Alumex අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පරිසර හිතකාමී Low Carbon ඇලූමිනියම් හඳුන්වා දෙයි

Image 01 (LBN Fill)

 



 

 

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප‍්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලූමිනියම් හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය.
සපුගස්කන්ද ප‍්‍රදේශයේ දී ස්ථාපිත කරන ලද Alumex හි නව නවීනතම ඇලූමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලූමිනියම් නිෂ්පාදනය සකී‍්‍රය කරන අතර දැනටමත් එහි පළමු අදියර සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙයි. මෙමගින් අපනයන වෙළඳපල ජය ගැනීම යථාර්ථවත් කරන අතර රුපියල් බිලියන 1.0 ක ආයෝජනයක් සිදුකර එය දෙවන අදියර දක්වා ද පුළුල් කරයි.
ලොව ඇති නවීනතම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් ඇතුළත් කරමින් නව පහසුකම හරහා Boxite මගින් ප‍්‍රාථමික ඇලූමිනියම් නිෂ්පාදනයේදී පරිභෝජනය කරන මුළු ශක්තියෙන් 5%ක් පමණක් ප‍්‍රයෝජනයට ගනිමින් ඉහළම තත්වයේ ඇලූමිනියම් billets නිෂ්පාදනය කිරීමට Alumex හට හැකියාව ලැබේ. තවදුරටත් ස්වයංක‍්‍රීයකරණය මත පදනම් වූ ප‍්‍රශස්තකරණයන් Alumex හි බලශක්ති පරිභෝජනය 20% දක්වා අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා පවසන පරිදි මෙම නිෂ්පාදනය ශ‍්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පාරිසරික සහ කාබන් පියසටහන් අවම කිරීමට දරණ වෑයමකි. එමෙන්ම මෙහිදී “Ozon” භාවිතා කරමින් ඉහළම ගෝලීය තත්ව ප‍්‍රමිතීන් පවත්වාගෙන යන අතර Ozon billets සඳහා ඔවුන්ගේ විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලූමක් පවතී. විශේෂයෙන් Low Carbon ඇලූමිනියම් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් වල ඉහළ ඉල්ලූමක් පවතී. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්වය තුළ ඉතා අත්‍යවශ්‍ය සහ ප‍්‍රමුඛ වැදගත්කමක් ඇති විදේශ විනිමය මෙරටට ගෙන ඒමට මේ හරහා Alumex හට හැකි වේ.
”ඇලූමිනියම් යනු අසීමිත හැකියාවන් ඇති සහ නැවත නැවත භාවිත කළ හැකි ද්‍රව්‍යයක්. නිවැරදිව සකසන ලද විට ගුණාත්මක හා හානියකින් තොරව එය භාවිතා කිරීමට, උණු කිරීමට සහ නැවත සකස් කිරීමට පුළුවන්. අපගේ නව පහසුකම හරහා Alumex විසින් නැවත නැවත භාවිතා කිරීම සක‍්‍රීය කිරීම, සෘණාත්මක පාරිසරික බලපෑම සහ බලශක්ති භාවිතය විශාල ලෙස අඩු කරනවා. ඒ වගේම අපි දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක නිෂ්පාදන දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ වෙත බෙදා හැරීම සඳහා අපගේ සන්නාමයේ කීර්ති නාමය අඛණ්ඩව පැතිරවීම සහතික කරනවා.” යනුවෙන් දැදිවෙල මහතා වැඩිදුරටත් පැවසුවේය.
Hayleys Life Code අනුගමනය කරමින් හේලීස් සමූහයේ සියලූම සමාගම් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මුලපිරීම් සඳහා ඒකාබද්ධ ප‍්‍රවේශයක් අනුගමනය කරන අතර Alumex ද තිරසාරභාවය කේන්ද්‍ර කරගත් අපනයන සංවර්ධනය අවධාරණය කරමින් සිය උපායමාර්ග වඩාත් ශක්තිමත් ලෙස සකස් කර ඇත.


”අපි රටක් ලෙස වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින කාලයක ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ඉදිරියට යාම සහ ඊට නායකත්වය දීම අපගේ වගකීම බව අපි විශ්වාස කරනවා. කාබන් විමෝචනය සහ බලශක්ති පරිභෝජනය අවම කරමින් අපගේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට දායක වෙමින් ගෝලීය වේදිකාවක් මත තරඟ කළ හැකි නිෂ්පාදන මෙහෙයුම් නිර්මාණය කිරීමට Alumex කණ්ඩායම දරණ උත්සාහය Hayleys Life Code හි දක්වා ඇති හොඳම පරමාදර්ශවලට අනුකූල වෙනවා. ඒ වගේම ඔවුන්ගේ නවෝත්පාදන ආකල්පය පිළිබඳව ඔවුන්ට ප‍්‍රශංසා කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් හේලීස් සමූහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප‍්‍රකාශ කළේය.
Alumex දැනටමත් එහි අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 50% ක් සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ලෝහ භාවිතා කරයි. මෑතකදී Alumex පරිසරය සුරැකීමේ සිය මුලපිරීමේ කොටසක් ලෙස භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක් රට තුළ කි‍්‍රයාත්මක කළේය. සාමාන්‍යයෙන් භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් කිලෝග‍්‍රෑම් 1 ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් bauxite කිලෝග‍්‍රෑම් 8 ක්, රසායනික නිෂ්පාදන කිලෝග‍්‍රෑම් 4 ක් සහ විදුලිය kWh 14 ක් ඉතිරි කරගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව