Habitat for Humanity Sri Lanka විසින් ශ්‍රී ලංකා ඇමරිකානු වාණිජ මණ්ඩලය සමඟ එක්ව දියත් කරන ලද හදිසි මානුෂීය ආධාර සහන බෙදා හැරීමේ වැඩසටහන එක්සත් ජනපද තානාපතිතුමිගේ Julie J. Chung ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

Image 1 (LBN Fill)

 



 

 

 

2022 ඡූලි 22, කොළඹ මීගමුව ප්‍රදේශයේදී: Habitat for Humanity Sri Lanka සහ ශ්‍රී ලංකා ඇමරිකානු වාණිජ මණ්ඩලය (American Chamber of Commerce Sri Lanka (AmCham SL)) විසින් දියත් කරන ලද වියළි ආහාර බෙදා හැරීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි HE Julie J. Chung විසින් පසුගියදා කටාන මීගමුව නයනාලෝකගම ගම්මානයේ දී ආරම්භ කරන ලදී. නයනාලෝකගම යනු දකුණු ආසියානු කලාපයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා වෙන්වූ එකම ගම්මානය වන අතර එය Habitat for Humanity Sri Lanka හි දැනට ක්‍රියාත්මක වන නිවාස ආධාර ව්‍යාපෘතිවලින් කොටසකි. ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා Habitat for Humanity Sri Lanka විසින් දියත්කරනු ලබන හදිසි මානුෂීය ආධාර සහන බෙදා හැරීමේ වැඩසටහන (H-ERP – Humanitarian Emergency Relief Program) හඳුනාගෙන ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීම අරමුණු කර ඇත. නයනාලෝකගම ගම්මානයේ පැවති සමාරම්භක වැඩසටහනේදී පවුල් 100 කට තානාපතිනී Julie Chung මහත්මිය සහ එම අවස්ථාවට පැමිණ සිටි පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු විසින් ආහාර සලාක ලබා දීම දැකගත හැකිවිය.

සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ තානාපති Julie J. Chung මෙසේ අදහස් දැක්වීය, “ශ්‍රී ලංකාව මෙතෙක් අත්විඳින ලද දැවැන්තම ආර්ථික අර්බුදයකට මැදිව සිටී. දිගු විදුලිය ඇනහිටීම් මෙන්ම ආහාර, ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවල සැලකිය යුතු හිඟයක් පවතින අතර එය එහි මිලියන 22 ක ජනතාව කෙරෙහි බලපායි. මානුෂීය හදිසි සහන ව්‍යාපෘතිය වැනි කාලීන අවශ්‍යතාවන් අවබෝධ කර ගනිමින් රට පුරා විපතට පත් පවුල් රැසකට සහය වීම ඉතා වැදගත් වන අතර එවැනි මුලපිරීම් සඳහා සහය දැක්වීමට අපි කැපවී සිටිමු.” තවද, ඇය ප්‍රතිලාභීන් දිරිමත් කරමින් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගය සහ මිත්‍රත්වය ඔවුන්ට සහතික කරමින් ඇගේ කතාව අවසන් කළාය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ Habitat Sri Lanka සහ AmCham SL ආයතනයේ කාලෝචිත මැදිහත්වීම ප්‍රශංසනීය බවත් මෙය දිස්ත්‍රික්කයේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී සමාජ කොටස් සඳහා විශාල ප්‍රතිලාභයක් වන අතරම ශ්‍රී ලංකා රජයට රටේ වත්මන් තත්ත්වය හමුවේ ඉටුකිරීමට නොහැකි විශාල අවශ්‍යතාවයක් ඉටු කරන බවත්ය.
AmCham ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධානී Vrai Raymond මහත්මිය ඇගේ අදහස් දක්වමින් කියාසිටියේ, “AmCham SL මූලික වශයෙන් එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම සහ වාණිජ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සමඟ සමීපව කටයුතු කරන ව්‍යාපාරික සංවිධානයක් වන අතර, සමාජ වගකීම ඉටුකිරීම සංවිධානයේ හදවතේ නිතර රැදී ඇති අතර, වත්මන් අර්බුදකාරී තත්වයන් තුල සැරිසැරීමේදී එම අවදානමට ලක්විය හැකි සෙසු ශ්‍රී ලාංකිකයන් සමඟ නැගී සිටීමට Habitat for Humanity Sri Lanka සමඟ හවුල් වීමට ලැබීම අපට ගෞරවයක්.” තවද ඇය පවසා සිටියේ මිලියන පහක මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ආධාර ඇමරිකා එක්සත් ජනපදයේ සිටින AmCham සාමාජිකයින්, හවුල්කරුවන්, සුභ පතන්නන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් ලබාදුන් අතර ඔවුන්ගේ දායකත්වය කෘතඥපූර්වකව පිළිගන්නා බව.

මෙහිදී තම අදහස් දැක්වූ Habitat for Humanity Sri Lanka පිළිබඳ ජාතික අධ්‍යක්ෂ Yu Hwa Li මහතා, “මෙය කාලෝචිත සහ අත්‍යවශ්‍ය මැදිහත්වීමක් බව අපි තරයේ විශ්වාස කරන අතර, මෙම අර්බුදය හමුවේ බොහෝ අවදානම් සහිත පවුල්වලට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී තිබේ. මෙම පවුල් සඳහා මසකට ප්‍රමාණවත් වන වියළි ආහාර ලබාදීම අපගේ අරමුණ වන අතර AmCham SL සමඟ එක්ව මෙම වැඩසටහන අඛණ්ඩව ශ්‍රී ලංකාවේ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”
මෙම අවස්ථාවට සම්බන්ධ වූයේ කොළඹ එක්සත් ජනපද දූත මණ්ඩල ආර්ථික අංශයේ ප්‍රධානී පිලිප් ලූස්ලි මහතා, කටාන ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා කොඩිතුවක්කු මෙනවිය, ඇම්චෑම් SL සභාපති ලක්ෂාන් මධුරසිංහ මහතා සහ H-ERP මුලපිරීම සඳහා තනි පුද්ගල පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු විසිනි (දිලුම් චන්ද්‍රසෝම මහතා සහ මයිකල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස).

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව