AIA ඉන්ෂුවරන්ස් හි ‘ඇය සුරකින AIA’ කාන්තා වැඩසටහන ඔස්සේ සැබෑ වෙනසක් සිදු කිරීමේ අභිලාශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතා පුහුණුවක් (GST) දියත් කරයි.

PR Image 1 (LBN Fill)

 



 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්‍රථම අදියර සම්පූර්ණ කරන ලදී.  මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද  ‘ඇය සුරකින AIA’ නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ ක්‍රමෝපයෙහි එක් අංගයක් වේ.  මෙම වැඩසටහන ඔස්සේ කඩිනම්ව කාන්තා පුරුෂ සමානාත්මතාව සඳහා සංවේදී ශ්‍රම බලකායක් ඇති කරමින් වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්‍රම බලකායට එකතු කර ගැනීම සඳහා රැකියා අවස්ථා ඇතිකරලීම සිදු කරනු ලබයි.  විශේෂයෙන් මේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත කාන්තාවන් එකතු කරගනිමින් ඔවුනට දැනුම පුහුණුව මෙන්ම රැකියා අවස්ථා ද ලබා දෙයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් අවශ්‍ය කරුණක් ලෙසම ආරථික වශයෙන් ද අත්‍යවශ්‍ය වන කරුණකි.  ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ 2015 AXA Group සහ Accenture හි  SheForShield වාර්තාවට අනුව 2030 වසර වනවිට ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ වෙළඳපොල කාන්තාවන්ගේ නියෝජයනය සඳහා ඇති අවස්ථාවන්හි අගය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් ලෙස දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා ශ්‍රී ලංකාව වැනි අලුතෙන්ම බිහිවෙමින් පවතින වෙළෙඳපොල තුලින් ඇතිවිය හැකිබව අනුමාන කෙරේ.  එබැවින් AIA වැනි ප්‍රමුඛ පෙලේ ආයතන ඔවුන්ගේ ශක්තීන් වෙළෙඳපොල වෙත එවන් ඇතුලත් කිරීම් සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ.  වෙළෙඳපොල තුළ කාන්තා ශ්‍රම බලකා නියෝජනයෙහි සැලකිය යුතු අඩුවක් ඇති අතර වැඩි වැඩියෙන් කාන්තාවන් ව්‍යවසායිකාවන් සහ සේවානියුක්තිකයන් ලෙස වෙළෙඳපොල වෙත එකතු වීම ශ්‍රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එකතු කරනු ඇත.

රක්ෂණය සඳහා කාන්තාවන් වඩාත් වටිනා වෙළෙඳපොල කොටසක් යන මැයෙන් ඉතා ඉහල අන්තර් ක්‍රියාකාරිත්වයක් සහිතව පවත්වන ලද මෙම වැඩසටහන ඔස්සේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයකින් හෙබි සංස්කෘතියක් පැවතීම තුලින් ඔවුනගේ නැඹුරුකම් සහ හැසිරීම් රටා තක්සේරුවට ලක්කිරීම මෙන්ම එවැනි සංස්කෘතියක් මගින් පෝෂණය විය හැකි කුසලතාවන්ද AIA හි කලමනාකාරිත්වය විසින් අවබෝධ කරගන්නා ලදී.  AIA පුහුණු මධ්‍යස්ථානය වන AIA ඇකඩමිය සඳහා 2022 වසරට මෙම පුහුණුව ප්‍රධානතම වැඩසටහනක් ලෙස එකතු කරන ලදී.

මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ සමාරම්භය සිදුකරන ලද්දේ AIA හි ජේෂ්ඨ කලමනාකාරිත්වයට එම පුහුණුව ලබා දෙමින් වන අතර ඉන් පසුව අපගේ පුහුණු මධ්‍යස්ථානය වන AIA ඇකඩමියේ පුහුණුකරුවන්හට එම පුහුණුව ලබාදෙන ලදී.   ඉදිරියේ දී කාර්ය මණ්ඩල සාමාජිකයින්හට සහ අලෙවි බලකා සාමාජිකයින්හටත් මෙම පුහුණුව ලබා දීමට නියමිතය.  මේ ඔස්සේ සේවාලාභීන්හට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට සහ නව වෙළෙඳපොල ලඟා කර ගැනීමට මෙන්ම කාන්තාවන්ගේ රක්ෂණ වෙළෙඳපොල සොයා ගැනීමටත් සහාය වෙනු ඇත. මෙහි දී එක් ප්‍රධාන අරමුණක් වෙනුයේ අලෙවි බලකායේ චින්තනය රක්ෂණ අලෙවියට පමණක් සීමා නොවී කාන්තාවන් හට සිය මූල්‍ය කළමනාකරණය සහ රැකවරණය වඩාත් හොඳ ආකාරයකට සිදුකර ගැනීම සඳහා රිසි දැනුම සහ අවබෝදය ලබා දීමයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලත් රක්ෂණය මත ගොඩනැගුණ සමාගමක් ලෙස අපගේ අලෙවි නියෝජිතයින්,  සමාගමේ කාන්තාවන් වෙනුවෙන් ඇති  අගය එකතු කිරීමේ යෝජනාවලීන් සන්නිවේදනය කිරීමට සහය වෙමින්, කාන්තාවන්ගේ වෙළෙඳපොල සමගින් නියැලීම වැඩි දියුණු කරගනිමින් ස්ත්‍රී පුරුෂ භාවයේ ගතිකත්වය මත සහ නොදැනුවත්ව සිදුවන පක්ෂපාතීත්වය අඩු කිරීම පිලිබඳ දැනුවත් භාවය ඇති කිරීම යන සියලු කරුණු සඳහා මෙම GST පුහුණුව වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතිබව මගේ විශ්වාසයයි.  ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය (GAD) ප්‍රවර්ධනය සහ ක්‍රියාවට නැංවීම පිලිබඳ AIA හි කැපවීමට අනුව, මෙම පුහුණුව AIA පුහුණු ඇකඩමියේ ප්‍රධාන වැඩසටහනක් වෙනු ඇත. ඒ ඔස්සේ AIA  හි කාන්තාවන් සහ පුරුෂයන් සවිබල ගැන්වෙනු ඇති අතර ඔවුන්ගේ සමාජය තුලට එම සමානාත්මතාවය පිලිබඳ පණිවිඩය ඔවුන් ගෙනයනු ඇත.”

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව