‘Slow Flow Live’ සංදර්ශනයට කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ සවිබලය

Commercial-Bank

 



 

 

නෙළුම් කුළුණ පරිශ‍්‍රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ මෙම සංගීත සැඳෑව වර්ණවත් කිරීම සඳහා මෙරට අතිශයින්ම ජනප‍්‍රිය සංගීත කණ්ඩායම් සහභාගී වූ අතර මෙය නැරඹීම සඳහා 3500 කට අධික පිරිසක් සහභාගී විය.

කොමර්ෂල් බැංකුව මෙහිදී ‘ෆ්ලෑෂ්’ නාමය නිර්මාණශීලී ලෙස සන්නාමකරණය කළ අතර ඒ සඳහා ඩිජිටල් වෝල්, නියෝන් ලයිට් ඇතුළු විවිධ වූ නව්‍ය ක‍්‍රම අනුගමනය කර තිබුණි. මීට අමතරව, මෙහිදී, ‘ෆ්ලෑෂ්’ ගනුදෙනුකරුවන් සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබූ අතර එහි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත හැකි පරිදි ‘ෆ්ලෑෂ්’ සන්නාමය සහිත slow-motion  වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි.

මෙහිදී, බැංකුව සිය සන්නාමය සමග පාරිභෝගිකයින් සම්බන්ධවීම තවදුරටත් වර්ධනය කිරීම සඳහා ‘ෆ්ලෑෂ්’ පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම ස්ථානයේදී දිනුම් ඇදීමක්ද පවත්වන ලදී. මෙම දිනුම් ඇදීමේ පළමු ත්‍යාගය ලෙස සති අන්ත නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබාදී තිබුණු අතර තවත් සැනසිලි ත්‍යාග දෙකක් ලෙස මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු කරන ලදී. මීට අමතරව, මෙම වැඩසටහන අතරතුරදී  ඕනෑම කෙනෙකු ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගෙන බැංකු ගිණුමේ ලියාපදිංචි වූ විට ක්ෂණික ත්‍යාග වවුචරයක් ලබාදුන් අතර එය මෙම වැඩසටහනේ ආහාර මිලදීගැනීම සඳහා භාවිතා කිරීමට හැකිවිය.

‘ෆ්ලෑෂ්’ සන්නාමය නව රැළි නිර්මාණය කරන්නෙකු ලෙස නව පරම්පරාවේ ගනුදෙනුකරුවන්ට නව තාක්ෂණය සහ නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දෙන අතර ජාත්‍යන්තර තත්ත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළදීද එම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අත්දැකීම ලබාදීමට කටයුතු කරන ලදී.

සේයාරු වලින් දැක්වෙන්නේ ‘Slow Flow Live’ සංදර්ශනයේ අවස්ථාවන් කිහිපයක් සහ කොමර්ෂල් බැංකුව විසින් පැවැත්වූ දිනුම් ඇදීමේදී සති අන්ත නිවාඩු පැකේජයේ ජයග‍්‍රාහකයාට එම ත්‍යාගය පිරිනමන ආකාරයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව