Mahindra IDEAL Finance මෙරට ‘මිලේනියල් පරපුරේ’ තරුණ තරුණියන්ට රැකියා කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් නම්කෙරේ

MIFL Best Workplaces for Millennials in Sri Lanka- Image (LBN)

 



 

 

Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි විය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance මෙරට තරුණ පරපුරට ආකර්ෂණීය රැකියා ස්ථානයක් බවට පත්කරමින්, ඔවුන්ට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් වීමට සමාගමේ කළමනාකාරීත්වයේ දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව මෙමගින් තහවුරු වෙයි.
“මෙරට මිලේනියල් පරපුරට රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක පවා තරුණ පරපුරට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීමට අප දැරූ උත්සාහයන් ඵල දරා තිබෙන බව මින් පැහැදිලි වනවා. එමෙන්ම මේ වනවිට අප දිවයින පුරා අපගේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන නිසා, මෙය තරුණ පරපුරට විශිෂ්ට රැකියා සම්ප්‍රදායක් ඇති සමාගමක් හා එක්වී මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ආරම්භයේ සිටම, ‘වටිනාම ප්‍රාග්ධනය වන්නේ මානව ප්‍රාග්ධනයයි’ යන මූලික සත්‍යය අවබෝධ කරගනිමින්, කරුණාවන්ත සහ විශ්වාසවන්ත සේවා යෝජකයෙකු බවට පත්වීමට Mahindra IDEAL Finance උත්සාහ කළේ ය. විශේෂයෙන්ම COVID-19 කාලසීමාව ඇතුළුව සෑම අවස්ථාවකදීම, රැකියා ස්ථානයේදී මෙන්ම නිවසේදීත් සිය කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සෞඛ්‍යය සෑම විටම ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට සමාගම විසින් පියවර ගන්නා ලදී. එමෙන්ම කෙටි කාලයක් තුළ පෞද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා උපරිම අවස්ථා සැලසෙන, කාර්ය සාධනය පදනම් කරගත් රැකියා සම්ප්‍රදායක් පවත්වාගෙන යාමටත් සමාගම කටයුතු කර ඇති අතර, සෑම සාමාජිකයෙකුටම හා සාමාජිකාවකටම ආයතනය තුළ නිසි නිසි වටිනාකම හිමි වේ. Mahindra IDEAL Finance සමාගම රටේ ප්‍රමුඛතම සහ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් බවට පත්කිරීමට මෙම සාමාජික සාමාජිකාවන් දක්වන දායකත්වය කෙතරම්ද යන්න සමාගම හොඳින් හඳුනයි.
Best Workplaces for Millennials™ in Sri Lanka 2022 ලැයිස්තුව සකස් කිරීමේදී Great Place to Work® හි ඒ සඳහාම විශේෂ වූ නිර්ණායක පදනම් කරගන්නා ලදි. මෙහිදී Trust Index© සේවක සමීක්ෂණ ක්‍රමවේදය සහ Culture Audit© මානව සම්පත් විශ්ලේෂණ රාමුව සමග Great Workplace ගෝලීය සුදුසුකම් ලැබීමේ ක්‍රියා පටිපාටියද යොදාගැනිණි. මෙම අධ්‍යයනයේදී 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා 85% ප්‍රතිචාර අනුපාතයක් යටතේ ශ්‍රී ලංකාවේ ආයතන 160 කට වැඩි ප්‍රමාණයක සේවක සේවිකාවන් 72,350 ක් වෙතින් ප්‍රතිචාර විමසන ලදී. මිලේනියල් පරම්පරාවට අයත් 20,000 කට අධික පිරිසක් මෙම නිර්නාමික සමීක්ෂණයට ප්‍රතිචාර ලබාදීමට ඉදිරිපත් වූහ. මෙහිදී අදාළ ආයතන වල කාර්ය මණ්ඩලයෙන් 20% කට වැඩි ප්‍රතිශතයක් මිලේනියල් පරම්පරාවට අයත් සාමාජික සාමාජිකාවන් විය යුතු වූ අතර, ඒ අතරින් සේවායෝජකයා පිළිබඳව 70% කට වැඩි යහපත් ප්‍රතිචාර අනුපාතයක් වාර්තා විය යුතු විය. එමෙන්ම සහයෝගීතාව, රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව, වයස අනුව වෙනස්කොට සැලකීම් නොකිරීම, අර්ථවත් රාජකාරි කටයුතු වල නියැළීමට හැකි වීම, යහපත් වෙනස්කම් වෙනුවෙන් කැපවීමට මෙන්ම සමාජයේ සුභසිද්ධියට හා ආයතනයේ අභිමානයට දායක විය හැකි වීම ඇතුළුව මිලේනියල් පරපුර විසින් අගය කොට සලකනු ලබන ගුණාංග අනුව ඉහළ ලකුණු ලබා ගත් සමාගම හා ආයතන වලට ලැයිස්තුවේ ඉහළම ස්ථාන හිමි විය.
අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ රාජකාරි කිරීමට සුදුසුම ස්ථාන අතරට එක්වූ Mahindra IDEAL Finance Limited මේ වනවිට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජනප්‍රියම සේවායෝජකයෙකු බවට පත්වී සිටී. ඉන්දියාවේ Mahindra and Mahindra Financial Services Limited සමාගම විසින් 2021 වසරේදී IDEAL Finance Limited හි ප්‍රධාන කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග සමාගමේ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වේගවත් වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, එහිදී තරුණ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා රාශියක් උදා විය. මෙම වෙනසත් සමග සමාගමට දැවැන්ත ජාත්‍යන්තර මූල්‍ය සමාගමක පිටුබලය හිමි වූ නිසා Fitch Ratings විසින් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ මට්ටමට උසස් කරන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව