වතු කම්කරුවන් සහ ප්‍රජාවන් වෙනුවෙන් කරන ලද කැපී පෙනෙන සේවාව ඇගයීම සඳහා හේලීස් වැවිලි අංශයේ සාමාජිකයෙකු වන කැලණි වැලි වතු සමාගම (Kelani Valley Plantations PLC) එක්සත් ජාතීන්ගේ 50 වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේච්ඡා සේවක (UNV) ස්වර්ණ ජයන්ති සංවත්සර සැමරුමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේච්ඡා සේවකයන්ගේ (UNV) ආයතනික අංශ්‍ය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්වේච්ඡා සේවකයන් විසින් ස්වේච්ඡා සේවය තුළින් රටේ සංවර්ධන ප්රයත්නයන් වෙනුවෙන් දායක වූ පුද්ගලයින් සහ සංවිධාන සඳහා සම්මාන 50 ක් ප්රදානය කරන ලදී. ප්‍රාදේශීය වැවිලි සමාගමක් (RPC) UNV සම්මානයක් දිනාගත්තේ වසර 150 කට වැඩි අභිමානවත් ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍ර ඉතිහාසයේ පළමු වරට වීම විශේෂිතය.
මේ පිළිබඳව අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ ”අපට ලබා දී ඇති පිළිගැනීම අපගේ වගකීම් සහගත සහ තිරසාර තේ අපනයනය පිළිබඳ සාක්ෂියක්. වසරේ දින 365 පුරාවටම මෙම ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් ලබාදුන්නා වූ අපගේ වැවිලි කළමනාකාරීත්වයේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ අද්විතීය දායකත්වය පිළිබඳව අපි කෘතඥ වෙනවා. තිරසාර හා සදාචාරාත්මක වැවිලි කළමනාකරණයේ පුරෝගාමියෙකු ලෙස KVPL සංවර්ධනයට සහ එයට සම්බන්ධ සියලූ දෙනා වෙනුවෙන් අපගේ උපරිමය අපි ඉටු කරනවා.” යනුවෙනි.
”මෙම සමස්ත කැපවීම හේලීස් සමූහයේ වටිනාකම් පෙන්නුම් කරන අතර දේශීය හා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් අපගේ ශ්‍රම බලකායේ සහ යැපෙන්නන්ගේ ජීවන තත්වය අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා සාම්ප්‍රදායික ප්රවේශයන් අභිබවා යන පුරෝගාමී HRM ආකෘතියක් අප සතු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ළමා ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා විශ්වීය මෙවලම් සංවර්ධනය කිරීමට අමතරව ගස් සිටුවීම, කාබනික රබර් සහ නාගරික අපද්‍රව්‍ය කොම්පෝස්ට් ව්‍යාපෘති වැනි ස්වේච්ඡා සේවාවන් වෙනුවෙන් RPC පිළිගැනීමට ලක් විය.
60,000 කට වැඩි වතු ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා සහාය වන KVPL හි ප්‍රමුඛතම වැඩසටහන වන ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන වෙනුවෙන් කළමනාකාරිත්වය, කාර්යය මණ්ඩලය සහ වතු කම්කරුවන් ස්වේච්ඡාවෙන්ම තම දායකත්වය ලබා දෙන ලදී. වෛද්‍ය කඳවුරුවල සිට දැනුවත් කිරීමේ වැඩසටහන්, ළමා හා මාතෘ ආරක්ෂණ ක්‍රියාකාරකම්, ජීවන පහසුකම් පිළිබඳ සංවර්ධන කටයුතු, පානීය ජල යෝජනා ක්‍රම සහ අනෙකුත් ප්‍රජා සංවර්ධන මුලපිරීම් දක්වා කැලණිවැලි වැවිලි සමාගම සිය ශ්‍රම බලකායේ සහ වතු ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කර ඇත.
ළමා ආරක්ෂණ කේන්ද්‍රස්ථාන සහ ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම ඇතුළුව Save the Children අරමුදල සමඟ සහයෝගීව පුළුල් ”ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක්” අනුගමනය කළ ශ්‍රී ලංකාවේ පළමු RPC සමාගම වීම ද සැලකිය යුතු කරුණකි. පසුගිය වසරේ KVPL වතු කළමණාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් ස්වේච්ඡා ප්‍රජා ප්රයත්නයන් ආරම්භ කරන ලද්දේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ ඣඪෂෘ-19 වසංගතය මගින් ගෙන එන අභියෝග ජය ගැනීම වෙනුවෙන්ය.