා EHL වෘත්තීය ඩිප්ලෝමා වැඩසටහන හරහා සූපශාස්ත්‍ර, ආහාර සහ බීම සහ හෝටල් මෙහෙයුම්  ආදී ක්ෂේත්‍ර පිළිබඳ ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙයි. මීළඟ බඳවා ගැනීම 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදු කෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව