ස්වදේශී කොහොඹ 14වන වරටත් දෙව්නුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරයි

Swadeshi - Mahanuwara Vishnu Devalaya (LBN Fill)

 



 

 

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලද්දේ තෙවන වරටය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රී ලාංකේය සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකේය උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකේය සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.

පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහ දේවාලය  ක්‍රි.ව 661 දී ධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදු දහම ආරක්ෂා කර දෙන ලෙස බුදු රදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයාගේන් ඉල්ලීමක් කර ඇත.  ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරා දී ඇත. උත්පලවර්ණ යන්නෙහි අර්ථය නිල් පැහැය වන අතර එය විෂ්ණු දෙවියන්ගේ පැහැයට සමාන වේ. මේ නිසා දෙවුන්දර දේවාලය, උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාල මන්දිරය ලෙස හඳුන්වයි.

නුවර හතර දේවාලයන්ගෙන් එකක් වන මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, රාජකීය මන්දිරය (මහ වාසල) සහ ශ්‍රී දළදා මාළිගාව සමඟ සමීපව කටයුතු කරයි.

2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලද ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු මහා කතරගම දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය,  සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය,  සංඛපාලි රජ මහා විහාරය, කොළඹගම රජ මහා විහාරය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය – කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව