
Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BET SS.COM – Sri Lanka Super Series 2025 ශූරතාවලිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.08 වැනි වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ.
විශිෂ්ටතම ධාවන කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම අවස්ථාවක් ලෙස නිර්මාණය වී ඇති මෙම ශූරතාවලිය මෙරට රියදුරන්ගේ සහ ධාවකයන්ගේ ඉහළ උනන්දුවක් සහ ආකර්ෂණයක් දිනාගත් එකම මෝටර් රථ ධාවන තරඟාවලිය වේ. මෙම තරඟාවලිය රූපවාහිනිය හරහා සජීවීව විකාශනය කරන අතර YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේද සජීවීව විකාශනය කිරීමට බලාපොරොත්තු වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත Sri Lanka Super Series 2025 ශූරතාවලිය පිළිබඳව SLARDARහි සභාපති ෂමීර අබේනායක මහතා අදහස් එකතු කළේ මෙසේය. “ ජාතික ධාවන දින දර්ශනය තුළ වඩාත් කැපි පෙනෙන අවස්ථාවක් ලෙස මෙම වසරේ Sri Lanka Super Series 2025 ශූරතාවලිය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.පෙර වසරවලට සාපේක්ෂව තහවුරු කරන ලද අනුග්‍රාහක දායකත්වය මෙවර ඉහළ ගොස් ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා වර්ධනය වී ඇති උද්යෝගය මැන්වින් පිළිබිඹු වෙනවා.එමෙන්ම මෙම නිළ එළිදැක්වීමෙන් පසුව තරඟකරුවන්ගේ සංඛ්‍යාව සහ අනුග්‍රාහකත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. 8 වැනි වරටත් දියත් කරනු ලබන Super Series හි අත්දැකීම විඳගැනීමට අපි සියලුම ධාවන් ලෝලීන්ට ඇරයුම් කරනවා.”
අප්‍රේල් මාසයේදී පැවත්වීමට නියමිතව තිබූ ඉසව් අතරින් නුවරඑළිය Single Tree Hill Climbහි ඉසව්ව පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දිනවල පවත්වමින් දැනටමත් සාර්ථකව අවසන් කර ඇති අතර එළඹෙන අප්‍රේල් 26 සහ 27 යන දිනවලදී ගිරිඋල්ලේදී මහමේරුව රැලි ක්‍රොස් (1 වැනි ධාවන තරඟය ) පැවැත්වීමට නියමිතය.එමෙන්ම Cavalry Supercross මැයි මාසයේදී කුරුණෑගල දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර SLARDAR Supercross මහාමෙරුව ජුනි මාසයේදී ගිරිඋල්ලේදීත්,මහමෙරුව Rally Cross (2 වැනි ධාවන තරඟය )අගෝස්තු මාසයේදී ගිරිඋල්ලේදීත් දියත් කිරීමට නියමිතය.තවද, Royal Automobile Club Asia සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන Katukurunda Circuit Meet ඔක්තෝබර් මාසයේදී කටුකුරුන්දේදී පැවත්වීමට නියමිත අතර Sri Lanka Super Series 2025 සම්මාන උළෙල සහ රාත්‍රී භෝජනය සමඟ නර්තනය යෙදීමේ අංගයද නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කෙරේ. ( නියමිත දිනය සහ වේලාව ඉදිරියේදී තහවුරු කරනු ලැබේ)
මෙවර Sri Lanka Super Series 2025හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ Bet SS.com විසිනි.එමෙන්ම Esdee Battery නිළ බැටරි සහකරු ලෙස කටයුතු කරන අතර Sri Lanka Insurance Corporation PLC නිළ රක්ෂණ සහකරු වේ. Rough Clothing මෙහි නිළ ඇඳුම් සහකරු ලෙස අනුග්‍රහකත්වය දරන අතර නවලෝක රෝහල නිළ සෞඛ්‍ය සේවා සහකරු ලෙස කටයුතු කරයි. Ninehearts තරඟාවලියේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන අතර නිළ පානීය ජල සැපයුම්කරු වන්නේ Orzone Mineral Water වේ. තවද, E B Creasy Solar මෙහි පුනර්ජනනීය බලශක්ති සහකරු ලෙස අනුග්‍රහය සපයන අතර BIC Gem Asia සහ Darley Butler ආදී අනුග්‍රාහකයන් රැසක් මෙවර Sri Lanka Super Series සඳහා අනුග්‍රාහකත්වය තහවුරු කර තිබේ.
SLARDAR හි ආරම්භය 1983 අප්‍රේල් දක්වා දිගු ඉතිහාසයක් දක්වා දිව යන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විධිමත් මෝටර් රථ ධාවන සමාජයක් ලෙස ගොඩනැඟී ඇත. මේ ඔස්සේ “ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ එහි වර්ධනය වෙනුවෙන් කැපවී සිටීම” යන දැක්ම මුල් කරගනිමි මෝටර් රථ ක්‍රීඩා සඳහා කැපවූ සුවිශේෂී සේවාවක් ප්‍රදර්ශනය කෙරේ. අන්තර්ජාතික මට්ටමේ ඉසව් සංවිධානය කිරීම ඔස්සේ තරඟකරුවන්ට මෙන්ම අනුග්‍රාහකයන්ටත් වටිනා අවස්ථාවක් නිර්මාණය කර දීම මඟින් ක්‍රීඩාව නව මානයක් කරා රැගෙන යාම SLARDARහි මූලික අරමුණ වේ.
විශිෂ්ට මට්ටමේ ධාවන පථ ගණනාවක් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට SLARDAR පෙරමුණ ගෙන කටයුතු කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාව ඉහළ නැංවීම කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.
තරඟකරුවන් වෙත ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට සහ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට SLADAR විසින් දක්වනු ලබන දැඩි කැපවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ මුල්ම සහ ප්‍රමුඛතම මෝටර් රථ ධාවන සමාජය ලෙස ඔවුන් වෙත උසස් කීර්තියක් ලබාදීමට ඉවහල් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වය සහිත ධාවන පථය වන මහමේරුව ධාවන ක්‍රීඩාංගණය 2024 වසරේදී ගිරිඋල්ල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටද SLADAR වෙත හැකියාව ලැබුණි.