Hayleys Fabric 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානය දිනා ගනියි

Hayleys Fabric surpasses global giants to win new Sustainable Impact Award at International Quality Awards 2022- UK (LBN Fill)

 



 

 

 

Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන ^IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය.

ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම රෙදිපිළි නිෂ්පාදකයා වන Hayleys Fabric සමත් වීම සමස්ත ශ්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත‍්‍රයටම මහත් අභිමානයකි.

”තිරසාරභාවය අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන අතර අපගේ මව් සමාගම වන හේලීස් සමූහය විසින් තිරසාරත්වය තහවුරු කිරීම වෙනුවෙන් සැමවිටම අපට මගපෙන්වනවා. නිෂ්පාදන ක‍්‍රියාවලියේ සිට බෙදාහැරීම දක්වා සෑම අදියරකදීම ඇඟලූම් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම සැලකිල්ලට ගනිමින් ඍණාත්මක බලපෑම් අවම කිරීම උදෙසා අපි ප‍්‍රමුඛත්වය ලබාදෙනවා. ESG වෙනුවෙන් වූ මාර්ගෝපදේශයක් වන Hayleys Lifecode හඳුන්වාදීම තුළින් තිරසාරත්වය සඳහා වූ අපගේ දැක්ම වඩාත් තහවුරු වෙනවා.’’ යනුවෙන් Hayleys Fabric හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

”මෑතකදී ISPO Textrends සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වූ WARNA මෙම කැපවීම සඳහා එක් සාක්ෂියක්. මෙලෙස තිරසාරත්වය උදෙසා වන අපගේ උත්සාහයන් IQA හිදී ඇගයීමට ලක්වීම ගැන වගේම ජාත්‍යන්තර වේදිකාවක් මත ශ‍්‍රී ලාංකීය නිපුණත්වය ප‍්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන ද අපි වඩාත් සතුටු වෙනවා.’’ යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන Hayleys Fabric waste-to-fashion හෙවත් අපද්‍රව්‍ය භාවිතයෙන් විලාසිතාකරණය සඳහා යොමුව ඇත. මෑතකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ Hayleys Fabric හි කාබනික Mahogany වර්ණකය ඒ සඳහා වූ ශක්තිමත් මුලපිරීමකි. Hayleys Fabric සිය හරිතවත් පරිසරයක් වෙනුවෙන් වූ කැපවීම සහ හරිතවත් අනාගතයක් වෙනුවෙන් වූ ඉලක්ක වෙත ලඟා වීම උදෙසා ඇති සැලැස්ම අවධාරණය කරමින් නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි සෑම අදියරකදීම ESG උපායමාර්ග අනුගමනය කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දේශගුණික ක‍්‍රියාකාරකම් සහ ජල සංරක්ෂණය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සමඟ සමපාත වෙමින් Hayleys Fabric මෙම සම්මානය හිමිකර ගත්තේය.

”අප තෝරාගත් ජයග‍්‍රාහකයා සෑම මානයකින්ම, සංවිධානය පුරාම තිරසාරත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරනවා. IQA සම්මානවල ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේදී අපි සැමවිටම තිරසාරත්වය සහතික කරන වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ ද යන්න සහ ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාවගේ යහපැවැත්ම තහවුරු කරන්නේ ද යන්න පිළිබඳව සැලකිලිමත් වුණා. එහිදී Hayleys Fabric හි ඒ වෙනුවෙන් වූ ඉහළ කැපවීම සහ තිරසාරත්වය තහවුරු කිරීම උදෙසා වූ නොපසුබස්නා උත්සහය අපි හඳුනාගත්තා. මෙය විශිෂ්ට ජයග‍්‍රහණයක්.’’ යනුවෙන් Hayleys Fabric හි තිරසාරත්වය සඳහා වූ කැපවීම පිළිබඳව අදහස් දක්වමින් IQA විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේය.

Jacobs සහ Troup Bywaters+ Anders වැනි ගෝලීය දැවැන්තයන් අභිබවා යමින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයා ඉදිරියට රැගෙන ගිය Hayleys Fabric ජාත්‍යන්තරය තුළ ඇගයීමට ලක් වීම රටක් ලෙස අප සියලූ දෙනාට ආඩම්බර විය හැකි අවස්ථාවකි.

Hayleys Fabric PLC යනු ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමියා වන අතර නිර්මාණයේ සිට නිෂ්පාදනය දක්වා ඵලදායී විසඳුම් ලබා දීමට හැකියාව ඇත. මසකට රෙදි මීටර් මිලියන 6කට අධික නිෂ්පාදන ධාරිතාවක් ඇති ශ‍්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදන ධාරිතාවක් දරණ මෙම සමාගම ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා සහ ඇඟලූම් සන්නාම සඳහා ප‍්‍රමුඛයෙකි.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව