73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

WhatsApp Image 2025-11-23 at 20.30.52_9d56f8a5 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් සංවිධාන කරනු ලබන 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන දෙසැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 7ක් පුරා පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගතත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල තරගකරුවන් පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 



 

පසුගිය වසරේ ශුරතාවලිය සඳහා අයැදුම්පත් 1250කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, මෙවර සියලු තරග අංශ සඳහා එම සංඛ්‍යාව ඉක්මවා අයැදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අපේක්ෂා කරන අතර, අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 9 වැනිදා මධ්‍යහ්නයේදී නිමාවට පත්වන බව නිවේදනය කරයි. දෙසැම්බර් මස 12 වැනිදා වන විට ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව තරග පෙළ ගැස්ම සකස් කිරීම දෙසැම්බර් මස 14 වැනිදා අංක, 28, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි බැඩ්මින්ටන් මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත. එම තරග පෙළ ගැස්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවියේ සහ මුහුණු පොතේ පළ කෙරෙනු ඇත. අයැදුම්පත් බාර ගැනීම www.srilankabadminton.lk වෙබ් අඩවිය ඔස්සේ සිදු  කෙරෙන අතර, සියලු විස්තර එහි සඳහන් වන බව බැඩ්මින්ටන් ආයතනය දැනුම් දෙයි. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් හිමාෂා චාතුර්යා මෙනෙවිය පත් කර ඇති අතර, කාර්යාල වේලාවන් තුළදී 0740121846 දුරකතනය අංකය මගින් අවශ්‍ය සහාය සහ තාක්ෂණික තොරතුරු ලබාගත හැකිය.

අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග අංශය මෙන්ම අවුරුදු 100+, 100+ සහ 120+ ඒකාබද්ධ තරග අංශය සමඟ කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල ඇතුළත් විවෘත තරග අංශය ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට ඇතුළත්ය.

තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 17 වැනිදා පැවැත්වෙන අතර, අනතුරුව මූලික වටයේ තරග ඇරැඹෙනු ඇත. දෙසැම්බර් මස 19 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වීමෙන් පසු 16 දෙනාගේ තරග වටය සහ අර්ධ අවසන් පූර්ව තරග වටය පෙළ ගස්වා තිබේ. එම තරග  වටය දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තෝරාගත් අවසන් මහා තරග කිහිපයක් ද එදින පැවැත්වීමට නියමිතය. තෝරාගත් සියලු අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය අවසන් දිනය වන දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වේ.

පසුගිය වසරේ පැවැති 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ දී ඔලිම්පික් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශුරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබූහ. මෙවර තරගාවලියේ සෑම අංශයකම ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන තරගකරුවන්ට කුසලාන,පදක්කම් සහ සහතිකපත් ලබාදෙන අතර,  ජයග්‍රාහකයන් අතර බෙදාදෙන මුදල් ත්‍යාගය රුපියල් මිලියන 2කි. තරගාවලි කමිටුවේ තීරණයකට අනුව කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා වෙනත් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ තරග නීතිරීතිවලට අනුව පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය සපයනු ලැබේ.

 

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව