අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි

SME's commend Litro for continuous support PR Pic#1 (LBN)

 



 

 

විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් මාස ගණනාවක් දැඩි අර්බුදයකට මුහුණදී සිටි ආහාරපාන කර්මාන්තයේ යළි පිබිදීම ගැන ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරුවා මෙන්ම, දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka) සිය සතුට ප්‍රකාශ කර සිටීග

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආහාරපාන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාර යථාතත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මෙසේ පවසා සිටියේය. ”කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ඔවුන්ගේ දෙපයින් නැගී සිටීම ගැන අප සතුටට පත්වෙනවා. ගෑස් හිඟය හේතුවෙන් සිය මෙහෙයුම් අත්හිටුවා තිබූ බොහෝ ව්‍යාපාර යළි සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එහිදී, මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයත් ආරක්ෂා කිරීම සඳහා අනාගතයේදී අඛණ්ඩ ගෑස් සැපයුම සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ලෝක බැංකු ආධාර යටතේ LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කරමින්, විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ දිගු පෝලිම් ඉවත් කළ පළමු වැනි අත්‍යවශ්‍ය සේවාව බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පත්වීම ගැන සතුටු වන බවද සභාපතිවරයා පැවසීය. එමෙන්ම, ප්‍රධාන තරගකරුවා සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ විට දින 20ක කාලයක් තුළ සිලින්ඩර මිලියන 2.2ක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම තනිවම ගෘහස්ථ අංශයට සේවා සැපයීමට සමත්වීමද තවත් විශේෂත්වයකි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවය අගය කරමින් අදහස් පළ කළේද මේ හේතූන් නිසාය. ”පසුගිය මාස කිහිපය කැලඹිලි සහිත වූ නමුත් ලිට්රෝ සමාගම අඛණ්ඩව LP ගෑස් සැපයීම සහතික කිරීම ප්‍රශංසනීයයි. අර්බුදයේ උච්චතම අවස්ථාවේදී පවා ලිට්රෝ සමාගම මුළු අවශ්‍යතාවයෙන් 50%ක් වත් සහතික කිරීමට කටයුතු කළා. වෙළෙඳපොළ තරඟකරු හෙවත් විකල්ප සැපයුම්කරු මෙහෙයුම් අත්හිටුවන විට අපව ගලවා ගැනීමට පැමිණීම ගැන අප ලිට්රෝ සමාගම වෙත ණයගැතියි. ඒ වගේම, මේ වනවිට හිඟය පාලනය කර ඇති බැවින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි පරිදිත්, බේකරි නිෂ්පාදනවල මිල ස්ථාවරව තබා ගැනීමට අපට හැකි වන ආකාරයටත්, අඛණ්ඩ මිල අඩු කිරීම් පිළිබඳවද අප ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත විශේෂ ස්තූතියක් පුදකර සිටිනවා.”

කුකුළු මස් කර්මාන්තය නියෝජනය කරමින් CIC Feedsහි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ සහ ලංකා කුකුළු මස් සංසදයේ සභාපති අජිත් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය. ”උණුසුම සැපයීමටත්/ ඉන්කියුබේෂන් අරමුණු සඳහාත් LP ගෑස් වඩාත් යෝග්‍ය බලශක්ති ප්‍රභවයක් බවට පත්වූ දා සිටම ලිට්රෝ සමාගම අපගේ LP ගෑස් සැපයුම්කරුවා බවට පත්වුණා. බලාපොරොත්තු වූවාට වඩා වැඩි යමක් කිරීමට කටයුතු කළ ලිට්රෝ වැනි සැපයුම්කරුවන්ට ස්තූතිවන්ත වන්නට, ගෝලීය වසංගතය අතරතුර පවා නොනැසී අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වූ කර්මාන්ත කිහිපයෙන් එකක් වූයේ කුකුළු මස් කර්මාන්තයයි. නමුත්, වසංගත කාලය තුළ අපට වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් සොයා යාමට සිදුවුණා. ඒ වගේම, පසුව මෙම වසර මුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වුණා. එවැනි පසුබිමකත්, ලිට්රෝ සමාගම ඔවුන්ගේ නිෂ්පාදන නියමිත වේලාවට අපගේ දොරකඩටම ලබාදීමට වගබලා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ මෙහෙයුම් අත්හිටුවීමට සිදුවූයේ නැහැ. සැබවින්ම, අපේ ව්‍යාපාරයේ ස්වභාවය අනුවම මෙහෙයුම් අත්හිටුවීම විකල්පයක් නොවෙයි. ඒ නිසාම, කුකුළු මස් ව්‍යාපාරයේ නිරත ගොවීන් වෙනුවෙන්, අපගේ දුක්ගැනවිලි තේරුම් ගෙන, ඒ අනුවම ප්‍රමුඛත්වය දෙමින්, ඒවාට විසඳුම් ලබාදීම ගැන ලිට්රෝ ගෑස් ලංකා සමාගමට මේ අවස්ථාවේදී මා හදපිරිස්තුතිය පුද කර සිටිනවා.”

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ ලාභ ලබන රාජ්‍ය හිමිකාරීත්වය දරණ ආයතන (SOEs) කිහිපයෙන් එකක් වන අතරම, ගෝලීය වසංගතය අතරතුර ඩිජිටල්කරණය වැලඳගත් පළමු ආයතන කිහිපය අතරින්ද එකකි. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ Home Delivery App එක මගින් ලොව ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ගෑස් ඇණවුම් කිරීමට ඉඩ ලබාදෙන අතරම, දේශීය මුදල් මෙන්ම ඇමෙරිකානු ඩොලර් භාවිතයෙන්ද ගෙවීම් පිළිගනී. එසේම, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වඩාත් පුළුල් බෙදාහරින්නන්ගේ ජාලය හරහා දොරකඩටම ලබාදෙන බෙදා හැරීමේ සේවාවද පාරිභෝගිකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත. එසේම, පාරිභෝගික පැමිණිලි සහ විමසුම් කඩිනමින් විසඳීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව පැවතීම තවත් විශේෂත්වයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව