පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම කොවිඞ්-19 වසංගතය හමුවේ ශී‍්‍ර ලාංකිකයන් රැකගැනීම හා බලගැන්වීමට දැවැන්ත මූලාරම්භයක් ලබාදෙයි.

download

 




 

 

මහජන බැංකුවට අනුබද්ධිත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් ආපදාවට පත් ශී‍්‍ර ලාංකිකයන්ව රැකගැනීම හා බලගැන්වීමේ දැවැන්ත මූලාරම්භයක් ලබාදුන් සමාගමක් බවට පත්ව තිබේ. ඒ සඳහා සමාජ සත්කාර වැඩසටහන් ලෙස ජාතික කොවිඞ් වැඩසටහන ශක්තිමත් කිරීමට ප‍්‍රබල දායකත්වයක් සැපයීම හා සමාගමේ වසංගත තත්ත්වයට මැදිවූ ගනුදෙනුකරුවන්ට අතිවිශාල සහන සැලසීමෙන් ශී‍්‍ර ලාංකිකයන් රැකගැනීම හා බලගැන්වීමේ කාර්යයෙහි නිරතවිණි.

පසුගිය දෙවසරක කාලය තුළ පීපල්ස් ලීසිං සමාගම වර්තමානයේ පවතින ආර්ථික කැළඹිලි ස්වභාවය මැඩපවත්වාගෙන නැවත බලගැන්වීමට දිවයින පුරා වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ට කදිම මූල්‍ය සහයෝගයක් ලබාදීමට අමතරව සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ කොවිඞ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමට ප‍්‍රබල දායකත්වයක් ලබාදී තිබේ.

පීපල්ස් ලීසිං සමාගම පසුගිය දෙවසරක කාලය පුරා ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් කොවිඞ් මර්දන ජාතික වැඩසටහන්වලට ලබාදුන් දායකත්වයන් වන්නේ තෝරාගත් රජයේ රෝහල් හා අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් සඳහා රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය හා වෛද්‍ය නොවන උපකරණ කට්ටල පරිත්‍යාගකිරීම, රුපියල් මිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයක් ‘ඉටුකම’ අරමුදලට බැර කිරීම, ‘සෙනෙහස’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමයෙහි සුදුසුකම්ලත් ප‍්‍රතිලාභීන් 53දෙනෙකුට මාර්ගගත දුරස්ථ අධ්‍යාපනික කටයුතු හැදෑරීම සඳහා විද්‍යුත් උපකරණ පරිත්‍යාගකිරීම, තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මහ රෝහලට අධෝරක්ත උෂ්ණත්ව මාන උපකරණ 10ක් පරිග්‍යාගකිරීම හා රජයේ පාසල් 21ක් සඳහා දෑත් සේදීමේ පහසුකම් හා හුදකලා කලාප පිහිටුවීම ආදිය වෙති.

එම මානව ශුභවාදී සහයෝගීතාවට අමතරව පීපල්ස් ලීසිං සමාගම තම ගනුදෙනුකරුවන් සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කොන්දේසීවලට යටත්ව තම සමාගමේ ගනුදෙනුකරුවන් 50%කට වැඩි පිරිසකට ණය පමා සහන පහසුකම් ලබාදීම විශේෂත්වයකි. එනම් එම සමාගම පළමු ණය පමා සහන සැලසීමේදී රුපියල් බිලියන 67.96ක ප‍්‍රමාණයක් මූල්‍ය පහසුකම් 57,253කට ලබාදී ඇත. එමෙන්ම දෙවන ණය පමා සහන සැලසීමේදී මූල්‍ය පහසුකම් 15,722ක් ආවරණය වන පරිදි රුපියල් බිලියන 25.36 ක ණය පමා සහනයන් ලබාදී තිබේ. එයට අමතරව ණය පමා සහන ලැබීමේ මිණුම්ද`ඩුවලට අයත් නොවන පාරිභෝගිකයන්ට ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ පහසුකම් රුසක්ද ලබාදී ඇත්තේ ගනුදෙනුකරුවන් රැකගැනීම හා බලගැන්වීමේ අරමුණෙනි.

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ තවත් ව්‍යාපාරික ක්ෂේත‍්‍ර දෙකක්වන ආගන්තුක සත්කාරක හා මගී ප‍්‍රවාහන යන දෙඅංශයේ ගනුදෙනුකරුවන්ටද පීපල්ස් ලීසිං සමාගම ණය සහන ලබාදුණිි. විශේෂයෙන්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ගැන සළකා බැලීමේදී පළමු කොවිඞ් රැල්ලේදී බස්රථ 4,362ක් සඳහා 4%ක පොලී සහනයක් ලබාදුන් අතර එහි ණය වටිනාකම රුපියල් බිලියන 8.13කි.

පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටින්ග් ලංකා ලිමිටඞ් ආයතනයෙහි ’A+(lka) Outlook Stable’ ශ්‍රේණිගත කිරීම හිමි සමාගමකි. එමෙන්ම පීපල්ස් ලීසිං සමාගම ‘හොඳම ආයතනික පුරවැසියන් දසදෙනා’ අතරට හිමි සම්මානය වසර 7ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙඳපොල ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රමුඛතම සමාගම් 50 අතරට ගැනෙන්නෙකි. පීපල්ස් ලීසිං සමාගම හිමිකරගත් සෙසු ගෞරවනීය සම්මාන අතර ’Transparency in Corporate Reporting (TRAC) හි තෙවන ස්ථානය, ’Brand Finance Lanka’’ ආයතනය විසින් සංවිධානයකරන ’Brands Annual’ හි මූල්‍ය අංශයෙහි වඩාත් වටිනාතම පාරිභෝගික වෙළෙඳනාමය හා ලීසිං අංශයෙහි වඩාත් පි‍්‍රයතම වෙළෙඳනාමයත් හා ’Business Today’ හි හොඳම ආයතන 30 අතරින් 18වන ස්ථානයෙහි පසුවන  සමාගමකි.

පීපල්ස් ලීසිං සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකු නියාමන රෙගුලාසීන්ට අනුකූලව මෙහෙයුම් කටයුතු සිදුකරන බොහෝ විශ්වාසනීය හා සදාචාරාත්මක මූල්‍ය ආයතනයකි. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ විශිෂ්ට ගුණාංගවලින් සැදුම්ලත් පීපල්ස් ලීසිං සමාගම පසුගිය වසර 25 පුරාම මෙරට සියලූ පුරවැසියන් සාදරයෙන් පිළිගත් සමාගමක් ලෙස ප‍්‍රකටය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව