92වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සාර්ථක ලෙස නිමාවෙයි

Copy of DSC_1220 (LBN)

වාර්ෂිකව පැවැත්වෙන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය, මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේදී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන කදිම අවස්ථාවක් ලෙස සැලකේ. මෙවර තරගාවලියට දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තරගාවලිය පුරාවට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු විශිෂ්ට දක්ෂතා රාශියක් දැකබලා ගැනීමට හැකිවිය.

තරගාවලිය අවසානයේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් ජය සංකේත ප්‍රදානය සිදුකෙරුණු අතර, කාන්තා කාණ්ඩයේ ජය ලකුණු 182 ක් ලබාගත් වත්තල ලයිසියම් ජත්‍යන්තර පාසල වෙත හිමි වූ අතර, දෙවැනි ස්ථානය ලකුණු 147ක් ලබාගත් වලල, ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය වෙත සහ, තුන්වන ස්ථානය ලකුණු 77ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමය වෙත හිමි විය. පිරිමි කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගන්නා ලද්දේ ලකුණු 117ක් ලබාගත් වෙන්නප්පුව ශාන්ත.ජෝශප් වාස් විද්‍යාලය විසිනි. එහි දෙවැනි ස්ථානය ලකුණු 77 ලබාගත් කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය වෙතද, තුන්වන ස්ථානය ලකුණු 74ක් ලබාගත් මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙතද හිමි විය.
 



 

තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳීමට වත්තල ලයිසියම් ජත්‍යන්තර පාසලේ , පී.ආර්.ඒ . දිල්නි නෙත්සලා රාජපක්ෂ  සමත් වූ අතර, විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වීමට වත්තල ලයිසියම් ජත්‍යන්තර පාසලේ සඳුන් කෝෂල සමත් විය.

“තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණුකරන අතරම එකමුතු බව ගොඩනංවන මෙම තරගාවලිය සාර්ථක කරගැනීමට රිට්ස්බරි වෙතින් ලැබෙන සහයෝගය අතිශයින් වැදගත්.” ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමයේ සභාපතිනි ශාන්ති එස්. විජේසිංහ මහත්මිය පැවසුවා ය.

“අඛණ්ඩව 12 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා පිළිබඳව විශ්වාසය තබමින් ඉදිරියටත් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වීමට අප සූදානම්.” CBL Foods International (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා නැංවීම සඳහා රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය මගින් ඉටුකරන මෙහෙවර සුවිශාල ය. එම තරගාවලිය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනාගතයේදී ජාත්‍යන්තර මට්ටමට පිවිසීමේ ඉලක්කය සැබෑ කරගැනීමේ උත්සාහයේ මුල් පියවර තැබීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස දැක්විය හැක.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව