MAS හි නවෝත්පාදන අංශය වන Twinery, Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 හි ලැයිස්තුවේ 18 වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙයි

Image 1 (LBN Fill)

 



 

 

 

සෑම මට්ටමකම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් හා කැපවීමක් පෙන්නුම් කරන සංවිධාන සහ ව්‍යාපාර ඇගයීමේ අරමුණින් Fast Company සිය සඟරාවේ සිව්වන වාර්ෂික නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 ලැයිස්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී MAS හි නවෝත්පාදන අංශය වන Twinery සිය ජාත්‍යන්තර තලයේ නව්‍ය සේවා සංස්කෘතිය සහ සාමාජිකයින් උදෙසා එම ලැයිස්තුවේ 18 වන ස්ථානයට ශ්‍රේණිගත වීම විශේෂයෙන් කැපී පෙනිණි.

පරිගණක විද්‍යාව, ජෛව තාක්ෂණය, පාරිභෝගික ඇසුරුම් කළ භාණ්ඩ, ලාභ නොලබන, අධ්‍යාපනය, මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විවිධත්වය, තිරසාරභාවය, B2B සහ පාරිභෝගික නිෂ්පාදන සහ සේවා ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර අතරින් Accenture සමඟ එක්ව තෝරා ගනු ලබන නවෝත්පාදකයින් සඳහා වන 2022 විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව සඳහා ජයග‍්‍රාහකයින් ශ්‍රේණිගත කරනු ලබයි. Fast Company හි සංස්කාරකවරුන් සහ Accenture හි පර්යේෂකයන් අයදුම්පත් 1,500කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ අතර කීර්තිමත් විනිශ්චයකරුවන් අට දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් විශිෂ්ටතම සමාගම් 100 තෝරා ගන්නා ලදී. 2022 සම්මාන සඳහා ලොව පුරා ඇති විවිධ රැකියා ස්ථාන ඇගයීමට ලක් කරයි.

‘’Fast Company සඟරාව මගින් අපව ඇගයීමට ලක් වීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් අපගේ කණ්ඩායමේ විශිෂ්ට හැකියාවන් ඉස්මතු වනවා පමණක් නොව, සහයෝගීතාවය සහ යටිතල පහසුකම් සවිබල ගැන්වීම තුළින්  ඕනෑම තැනක පෙරළිකාර නවෝත්පාදනයන් සිදු විය හැකි බව ද අවධාරණය කරනවා.’’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Twinery හි ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ මහතා පැවසුවේය.

Twinery හි මානව සම්පත් කළමනාකරණ ප‍්‍රධානී දිනේලි ජයසේකර මහත්මිය පැවසුවේ, Fast Company සඟරාව වෙතින් අප පිළිගැනීමට ලක්වීම වෘත්තීය මට්ටමින් පමණක් නොව පුද්ගලිකව ද අප කටයුතු කරන ආකාරය සහ අපගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා සුදුසු සේවා පරිසරයක් ඇති කිරීමට අප ගන්නා උත්සාහය හා කැපවීම අගය කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියටත් අපගේ කටයුතු කරගෙන යාමට එය අපට ශක්තියක් වෙනවා.’’ යනුවෙනි.

”මෙම වසරේ නවෝත්පාදකයින් සඳහා වූ විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව තෝරාපත්කර ගැනීමේදී නිර්මාණශීලී නවෝත්පාදනයන් සිදුකිරීම සඳහා ඉහළින්ම කැපවන ආයතන හඳුනාගත්තා.’’ යනුවෙන් Fast Company හි ප‍්‍රධාන කර්තෘ බ්‍රෙන්ඩන් වෝන් මහතා පැවසුවේය. ‘’සියලූ බාධාවන් හමුවේ නොසැලී මෙම ප‍්‍රමුඛ පෙළේ සමාගම් හා කණ්ඩායම් නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

https://www.fastcompany.com/best-workplaces-for-innovators/list ඔස්සේ සම්පූර්ණ ලැයිස්තුව සඳහා යොමුවන්න.

Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව ඇතුලත් කලාපය (සැප්තැම්බර් 2022) දැන් අන්තර්ජාලය මගින් ලබා ගත හැකි අතර මුද්‍රිත කලාපය 2022 අගෝස්තු 16 වන දින සිට පුවත්පත් වල පල වීමට නියමිතය. #FCBestWorkplaces භාවිත කර නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන වන සාකච්ඡුාව සමඟ සම්බන්ධ වීමට හැකියාව ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව