රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ‘ සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ සාර්ථකව නිමාවට පත් වේ

CBL (LBN Fill)

 



 

 

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිස්ට්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උරදෙන දේශීය සන්නාමයක් වශයෙන් සිලෝන් බිස්කට් සමාගමේ කැපවීම මෙම අනුග්‍රාහකත්වය හරහා තව දුරටත් පිළිබිඹු කරයි.

මෙවර තරගාවලියට වයස අවරුදු 10 න් පහළ සහ 12 න් පහළ කාණ්ඩ යටතේ පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් සහභාගී විය. තරගාවලිය වට 4කින් සමන්විත වූ අතර එය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී.

අනාගත පරපුරේ රග්බි ක්‍රීඩකයන්ට විනෝදාත්මක හා තරගකාරී පසුබිමක් තුළ තම කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීම මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ විය. උද්‍යෝගයෙන් යුතුව ක්‍රීඩා කිරීමට සියලු දෙනා දිරිගැන්වීම සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම උදෙසා තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමක් නම් නොකරන ලදී.

CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “මෙය අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරකි. රිට්ස්බරි කවදත් රටේ යොවුන් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට කැපවී ක්‍රියා කරනවා.එබැවින්, නැවත වරක් සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළියට සත්කාරක දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබද අප බෙහෙවින් සතුටට පත් වනවා. මෙවරත්, තරගාවලිය තුළදී සියලු කණ්ඩායම් තම උපරිම දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි මහතා පැවසුවේ, “දෙවැනි වරටත් මෙලෙස රිට්ස්බරි සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ශක්තියක්. මේ හවුල්කාරීත්වය මෙරට රග්බි ක්‍රීඩාවේ නියුතු ළමා පරපුරේ කුසලතා තවදුරටත් නංවාලීමට හේතු වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේදී පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් මෙම තරගාවලියට එක්වී සිටියා. ඒ නිසා මෙය අතිශයින් සාර්ථක බව කියන්නට පුළුවන්,” යනුවෙනි.

රග්බි ක්‍රීඩාවට අමතරව රිට්ස්බරි තවත් ක්‍රීඩාවන් රැසකට අනුග්‍රාහක දායකත්වය ලබා දී ඇත. රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය, විදුදය රිට්ස්බරි පිහිනුම් ක්‍රීඩා තරගාවලිය, රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්ක්වොෂ් ශූරතාවලිය සහ SLTA Tennis Tens All Island School Kids Tennis Play Day වැඩසටහන ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව