රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි

01.Representatives of Orient Finance PLC and Greasemonkey.lk at the MoU signing (LBN Fill)

 



 

 

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient Finance PLC මේ හරහා ක්‍රියා කරයි.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, Orient Finance පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා වලට යටත්ව, රථවාහන අමතර කොටස් සහ උපාංග, වාහන ආරක්ෂණ නිෂ්පාදන, එන්ජින් ඔයිල් සහ ලිහිසි තෙල්, වාහන තත්ත්‍ව වාර්තා ලබාගැනීම් ආශ්‍රිත සේවා ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. මෙහිදී www.greasemonkey.lk හරහා භාණ්ඩ මිලදී ගන්නා Orient Finance පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් සිය භාණ්ඩ මිලදී ගැනීම සහතික කරමින්, විශේෂ කේතයක් (code) ලබාදෙන අතර, කිසිඳු කරදරයකින් තොරව භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, Orient Finance PLC හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී K.M.M. ජබීර් මහතා මෙලෙස පවසා සිටියි. “මෙම අභියෝගකාරී කාලසීමාව තුළ අප පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, Greasemonkey.lk හා මේ ආකාරයේ හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වෙනවා. පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගනිමින්, අප පාරිභෝගිකයින්ගේ මූල්‍ය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා  වන පිරිවැය ඉතිරි කිරීමේ බහුවිධ මාර්ග පිළිබඳ අප දැඩි අවධානයකින් කටයුතු කරනවා වගේම, නිරන්තරයෙන්ම අප ගනුදෙනුකරුවන් ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා අප කැපවී ක්‍රියා කරනවා.  මෙම හවුල්කාරීත්වය හරහා, දැන් අප පාරිභෝගිකයින්ට ඔවුන්ට අවශ්‍ය දෑ වඩාත් පහසුවෙන් මිලදී ගෙන, නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී තියෙනවා. මෙම හවුල්කාරීත්වය අප පාරිභෝගික ජීවන තත්වයන් උසස් කරනවා යැයි අපට විශ්වාසයි. එසේම, අපගේ ගනුදෙනුකරුවන් මෙම සුවිශේෂී දීමනාව භාවිතා කර එහි ප්‍රතිලාභ ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. තවද, 41 වසරක ගමන් මඟ තුළ, අප සාර්ථකත්වය පසුපස සිටි සියලුම පාරිභෝගිකයන්, සේවකයින් ඇතුලු සියලුම පාර්ශවකරුවන් වෙත ස්තුතී කිරීමට මෙය මම අවස්ථාවක් කර ගන්නවා. පසුගිය දශක 4ක කාලය පුරාවට මෙන්ම ඉදිරියේදීත්, අප පාරිභෝගිකයන් වෙනුවෙන් කැපවෙමින්, ඔවුනට අවශ්‍ය මුල්‍යමය සහයෝගය සහ ශක්තිය ලබා දීමට අප දිගින් දිගටම ක්‍රියා කරනවා.”

“අපගේ වටිනා පාරිභෝගික පදනම වෙත සේවාවන් ලබාදීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන Orient Finance PLC හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන උපාංග වෙබ් අඩවිය වන Greasemonkey.lk වෙත පිවිසෙන පාරිභෝගිකයන් වෙත, වාහන අමතර කොටස් සහ උපාංග ඇතුලුව, පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ හා සේවා රැසක් මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිලාභ ඉදිරියටත් වර්ධනය කරමින්, පාරිභෝගිකයින් වෙත උපරිම සහන සැලසීමට අප ක්‍රියා කරනවා.” Greasemonkey.lk හි කළමනාකරණ අධ්‍යක්ෂ නිදුක්ෂ වීදීසිංහ මහතා පවසයි.

වසර 41ක කාලය පුරාවට, ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය බලගැන්වූ, Orient Finance PLC, වඩාත් කාලෝචිත නිෂ්පාදන පිරිනැමීම් වෙළඳ පොලට හඳුන්වා දෙන, නව්‍ය, පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස නම් දරා ඇත. පාරිභෝගිකයින්ගේ සහ ජාතියේ මූල්‍ය යහපැවැත්ම පිලිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන Orient Finance PLC, පාරිභෝගිකයින් ශක්තිමත් කිරීම උදෙසා වඩාත් උපායමාර්ගික විසඳුම් රැසක් දියත් කරමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව