අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සා.පෙළ විශිෂ්ටයින්ට සුබ පැතුම් එක් කරයි

pexels-pixabay-267885

 




 

 

දෙදහස් විස්ස අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගනිමින් දිවයිනේ ඉහළ ම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනා අද (22) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.

ඒ දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එකතු කලේය.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරන්ගි තරුෂිකා දෙව්මිනි ප්‍රේමසිරි, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආර්. පහන්මා උපනි ලෙනෝරා, හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ආර්. ඕෂධී සන්දීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශ්‍රීමාතුරෙයි සින්තනාචෙල්වන් සහ කදාන ද මැසිනද් විද්‍යාලයේ ඩී. නිපුන් දිනුක අධිකාරි මෙලෙස දිවයිනේ ඉහළ ම ප්‍රතිඵල ලැබූහ.

ඉතිහාසයේ පළමු වතාවට දෘශ්‍ය සහ කායික ආබාධ සහිත දරුවන් තිදෙනෙකු විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන ඇති බව එම දරුවන් දෙදෙනෙකු හඳුන්වාදෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී පැවසීය. මෙලෙස විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රයන් කිංග්ස්ටන් සහ මඩකලපුව ශිවනන්ද විද්‍යාලයේ පාලක්‍රිෂ්ණන් පිරසෝපන් යන සිසුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසූ අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ දක්ෂතාවට සුබ පැතුම් එක් කලේය.

මෙම අවස්ථාවට එක්වීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් උපතින් ම කායික ආබාධ සහිත මාතර, බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සාරා රාජපක්ෂ දියණිගේ දක්ෂතා ද මෙහි දී සිහිපත් කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව