ශ්‍රී ලංකාවේ එකම හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ සුපිරි වෙළෙඳසැල වන ‘HOMEMART’හි, නව ප්‍රදර්ශනාගාරය කොළඹ 10දී විවෘත වෙයි

Webp.net-resizeimage

 



 

 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ සුපිරි වෙළෙඳසැල් ජාලය වන ‘HOMEMART’හි නවතම ප්‍රදර්ශනාගාරය, පසුගියදා අංක 516, සංඝරාජ මාවත, කොළඹ 10 දරන ස්ථානයේ පිහිටි සෙන්ට් ඇන්තනීස් හාඩ්වෙයාර් ගොඩනැගිල්ලේදී විවෘත විය.

HOMEMART යනු, දශක 7ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට විශාලතම හාඩ්වෙයාර් නිෂ්පාදකයෙකු මෙන්ම බෙදාහරින්නෙකු වන සෙන්ට් ඇන්තනීස් ව්‍යාපාර සමූහයට අනුබද්ධිත ආයතනයකි. හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම සුපිරි වෙළෙඳසැල් ජාලය වන HOMEMART, සිය පළමු ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලද්දේ 2017 වසරේ නාවලදී ය. ඒ, ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් විශ්වාසනීය සන්නාම රැසකට අයත් නිෂ්පාදන තරගකාරී මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීම අරමුණු කොටගෙන ය. එසේම අලුතින් විවෘත කෙරුණු HOMEMART ප්‍රදර්ශනාගාරය මගින් ද කොළඹ හා අවට ප්‍රදේශවාසී පාරිභෝගිකයින්ගේ හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ අවශ්‍යතා තරගකාරී මිල ගණන් යටතේ ඉතා පහසුවෙන් සපුරාගත හැකිවනු ඇත.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලද්දේ, සෙන්ට් ඇන්තනීස් හාඩ්වෙයාර් පුද්ගලික සමාගමේ සභාපති එස්.ආර්. ඥානම් මහතාගේ සුරතිනි. තව ද එහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රවීන් ඥානම්, අධ්‍යක්ෂිකා ශිරාණි ඥානම්, අධ්‍යක්ෂ ත්‍යානන්දන්, අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී සරත් ගමගේ යන මහත්ම මහත්මීහු ද, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

″මේ තමයි, මගේ සීයා වන ඒ.වයි.එස්. ඥානම් මහතා 1942 වසරේදී සෙන්ට් ඇන්තනීස් ව්‍යාපාර සමූහය ආරම්භ කළ ස්ථානය. ඔහු වැඩ කළේ මෙතැන. ඔහු දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟුවෙ මෙතැන ඉඳන්. ඒ විතරක් නෙමේ ඔහු පදිංචි වෙලා හිටියෙත්, පවුලේ සාමාජිකයින් හැදුණෙ වැඩුණේත් මේ ගොඩනැගිල්ලේයි. ඔහු පළමුවෙන්ම ඉදිකළ ගොඩනැගිල්ලත් මෙයයි. ඒ වගේම සෙන්ට් ඇන්තනීස් ව්‍යාපාර තුළ සේවය කරපු හැමකෙනෙක්ම ඔහුට තමන්ගේම පවුලේ සාමාජිකයෙක් වුණා. සෙන්ට් ඇන්තනීස් නාමය උපන් ස්ථානය සහ නිවහන අද HOMEMART නමින් අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා″, යනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රවීන් ඥානම් මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.

දෙසීයකට වැඩි දේශීය හා ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් ලබාගන්නා සන්නාම සිය ගණනකට වැඩි ප්‍රමාණයකට අයත් හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ නිෂ්පාදන, 10,000කට අධික සංඛ්‍යාවක් HOMEMART ප්‍රදර්ශනාගාරය හරහා ලබාගත හැක. එනම්, ගොඩනැගිල්ලක පාදමට අවශ්‍ය කොන්ක්‍රීට්වල සිට වහලයේ සූර්ය පැනල දක්වා ද, ජලනල උපාංගවල පටන් තීන්ත ආලේපන දක්වා ද, වහල සෙවිලි කිරීමේ සිට යන්ත්‍ර සූත්‍ර සහ උපාංග දක්වා ද, විදුලි උපකරණවල සිට එදිනෙදා ගෙදරදොර උපකරණ දක්වා ද, නානකාමර උපාංගවල සිට ගෙවතු අලංකරණ උපාංග සහ බ්ලෙන්ඩර්, ආහාර උදුන්, වැක්‍යුම් ක්ලීනර් සහ ජල පෙරන ආදී විශාල පරාසයකට අයත් නිෂ්පාදන රැසක් මෙහිදී මිලදී ගත හැක. ඒ අනුව, HOMEMART යනු පාරිභෝගිකයින්ගේ සියලු අවශ්‍යතා එකම වහලක් යටදී සපුරා ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ සුපිරි වෙළෙඳසැල බව නිසැක ය.

HOMEMART’ යටතේ සියලු හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ නිෂ්පාදන එකම වහලක් යටට පැමිණීම හරහා, මීට ඉහතදී විවිධ හාඩ්වෙයාර් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඒ ඒ නිෂ්පාදන සඳහාම වෙන්වූ වෙළෙඳසැල් සහ ප්‍රදේශ කරා ගමන් ගනිමින් (විවිධ සන්නාම හා නිෂ්පාදන සංසන්දනය කිරීමේ අවස්ථාවක් පවා නොලබමින්), පාරිභෝගිකයින් අපහසුතාවට පත්වූ යුගය අවසන් වී තිබේ. සතියේ දින හත පුරාම විවෘතව පවතින HOMEMART ප්‍රදර්ශනාගාර, විශේෂයෙන්ම කාර්යබහුල වෘත්තීකයින්ගේ පහසුව උදෙසා, ප්‍රවාහන කටයුතු, කල්තබා ඇණවුම් කිරීමේ හැකියාව, තම සේවා ස්ථානය තුළදී නිෂ්පාදන භාරගැනීමේ හැකියාව ආදී පහසුකම් රැසක් පිරිනමයි. තව ද පාරිභෝගිකයාගේ කැමැත්තට අනුව තීන්තවල වර්ණ තෝරාගැනීමට හැකිවීමත්, අදාළ වර්ණය ගැනීමට මිශ්‍ර කිරීමෙන් අනතුරුව එම තීන්ත අදාළ ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමත් එකවිටම සිදුකිරීම ද එසේ පිරිනැමෙන විශේෂිත පහසුකමකි. එමගින් පාරිභෝගිකයින්ට සිය වටිනා කාලය හා ශ්‍රමය ඉතිරිකර ගත හැකි බව නොඅනුමාන ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව