TRI-ZEN ගොඩනැගිලි ව්‍යුහය නිම ‘Topping Off’ සමරයි

Tri Zen

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගම වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් ඔවුන් මහත් අපේක්ෂාවෙන් සිටි TRI-ZEN smart නිවාස ව්‍යාපෘතියේ කුළුණු තුනේම ව්‍යුහාත්මක කටයුතු අවසන් කිරීම විශේෂිත උත්සවයකින් (‘Topping Off’) සමරනු ලැබීය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළුව ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟින් මෙම ව්‍යාපෘතියේ හවුල්කාර පාර්ශවය වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම ද මෙහි ඉදිකිරීම් සමාගම වන චයිනා ස්ටේට් කන්ස්ට‍්‍රක්ෂන් ඉන්ජිනියරින් කෝපරේෂන් (China State Construction Engineering Corporation) හි නියෝජිතයින් සහභාගී වූ විශේෂ උත්සවයකින් මෙම අවස්ථාව සනිටුහන් කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වන TRI-ZEN ප‍්‍රධාන කළමනාකාර ලූම්බිණි පතිරගේ මහතා පැවසුවේ ”වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබියදීත් TRI-ZEN හි ඉදිකිරීම් ස්ථාවර වේගයකින් ඉදිරියට ගෙන යාමට අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී ගන්නා උත්සාහයන් අගය කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම සන්ධිස්ථානයත් සමඟින් අප දැන් මෙහි ඉදිකිරීම්වල අවසන් අදියරයන් කරා ගමන් කරමින් සිටින අතර 2023 වර්ෂයේදී අපගේ පාරිභෝගිකයන් වෙත මෙම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ලොව පුරා ගොඩනැගිලි ඉදිකරන්නන් අතර පවතින සම්ප‍්‍රදායක් වන්නේ topping off උත්සවය අවසාන ගොඩනැගිල්ලේ සැකිල්ලට අදාල අවසන් නිමවුම ස්ථාපනය කිරීම සනිටුහන් කිරීම හා ව්‍යුහාත්මක ඉදිකිරීම් කරනු ලබන කාර්ය මණ්ඩලවල ජයග‍්‍රහණය සහ අභ්‍යන්තර ඉදිකිරීම් වෙත මාරු වීමේ සතුට සැමරීමයි.

පිළිවෙලින් මහල් 52, 54 සහ 52 කින් යුත් කුළුණු තුනකින් යුත් කොළඹ නගරයේ ඉදිවන TRI-ZEN ස්මාර්ට් නිවාස 891 කින් සමන්විත වේ. පිහිනුම් තටාක දෙකක්, සුඛෝපභෝගී උත්සව ශාලා, කායවර්ධන මධ්‍යස්ථාන දෙකක්, විවෘත උඩු මහලේ පිහිටි බැඞ්මින්ටන් පිටියක්, අවන්හලක් සහ minimart එකක් ඇතුළු පහසුකම් 35කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත TRI-ZEN නවීන, ජාත්‍යන්තර මට්ටමේ, ස්මාර්ට් දිවිපැවැත්මක් නිවැසියන්ට ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.

”පසුගිය වසර 3 තුළ අප රට මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ වුවද නියමිත කාලයට මෙම සන්ධිස්ථානයට ළඟා වීම කැපී පෙනෙන ජයග‍්‍රහණයක්. එය අපගේ අද්විතීය කණ්ඩායමේ ධෛර්යය, අධිෂ්ඨානය සහ වෘත්තීයභාවය මෙන්ම John Keells Properties හි ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් ජොන් කීල්ස් දේපළ වෙළෙඳ සමූහයේ සභාපති නයන මාවිල්මඩ මහතා පැවසුවේය.

අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ශ‍්‍රී ලංකාවේ නාගරික ජීවන රටාව පිළිබඳ සංකල්පය නැවත අර්ථ දැක්වීමේ අරමුණින්. TRI-ZEN පිළිබඳව අපට දකින්න ලැබුණු වාර්තාගත අලෙවිය මගින් පෙන්නුම් කරන්නේ මෙම දැක්ම ආයෝජකයින් සහ නිවාස ගැනුම්කරුවන් යන දෙඅංශයම එකසේ පිළිගෙන ඇති බවයි. අස්ථාවර ආර්ථික කාලවලදී දේපල වෙළෙඳාම යනු ඇතැම් විට ආයෝජනය කිරීමට වඩාත්ම ආකර්ෂණීය සහ ස්ථාවර වත්කම වනවා. TRI-ZEN හි මෙම අද්විතීය සංකල්පය, කොළඹ මධ්‍යයේ පිහිටීම සහ John Keells Properties හි අසමසම විශ්වසනීයත්වය යන කරුණු කාරණා සැබවින්ම මෙම ව්‍යාපෘතිය සෙසු ව්‍යාපෘතිවලින් වෙනස් එකක් බවට පත් කර තිබෙනවා.’’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN හි සෑම සුඛෝපභෝගී නිවාසයක්ම වැඩි එළිමහන් ඉඩකඩකික් සමන්විත වීමට අමතරව සුඛෝපභෝගී බව සහ සුවපහසුව ලබා දීම සඳහා අතිනවීන සැලසුම් ඇතුළත්ව ඇත.

මෙම සෑම ගොඩනැගිල්ලකම නිදන කාමර එකේ සිට තුනක් දක්වා ආදී ලෙස පවතින අතර නිදන කාමර දෙකකින් යුත් සුඛෝපභෝගී නිවසක් රු. මිලියන 37ක මිලකින් ආරම්භ වේ. මෙම සෑම නිවසක්ම උසස් මට්ටමේ ස්මාර්ට් නිවාස තාක්ෂණයන් සහ සැලසුම්වලින් සමන්විත වන අතර පදිංචිකරුවන්ට සුඛෝපභෝගී සහ නවීන පන්නයේ වටපිටාවක ජීවත් වීමට ඉඩ සලසයි.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා TRI-ZEN වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව