දකුණු ආසියා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ අනුශූරතා දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 9ක් දිනති

IMG-20221001-WA0003 (LBN Fill)

 



 

 

ඉන්දියාවේ අසෑම් නුවර බැඩ්මින්ටන් සංගමයේ සත්කාරකත්වයෙන් පැවැති අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ දකුණු ආසියාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදි අනුශූරතා දිනා ගනිමින් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 7ක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශෙනුක් සෝමරත්න සහ පුලින වෙල්ලාලගේ අවුරුදු 17න් පහළ බාලක යුගල තරගයේදීත්, නෙත්මි ලියනගේ සහ පවනී ඉලේපෙරුමආරච්චි අවුරුදු 15න් පහළ බාලිකා යුගල තරගයේදිත් රිදී පදක්කම් දිනා ගත්හ. මීට අමතරව  අවුරුදු 17න් පහළ තරග අංශයේ බාලක ඒකල තරගයේදී ශෙනුක් සෝමරත්න, බාලිකා ඒකල තරගයේදී සහ බාලිකා යුගල තරගයේදී රනිත්මා ලියනගේ සහ  වාරංගනා ජයවර්ධන ලෝකඩ පදක්කම් දිනා ගත් අතර, මිශ්‍ර යුගල තරගයේදී ශෙනුක් සෝමරත්න සහ වාරංගනා ජයවර්ධනත්, පුලින ජයවීර සහ රනිත්මා ලියනගේත් ලෝකඩ පදක්කම්වලට හිමිකම් කීහ.

අවුරුදු 15න් පහළ තරග අංශයේ මිශ්‍ර යුගල තරගයේදී මිහිල ජයවීර සහ නෙත්මි රත්නායක ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මේ  ශූරතාවලියේ තරග 4කින් 3ක් ජය ගනිමින් අවුරුදු 17න්ද පහළ තරග අංශයේ අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු 15න් පහළ තරග අංශයේ අනුශූරතාවට හිමිකම් කීවේ ද තරග 4කින්ද 3ක් ජයගනිමිනි.

භූතානය සමඟ පැවැති පළමු තරගයෙන් 5-0ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම අනතුරුව නේපාලය 5-0කින් පරාජය කිරීමට සමත් වූ අතර, මාලදිවයිනටඑරෙහිව 5-0ක ජයක් වාර්තා කළේය. මේ අතර අවුරුදු 15න් පහළ කණ්ඩායම  මාලදිවයින, නේපාලය සහ භූතානය 5-0කින් පරාජයට පත් කිරීමට සමත් විය. තරග අංශ 2දීම ශ්‍රී ලංකාව පරාජයට පත් වූවේ ඉන්දියාවට පමණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව