සියපත ෆිනෑන්ස් හලාවත ප්‍රදේශයේ අධ්‍යාපනයට සහ මාර්ග ආරක්‍ෂාවට පහසුකම් සලසයි

PHOTO-2021-10-01-16-54-29

 




 

 

මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් ආයතනය තම ආයතනික වගකීම් වෙත දැඩි අවධානයක් යොමුකරමින් දියත් කෙරුණු සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන ලෙස  රට පුරා පාසල් සහ පොලිස් ස්ථානවල යටිතල පහසුකම් නගාසිටුවීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙහි නවතම වැඩසටහන හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, එහි දී පළමුවෙන් ම හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් ප්‍රාථමික විද්‍යාලය වෙත අභ්‍යන්තර සන්නිවේදන පද්ධතියක් ලබාදීම සහ පාසල් නාම පුවරුව අලුතින් ම සකස්කොට ස්ථාපනය කිරීම සිදු කෙරිණි. අඹකඳවිල ශාන්ත රෝගුස් ප්‍රාථමික විද්‍යාලය සිසු සිසුවියන් 700 ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක් වන අතර, එම පාසල වෙත සිදුකෙරුණු පරිත්‍යාගයන් තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සියපත ෆිනෑන්ස් ආයතනයේ අපේක්ෂාවයි.

මෙම වැඩසටහනට සමගාමීව හලාවත  පොලිස් ස්ථානය වෙත මාර්ග ආරක්ෂණ සංඥා පුවරු පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි. හලාවත ජනතාවගේ මාර්ග ආරක්‍ෂාව කෙරෙහි මෙන් ම, දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු අවම කරගැනීමට සහ මාර්ග විනය පවත්වාගැනීම සඳහා පොලිසිය විසින් සිදුකරනු ලබන සේවය කෙරෙහි අවධානය යොමු කරමින්, ඊට සහයෝගය දැක්වීමේ අරමුණින්  මෙම පරිත්‍යාගය සිදුකෙරුණි.

සියපත ෆිනෑන්ස් ආයතනය මගින් දියත් කළ මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා  විසින් මෙලෙස අදහස් පළකරන ලදී. “කොවිඩ් 19  වසංගත තත්ත්වය අපේ රටේ දරුවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා.  ඒ නිසා ම දරුවන්ට යම් දිරිගැන්වීමක් ලබාදෙමින්, අධ්‍යාපනය සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබිය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ම අපි මේ රටේ අනාගත පරපුර දිරිගන්වමින්, ඔවුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන මගින්  පහසුකම් සලසනවා.”

හලාවත පොලිසිය වෙත සිදු කරන ලද පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසුවේ ය. ” සියපත ෆිනෑන්ස් කියන්නෙ සමාජයේ දියුණුව සහ ආරක්‍ෂාව ගැන දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ආයතනයක්. ඒ නිසාම හලාවත ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත් වෙනවා.”

සියපත ෆිනෑන්ස් ආයතනය සිය පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සඳහා නිරන්තරයෙන්  මූලිකත්වය ලබා දෙන ආයතනයකි. මේ නිසාම එම ආයතනය විවිධ සමාජසත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී ද එම වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් එම සමාගම කැපවන බව අවධාරණය කළ යුතු ය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව