සෙලින්කෝ ලයිෆ් දෙවන වසරටත් පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කරයි

Carbon Footprint assessment 2021

 



 

 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම  සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය කරන්නේ පිට පිටම දෙවන වසරටයි.

මෙමගින් සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී සෘජුව සහ වක‍්‍රාකාරව පරිසරයට මුදාහරින හරිතාගාර වායු පිළිබඳව ගණනයක් කරනු ලබන අතර තම ව්‍යාපාරික කටයුතු වලින් පරිසරයට සිදුවන බලපෑම අවමකර ගැනීම සඳහා මෙම තක්සේරුව සමාගමට ප‍්‍රයෝජනයට ගත හැකිවේ. එසේම, සමාගම විසින් සිදුකරන මෙහෙයුම් කටයුතු පරිසර හිතකාමී ලෙස තවදුරටත් දියුණු කර ගැනීමටද මෙම තක්සේරුව උපකාරී වනු ඇත.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස ClimateSI විසින් වාර්තාකරණ සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (SLCF) විසින් සනාථ කිරීමට නියමිත වේ. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කර තිබෙන රජයට අයත් සමාගමක් වන ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල ISO 14064-1:2018 හි දක්වා තිබෙන හරිතාගාර වායු විමෝචන නිර්නායක වලට අනුකූලව මෙම සහතිකය නිකුත් කරනු ඇත.

තිරසාර මෙහෙයුම් සඳහා නායකයෙකු වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ශාඛා රැසක දැනටමත් පරිසර හිතකාමී වැඩසටහන් කිහිපයක් දියත් කර තිබෙන අතර සූර්ය විදුලියෙන් බලශක්තිය ලබාදෙන, වැසි ජලය එක් රැස්කර ප‍්‍රයෝජනයට ගන්නා, අප ජලය පිරිපහදු කරන, බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි ආලෝකය සහ වායු සමීකරණ පද්ධති වලින් සමන්විත පරිසර හිතකාමී ශාඛා කාර්යාල ඉදිකිරීම වැනි ක‍්‍රියා මාර්ග මෙහිදී ගෙන තිබේ. සමාගම විසින් සිදුකරන මෙම තක්සේරුව මගින් තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳව වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන අතර සමාගමේ තිරසාර වැඩසටහන් අර්ථවත්ව ඉදිරියට රැගෙන යමින් කර්මාන්තය තුළ සිය නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මින් මග පෑදෙනු ඇත.

සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (මැද) සහ ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදලේ ප‍්‍රධාන විධායක නිළධාරී, චාමර ආරියතිලක මහතා (දකුණේ සිට පස්වැන්නා) ගිවිසුම හුවමාරු කරගන්නා ආකාරයයි. මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපතිතුමා, අධ්‍යක්ෂවරුන්, නියෝජිතයින් සහ ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදලේ මෙන්ම ClimateSI සමාගමේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව