14 වැනි MAS අභිමානී – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී කාන්තාවන් 77ක් සම්මානයට පාත්‍ර වෙයි
MAS සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 14 වැනි MAS අභිමානි – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී ආයතනය තුළදී සහ ඉන් පිටතදී විශිෂ්ටත්වය කරා පියමං කිරීමට පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය අගයමින් රටවල් ගණනාවක් පුරා සේවය කරන සිය කාන්තාවන්ගේ සුවිශේෂී දායකත්වයට උපහාර දැක්වීය.
2022 පෙබරවාරි 21 වැනි දින BMICH හිදී ‘අපේ ජාතියේ අභිමානය’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සම්මාන උළෙලේදී රටවල් 5ක සේවා ස්ථාන 40ක අයදුම්කරුවන් 500කට අධික සංඛ්‍යාවක් අතරින් තෝරාගත් සමාගමේ සියලූම සේවා මට්ටම්වල කාන්තාවන් 77 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. මෙම සම්මාන මගින් ව්‍යවසායකත්වය, නවෝත්පාදන, ප්‍රජා සේවය හා තිරසාරත්වය, වෘත්තීය නිපුණතා සහ නායකත්වය ඇතුළුව විවිධ අංශ පිළිබඳව කාන්තාවන් තුළ වූ සුවිශේෂී හැකියාවන් සම්මානයට පාත්‍ර කරන ලදී.
‘වසරේ සවිබලගැන්වූ කාන්තාව’ යටතේ සම්මාන 44ක් මෙහිදී ප්රදානය කෙරුණු අතර ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ තිරසාරභාවය යන ක්ෂේත්රවල පෙන්නුම් කළ ආදර්ශමත් කාර්යසාධනය සම්බන්ධයෙන් විශේෂ සම්මාන 6ක් ද පිරිනැමිණි. ‘Frontier Challenge’ යටතේ සම්මානලාභීන් 13 දෙනෙකු ඇගයීමට ලක් වූ අතර තවත් කාන්තාවන් 14 දෙනෙකුට නායකත්ව සම්මාන පිරිනැමිණි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2020 සහ 2021 වසර සඳහා ජයග්‍රාහිකාවන් ඇගයීමේ මෙවර පැවති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය.
2004 වසරේ සිට පිරිනමන ලද MAS අභිමානී සම්මාන ආයතනය තුළ සහ ඉන් පිටත ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ සියලූම කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම උදෙසා වූ සමාගමේ ඒකාබද්ධ මුලපිරීම්වල කොටසකි. මෙම සම්මාන මගින් නොසැලී අභියෝග ජය ගත් සහ කළ නොහැකි යැයි සිතන දේ සාක්ෂාත් කරගෙන සියලූ දෙනාට ආදර්ශයක් වෙමින් සේවය කරන නිර්මාණාත්මක කාන්තාවන්ගේ සාර්ථක ජීවිත කතා බෙදාහදා ගැනීම සහ ඔවුන්ව ඇගයීමට ලක් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සම්මාන උළෙල 2003 දී දියත් කරන ලද MAS හි ‘කාන්තාවන් පෙරමුණටම’ වැඩසටහනේ කොටසකි. එය එක්සත් ජාතීන්ගේ කාන්තා සවිබල ගැන්වීමේ මූලධර්ම සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අනුව සිදු කරනු ලබයි.
දැනට රටවල් 15 ක පිහිටි MAS කර්මාන්තශාලා ජාලයෙහි සේවා නියුක්තකයින් 115,000 න් 70% කට වඩා සිටින්නේ කාන්තාවන් ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ‘කාන්තාවන් පෙරමුණටම’ වැඩසටහනේ ප්‍රධානී සහ MAS හි කාන්තා සවිබල ගැන්වීම් සහ උපදේශනය පිළිබඳ සාමාන්‍යාධිකාරී තනුජා ජයවර්ධන මහත්මිය පැවසුවේ ”ඇඟළුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන සාම්ප්‍රදායික අදහස් සහ සම්මතයන්ට අභියෝග කරන සියලූම කාන්තාවන් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට දායක වන කාන්තාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ගැන අප ආඩම්බර වෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමේ දිගු ගමනට MAS සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා.’’ යනුවෙනි.
MAS හි ‘කාන්තාවන් පෙරමුණටම’ වැඩසටහන මගින් කාන්තාවන් ආයතනය තුළදී මෙන්ම පවුල හා ප්‍රජාව අතර සවිබල ගන්වන්නට විශාල බලපෑමක් සිදුකරන අතරම සිය සාමාජිකාවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමටද උත්සාහ දරයි. මෙම වැඩසටහන හරහා පෙර පැවති සම්මතයන්ට අභියෝග කරමින් වෘත්තිය වටිනාකම ඉහළ නංවන්නට හැකිවියග රටේ ආර්ථිකයට දායක වන දහස් සංඛ්‍යාත දක්ෂ, බුද්ධිමත් සහ උද්යෝගිමත් කාන්තාවන්ගේ සාර්ථකත්වයන් ඇගයීම හරහා සාම්ප්‍රදායික මතයන්ට අභියෝග කරමින් ඔවුන්ට පිළිගැනීමක් ලබා දීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.
2020 දී රට පුරා පිහිටි MAS සමූහයේ ආයතනවල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් 730ක් හරහා නිර්මාණය වූ දැනුවත් කිරීමේ සහ සංවර්ධන අවස්ථාවන් 220,000කට ආසන්න සංඛ්‍යාවක් තුළින් MAS සමූහයේ සිය කාන්තා සාමාජිකත්වයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකි විය. මෙයට වෘත්තීය දියුණුව සඳහා අවස්ථාවන් 45,000කට වැඩි සංඛ්‍යාවක් ද, ව්‍යවසායකත්ව සංවර්ධනය ඇතුළුව නිපුණතා සංවර්ධනයේ අවස්ථාවන් 13,500 කට වැඩි සංඛ්‍යාවක් ද, කාන්තා සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ අවස්ථාවන් 93,000 කට වැඩි සංඛ්‍යාවක් ද, ආදර්ශමත් චරිත දිරිගැන්වීමේ අවස්ථාවන් 11,500 කට වැඩි සංඛ්‍යාවක් සහ කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සම්බන්ධ දැනුවත් කිරීමේ අවස්ථාවන් 55,000 කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළත් විය.
මීට අමතරව MAS විසින් කළමනාකරණ අංශයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් කටයුතු කරන සමානාත්මතාවය වෙනුවෙන් පවත්වන ලද වැඩමුළු, උපදේශනය සහ අනුග්‍රාහකත්වය, කාන්තාවන් බඳවා ගැනීමේ සහ රඳවා ගැනීමේ උපායමාර්ග, නම්‍යශීලී වැඩ කිරීම සම්බන්ධ නම්‍යශීලී ක්‍රමවේද සහ ළමා ආරක්ෂණ සහාය ඇතුළු විවිධ වැඩසටහන් දියත් කර ඇත. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ කාන්තා නියෝජනය, විධායක මට්ටමට වඩා ඉහළ භූමිකාවන් සඳහා බඳවා ගන්නා ලද කාන්තාවන්ගේ සංඛ්‍යාව සහ කාන්තා සාමාජිකත්වය අතර පිරිවැටුම අඩු කිරීම ඇතුළුව වසර ගණනාවක් පුරා වෙනත් දර්ශකවල කැපී පෙනෙන දියුණුවක් ද සමාගම විසින් අත්පත් කරගෙන ඇත.
දකුණු ආසියාවේ විශාලතම ඇඟළුම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟළුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 115,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 15 ක් පුරා විලාසිතා සඳහා ප්රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.