ටැන් හක් ලේ මහතා AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සභාපති ලෙසටත්, AIA හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයටත් තේරී පත්වේ!

PR Image (LBN Fill)

 



 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි.   ආසියාවේ රක්‍ෂණ ක්‍ෂේත්‍රය තුල  පුළුල් විෂයයන් හරහා වසර 30කට වැඩි ක්‍රමෝපායික අත්දැකීම් සහ හසල දැනුම මෙන්ම වසර 11ක් පුරාවට AIA සමූහය තුල ලබාගත් අත්දැකීම් සමුදායක් ද  ටැන් හක් ලේ මහතා  සතුවේ.  එක්සත් රාජධානියේ හෙරියට් වට් විශ්ව විද්‍යාලයෙන් ආයුගණක ගණිතය සහ සංඛ්‍යාලේකන සඳහා පිරිනමන ලද පළමු පන්තියේ ගෞරව උපාධියක් දරන ඔහු  එක්සත් රාජධානියේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි.

හක් ලේ මහතාගේ මෙම පත්වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දැනට පවතින අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය තුල ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට මහත් අත්වැළක් වනු ඇත.

 හක් ලේ මහතාගේ මෙම පත්වීම AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම හා සමගම  සිදුවිය.  2022 මැයි මාසයේ දී AIA හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ චතුරි මුනවීර මහත්මිය, AIA සමූහය මගින් AIA ශ්‍රී ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් පසු සමාගමේ මෙම ප්‍රධාන විධායක තනතුර හෙබවීම සඳහා තේරී පත් වූ ප්‍රථම කාන්තාවයි.

චතුරි මුනවීර මහත්මිය ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි.  ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර ඇය AIA ඉන්ෂුවරන්ස් හි (AIA ශ්‍රී ලංකා) නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂක වරියද වූ අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේකම් කටයුතු පිළිබඳව  සහ භාහිර සබඳතා පිළිබඳව ද වගකීම් දරන ලදී .  එමෙන්ම මුනවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිලිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්‍රධාන නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත.  වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්‍රමෝපායික සැලසුම් සහ ව්‍යාපාර ජයග්‍රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.  චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,  AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ කර්තව්‍ය සඳහා ද නායකත්වය දෙන ලදී.

මෙසේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට තේරී පත්වීම චතුරි මුනවීර මහත්මියගේ වෘත්තීය ගමන් මග තවත් එක් සුවිශේෂී පියවරකි.

වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන AIA,  විශාලතම ස්වාධීන පොදු ලැයිස්තුගත ආසියානු ශාන්තිකර කලාපීය ජීවිත රක්ෂණ  සමූහය වන අතර ආසියානු කලාපය පුරා රටවල් 18ක ව්‍යාපාර පවත්වාගෙන යයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව