පීපල්ස් ලීසිං සමාගම නැවත වරක් CMA Excellence in Integrated Reporting Awards 2022 හි ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනී.

PLC - “CMA Excellence in Integrated Reporting Awards – 2022 (LBN)

 



 

 

බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත්‍රයේ මුල්‍ය විසඳුම් සපයන්නා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමෝධානික වාර්ෂික වාර්තා Integrated Annual Report) ඇගයීම සඳහා වු zCMA Excellence in Integrated Reporting Awards 2022 සම්මාන උළෙලේ’ ප්‍රධාන සම්මාන 2 ක් දිනා ගැනිමට සමත් විය.

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ කළමනාකරණ ගණකාධිකාරි ආයතනයක් වන ශ්‍රි ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කර ලද මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය අටවැනි වරට 2022 ඔක්තෝම්බර් මස 31 දින කොළඹ ටාඡ් සමුදා හෝටල් පරිශ්‍රයේ දි පැවැත්විය.

මෙවර පීපල්ස් ලීසිං සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවේ තේමාව වුයේ සාර්ථකත්වයේ සබැඳියාවයි ^‘Linked’&. ඒ අනුව සමාගමේ 9වන සමෝධානික වාර්ෂික වාර්තාව තිරසාරත්වයේ මුලික කරුණුද පවත්වා ගනිමින්  ඩිජිටල්කරණයද සමඟ සිය සමාගමේ සන්නාමය පුළුල්කිරීමේ මෙහෙවර උදෙසා මෙවර සමාගමේ උපාය මාර්ගය විදහා දක්වයි.

CMA Excellence in Integrated Reporting Awards 2022 දි පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව   රජය සතු ව්‍යවසාය සමාගම්, මුල්‍ය සහ ලීසං අංශයේ  හොදම සමෝධානික වාර්තාව ^Best Integrated Report – State Owned Enterprises / Companies : Finance & Leasing&  සහ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. අභියෝගකාරි ආර්ථික තත්වයක් හමුවේ වුවද මුල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය හා සමාජ වගකිම් පවත්වාගෙන යාමට සමාගම දරන උත්සාහය, අඛණ්ඩව වාර්ෂික වාර්තාව සඳහා ලැබෙන දේශිය හා ජාත්‍යන්තර සම්මාන තුළින් මනාව පිළිබිඹුවේ. මෙම ක්ෂේත්‍රයන්හි පවතින ප්‍රමිතීන් අනුගමනය කරමින් කටයුතු කිරීමට සමාගම ගන්නා වු  කැපවීමද තවදුරටත් මෙම සම්මානවලින් සනාථ වේ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ජායාරූප විස්තරය – පීපල්ස් ලීසිං හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා (දකුණේ සිට පස්වන) රාජ්‍ය සතු ව්‍යවසාය/සමාගම්: මුල්‍ය සහ ලීසිං හි හොඳම ඒකාබද්ධ වාර්තාව සඳහා වන සම්මානය A.N රාමන් මහතා CMA ශ්‍රී ලංකා උපදේශක සභා සාමාජික සහ SAFA හිටපු සභාපති වෙතින් ලබා ගන්නා ආකාරයයි. (වමේ සිට හතරවැනියා), ප්‍රසාදි ලීලාරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ විධායක මුල්‍ය – පීපල්ස් ලීසිං ෆිනෑන්ස් (පළමුව වමේ සිට), හසංගා  කත්‍රිආරච්චි මහත්මිය – පීපල්ස් ලීසිං හි නියෝජ්‍ය කළමනාකාර මූල්‍ය (වමේ සිට දෙවැන්නා), රජීව බණ්ඩාරනායක මහතා ප්‍රධාන විධායක නිලධාරී – කොළඹ කොටස් හුවමාරුව (වමේ සිට තුන්වන), මහාචාර්ය ලක්ෂ්මන් වටවල සභාපති සහ CMA ශ්‍රී ලංකා නිර්මාතෘ (දකුණේ සිට හතරවන) , ඩිල්ෂාන් වීරසේකර සභාපති – කොළඹ කොටස් හුවමාරුව (දකුණේ සිට තෙවන), ඩැනියල් බූඩ් මහතා ශ්‍රී ලංකාවේ කැනඩා (ක්‍රියාකාරි) මහ කොමසාරිස් (දකුණේ සිට දෙවන), හෙන්නායක බණ්ඩාර මහතා උප සභාපති CMA Sri Lanka සහ SAFA (දකුණේ සිට පළමු) ද ඡායාරූපයේ සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව