ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබාදීමේ “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාසල් පුස්තකාලයක් ලබා දීමේ වැඩසටහන අද (11) මාතර පට්ටිගල මහා විද්‍යාලයේදී පැවැත් වීමට නියමිතය.
දිස්ත්‍රික්ක 25ටම මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබූ අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයට හිමි පුස්තකාලය අද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
“බසයෙන් අනාගතයට” පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක වූ අතර, එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් රථ පුස්තකාල ප්රදානය කෙරිණි