‘මාය්‍යා’ චීස් සන්නාමයේ ප්‍රමුඛතම අලෙවි සැල Cinnamon Lakeside හිදී විවෘත කෙරෙයි

Maia Cheese Pic#6 - Maia Donadze - Founder CEO (LBN)

 



 

 

දෑතින් නිමවුණු ශිල්පීය චීස් සන්නාමය වන ‘මාය්‍යා චීස්’ (Maia Cheese) විසින්, සිය නිෂ්පාදන පෙළ, ඔවුන්ගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි ‘මාය්‍යා චීස්’ නවතම අලෙවි සැල මෑතකදී විවෘත කරන ලදී.

‘මාය්‍යා චීස්’ යනු ප්‍රමුඛ පෙළේ චීස් නිෂ්පාදකයෙකු වන ජෝර්ජියානු ජාතික මාය්‍යා ඩොනඩ්සේගේ (Maia Donadze) සංකල්පයකි. ඇය වර්ෂ 2005 දී ඉන්දියාවේ ගෝවා හිදී ‘මාය්‍යා චීස්’ සන්නාමය ආරම්භ කළ අතර, පසුව වර්ෂ 2015 දී ශ්‍රී ලංකාවට සංක්‍රමණය විය. අනතුරුව, ඇය මාතලේ, මාදිපොල ප්‍රදේශයෙහි ‘මාය්‍යා චීස්’ නිෂ්පාදනය ඇරඹීය.

මෙම සුවිශේෂී සමාරම්භය ගැන අදහස් දක්වමින් ‘මාය්‍යා චීස්’ නිර්මාතෘ මාය්‍යා ඩොනඩ්සේ මෙසේ පැවසුවාය. “මා මෙන්ම මගේ චීස් සන්නාමයත් එකසේ වැලඳ ගැනීම ගැන ශ්‍රී ලංකාවේ අපූරු මිනිසුන්ට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මෙතෙක් පැමිණි ගමන අභියෝගාත්මක වුවත්, සාර්ථකත්වය කරා පැමිණි ගමනක් වූවා. දේශීයව සහ කලාපීය වශයෙන් අතින් සාදන ලද යුරෝපීය චීස් සඳහා එකම-නැවතුම්-වෙළෙඳසැල (one-stop-shop) වීමට අප අපේක්ෂා කරන බැවින්, අපගේ චීස් නාමාවලිය දිගින් දිගටම අත්හදා බැලීමටත්, පුළුල් කිරීමටත් අප අදහස් කරගෙන සිටිනවා.”

ඉතා කෙටි කාලයක් තුළ ‘මාය්‍යා චීස්’ ගෘහාශ්‍රිත නාමයක් ලෙස වර්තමාන තත්ත්වයට රැගෙනඒම සඳහා ලබාදුන් සියලු සහයෝගය සහ මඟපෙන්වීම පිළිබඳව එහි සම-නිර්මාතෘ ෂෙරියෝෂා ඇන්තනී විජේකෝන් වෙත ස්තුතිය පළ කිරීමටද මාය්‍යා ඩොනඩ්සේ කටයුතු කළාය.

‘මාය්‍යා චීස්’, මෑතකදී ‘බැරිස්ටා කැෆේස්’ (Barista Cafes), ‘ජෝන් කීල්ස් ගෘප්’ (John Keells Group) සහ ‘ජෙට්වින්ග් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ (Jetwing Hotels & Resorts) සමගද සැපයුම්කරුවෙකු ලෙස හවුල්කාරීත්වයන්ට එලැඹ තිබේ. ‘මාය්‍යා චීස්’ හි අනෙකුත් හවුල්කරුවන් අතර, ‘සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්’ (Softlogic Glomark), ‘ගුඩ් මාර්කට්’ (Good Market), ‘සාරකෙත ඕගනික්ස්’ (Saaraketha Organics) සහ ‘එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී ජීඩීපී’ (Aitken Spence PLC GPD – ගෝලීය පාර්සල් බෙදාහැරීම) ඇතුළත් වේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත පුළුල් පරාසයක ශිල්පීය චීස් පිරිනැමීම සිදුකරන ‘මාය්‍යා චීස්’ හි, නිෂ්පාදන එකතුව අතර, කෘත්‍රිම රසකාරක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවන, සිසිල් හෝ උණුසුම්ව පරිභෝජනයට ගත හැකි ‘චෙඩාර්’ (Cheddar) චීස්, නැවුම්බවින් යුතු සහ පහසුවෙන් තැවරිය හැකි (මෘදු) ‘ෆ්‍රෙෂ් මොසරැල්ලා’ (Fresh Mozzarella) චීස්, කිරි රසය වැඩි කිරීමට විශේෂයෙන් සැකසූ ‘ස්මොක්ඩ් මොසරෙල්ලා’ (Smoked Mozzarella) චීස්, ඉතාලියානු ආහාර පිසීම සඳහා වඩාත් සුදුසු ‘ග්‍රේටඩ් මොසරැල්ලා’ (Grated Mozzarella) චීස්, සුදු පැහැයෙන් සහ සිහින් නිල් රටාවලින් සංලක්ෂිත විශේෂිත ‘ක්වීන් බ්ලූ’ (Queen Blue) චීස්, සුදු පැහැය, මෘදුබව සමග හොඳින් පදම් වූ (පැසුණු) ‘බ්‍රී’ (Brie) චීස්, සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වූ ‘ගෝට් ක්‍රීම්’ (Goat Cream) චීස්, සලාද සඳහා සුදුසු ‘ගෝට් ෆෙටා චීස්’ (Goat Feta Cheese) චීස්, සයිප්‍රසයෙන් ආරම්භ වූ චීස් ප්‍රභේදයක දේශීය පෙරළියක් වන ‘හොලූමී’ (Halloumi) චීස්, නැවුම් රිකෝටාවලින් (ඉතාලියානු වේ චීස්වලින්) සාදන ලද ‘ඩම්ප්ලින්ග්ස්’ (Dumplings) චීස්, මුදවූ කිරිවලින් සැකසූ විශේෂ ‘කචෝකවාලෝ’ (Caciocavallo) චීස් ආදී වශයෙන් එකකට එකක් වෙනස්වූ නිෂ්පාදන පෙළක් පවතී.

මීට අමතරව, ‘මාය්‍යා’ සතුව ප්‍රණීත රසැති, ‘සෝල්ටඩ්’ Salted – ලුණු දැමූ, ‘අන්සෝල්ටඩ්’ (Unsalted) – ලුණු නොදැමූ සහ ‘ගාර්ලික් ඉන්ෆියුස්ඩ්’ (Garlic-infused) – සුදුළූණු මිශ්‍ර කළ ආදී වශයෙන් බටර් වර්ග නිෂ්පාදනයන් තුනක්ද ඇත.

‘මාය්‍යා චීස්’ සියලුම නිෂ්පාදන දිවයින පුරා ප්‍රධානතම වෙළෙඳසැල්, හවුල්කාර අලෙවිසැල් හරහා හෝ https://www.maiacheese.lk/ තුළින් ඔන්ලයින් මිලදී ගැනීම්ද සිදුකළ හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව