Daraz වෙතින් වසරේ දැවැන්තම විකුණුම් දිනය 11.11

Sinhala KV Final (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz, විසින් ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් වෙයි. පාරිභෝගිකයන් හට වැඩි තෝරාගැනීමේ අවස්ථා රැුසක් හිමිකර දෙමින් සුප‍්‍රකට දෙස් විදෙස් වෙළෙඳ නාම රැුසකින් මිලියන තුනක දැවැන්ත භාණ්ඩ ප‍්‍රමාණයක් එකමුතු කළ මෙවර “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන 2022 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වනදා දක්වා පැවැත්වේ. උද්යෝගීමත් වූත් විනෝදාත්මක වූත් අත්දැකීම් රැසක් සමීප කරන මෙවර “11.11” ප‍්‍රවර්ධන වැඩසටහනේදී පාරිභෝගිකයන් වෙත 85%ක් දක්වා දැවැන්ත වට්ටම් හිමිවන අතර තෝරාගත් බැංකු කාඞ්පත් ඔස්සේ ගෙවීමේදී 10% ක අතිරේක වට්ටමක් ද පිරිනැමේ. තෝරාගත් බැංකු කාඞ්පත් හිමියන් වෙත මාස 40 පහසු ගෙවීමේ ක‍්‍රමය ද මෙවර ක‍්‍රියාත්මක වේ. “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්වන පාරිභෝගිකයන් දිරිගන්වමින් දින 14 ක් ඇතුලත භාණ්ඩ නැවත භාර දීමේ පහසුකමද පිරිනමා ඇත.

ජීවන වියදම අහස උසට ඉහළ ගිය කාලයක දැවැන්ත වට්ටම් රැසක් සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දැවැන්ත ඉතිරියකට මග කියන මෙවර Daraz “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග නිවසේ සිට සුරක්ෂිතව ඔබේ අතැඟිලි තුඩු අගින් සාප්පු සවාරියේ යෙදෙමින් දෙස් විදෙස් හොඳම සන්නාමයන්ගෙන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් හා එදිනෙදා ජීවිතයට වටිනා හොඳම නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාවේ හොඳම මිලට මිලදී ගත හැකිය.

Daraz “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග ඔබට ලැබෙන වාසි රැස අතුරෙන් සුවිශේෂී වාසි කිහිපයක්

Spring and Summer      : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Natures’ Secret             : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Reckitt Benckiser         : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Marvel Marketing         : අවම 30% ක මිල අඩුකිරීමක්

LEGO                          : 25% ක විශේෂ මිල අඩුකිරීමක්

Mobil                           : 8% ක මිල අඩුකිරීමක්

Phoenix Industries        : 40% ක විශේෂ මිල අඩුකිරීමක්

Alumex                        : ඉනිමං සඳහා 50% ක විශේෂ මිල අඩුකිරීමක්

Blink International        : 20% ක මිල අඩුකිරීමක්

Apple (iPhone 14 Pro 128, Macbook M2, Apple Watch 7 සහ 8): රු. 25,000 දක්වා වට්ටම්

AirPods case සමග Apple 3rd generation AirPods: රු. 73,900

තවද ඉහත සුවිශේෂී වට්ටම් අතරට Canon විසින්  රු. 99,990 ක් වටිනා Canon IXUS 185 කැමරාවක් දිනාගැනීමේ වටිනා අවස්ථාවක්ද එක් කොට ඇත.

Daraz 11.11 වෙතින් ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ මිලදීගනිමින් ආකර්ෂර්‍ණය දීමනා රැසක් හිමිකරගන්න – අදම Daraz App ඩවුන්ලෝඞ් කරගන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව